ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීම සඳහා ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ යන තේමාව යටතේ ප්‍රථම වරට, ජාතික මට්ටමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන, ළමුන් සඳහා වන මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාප්ත කරන ලද දැවැන්ත දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වීමද විශේෂත්වයකි.

සෑම ගමනකදීම දරුවන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වගකීමක් ඇති පාසල් ප්‍රවාහන රථ සේවා රියදුරන්ගේ වටිනාකම සහ දෛනිකව ඔවුන් කරනු ලබන කැපකිරීම් පිළබඳව SLICGL සමාගම වෙත විශාල වැටහීමක් තිබේ. මෙම රියදුරු ප්‍රජාව රටේ දරුවන්ගේ අත්‍යවශ්‍යම භාරකරුවන් පිරිසක් බව හඳුනාගත් SLICGL සමාගම, ලෝක ළමා දිනය දා සියලුම පළාත්වල පිහිටා ඇති තම ශාඛා සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 143 කින් සමන්විත පුළුල් ජාලයේ සිටින සිය ගණනක් වූ තම කණ්ඩායම් සාමාජිකයින්, රට පුරා විසිරී සිටින 8000 කට අධික පාසල් ළමුන් ප්‍රවාහන රථ රියදුරන් සමඟින් සෘජුවම සම්බන්ධ කරනු ලැබිණි.
සමාගමේ ශාඛා කණ්ඩායම් සාමාජිකයින් උදෑසන සිටම සෑම දිස්ත්‍රික්කයකම පාසල් වෑන් රථ නැවැත්වීමේ ස්ථාන සහ පොදු රථ ගාල් වෙත ගොස් අත්‍යවශ්‍ය ආරක්ෂක පිළිවෙත් පිළිබඳව රියදුරන් සමඟ තනි තනිව සම්මුඛ වෙමින් සාකච්ඡා පැවැත්වීය.
ජනමාධ්‍ය ප්‍රචාරණයට වඩා පුද්ගල සහභාගීත්වය හරහා මාර්ග ආරක්ෂණ වගකීම් සහ ළමා ආරක්ෂණ ක්‍රියා පටිපාටීන් පිළිබඳව අර්ථවත් සංවාද ඇති කිරීමට මෙය මහත් පිටුවහලක් විය. ඒ තුළින් සැබවින්ම ජාතික වශයෙන් වැදගත් වූ දැනුම්වත් කිරීමේ වැඩසටහනක ආරම්භය ශක්තිමත් කෙරිණි.
සෑම පාසල් ප්‍රවාහන රථ සේවා රියදුරෙකුම අනුගමනය කළ යුතු ඉතා වැදගත් වූ ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව මේ තුළින් අවධානය යොමු කළේය. ඒ අනුව වේග සීමාවන් අනුගමනය කිරීම, දිනපතා වාහන තත්ත්ව පරීක්ෂාවන් සිදු කිරීම, ළමුන් ආරක්ෂිතව රථයට ගොඩවීමේදී සහ රථයෙන් බැසීමේදී නිසි ක්‍රියා පටිපාටි පවත්වා ගැනීම සහ දරුවන්ගේ මනසට සිත් ඇදගන්නා සුළු වගකීම් සහිත ආදර්ශයන් ලබා දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානයට යොමු විය.
මෙහිදී රිය පැදවීමේදී අනුගනය කළ යුතු ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව කරුණු කාරණා ඇතුළත් දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා හරිමින්, මාර්ග ආරක්ෂාව සහ ළමා ආරක්ෂණය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමට රියදුරන්ට දිනපතා කෙරෙන මතකය අවධි කිරීමක් ලෙස, පාසල් ළමුන් ප්‍රවාහන රථ වාහනවල උපදේශන වදන් සහිත ටැග් සහ ආරක්ෂිත ස්ටිකර් ද අලවන ලදී.
දිවයින පුරා පිහිටි සිය ශාඛා ජාලය හරහා සෘජුවම සම්බන්ධ වීම තුළින්, SLICGL සමාගම පාසල් ළමුන් ප්‍රවාහන රථ රියදුරන් සමඟ තිරසර සබඳතාවයක් ගොඩනඟා ගනිමින් සිටින අතර, එය හුදෙක් එක් දින දැනුම්වත් කිරීමේ වැඩසටහනකට වඩා ඔබ්බට යමින්, ළමා ආරක්ෂණය සහ වගකීම් සහිත රිය පැදවීමේ පිළිවෙත් පිළිබඳව තවදුරටත් වටිනා සංවාදයක් ඇති කරනු ඇත.
දශක හයකට වැඩි විශ්වාසනීය සේවාවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණකරුවා ලෙස, ජීවිත ආරක්ෂා කිරීමට සහ ප්‍රජාවන්ගේ සුරක්ෂිතභාවය ගොඩනැගීම සඳහා වාණිජ ගනුදෙනු ඉක්මවා යමින් ආයතනික වගකීම ඉටු කරනු ලබන සමාගමක් ලෙස SLICGL වෙත ඉහළ පිළිගැනීමක් හිමිව තිබේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා පොලිසිය, පාසල් වෑන් රථ සංගම්, පාසල් ප්‍රවාහන රථ රියදුරන් සහ ප්‍රජා හවුල්කරුවන්ගේ වටිනා දායකත්වය SLICGL සමාගම අගය කරනු ලබයි. රට පුරා දහස් ගණනක් දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ආරක්ෂාකාරීව රථ වාහන පදවමින්, දිනපතා කැපවීමකින් යුතුව කටයුතු කරන පාසල් ප්‍රවාහන රථ රියදුරන් වෙත අපගේ ස්තූතිය පුදකර සිටින්නෙමු.