Eyeview Sri Lanka

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, 2025 වසරේ පළමු මාස නවය තුළ ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය, තිරසර වර්ධනය සහ ස්ථාවරත්වය යළිත් තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම (SLICGL), 2025 වසරේ සැප්තැම්බර් මස 30 වන දායින් අවසන් වූ පසුගිය මාස නවය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල වාර්තාව ප්‍රකාශයට පත් කළේය.  වැඩිදියුණු වූ වෙළඳපොළ තත්ත්වයන් සහ නව පාරිභෝගික විශ්වාසය සමගින්, ශක්තිමත් වර්ධනයක් සහ තිරසර වූ ලාභදායීත්වයක් පෙන්නුම් කරමින් එම වාර්තා ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් විය. 

2025 වසරේ සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා, SLICGL රුපියල් මිලියන 21,853 ක දළ ලිඛිත වාරිකයක් (Gross Written Premium – GWP) වාර්තා කළ අතර එය පසුගිය වසරේ මුල් මාස 09 හා සසඳන විට 18% ක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබීය. පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම, වාහන ආනයනය වැඩි වීම සහ ශක්තිමත් වෙළඳපොළ තත්ත්වය හේතුවෙන් සමාගම රුපියල් මිලියන 257 ක මෙහෙයුම් ලාභයක් සහ රුපියල් මිලියන 2,614 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් අත්කර ගත් අතර එය පසුගිය 2024 වසරේ මුල් මාස 09 හා සසඳන විට 17% ක වර්ධනයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් දැවැන්තම රාජ්‍ය රක්ෂකයා ලෙස රටේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙම කාලය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් රුපියල් බිලියන 0.7 ක බදු රජයට ගෙවා ඇති අතර, රජයේ සුරැකුම්පත් වල රුපියල් බිලියන 11.5 ක ආයෝජන පවත්වා ගෙන ගොස් ඇත. රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට SLICG විසින් ලබා දෙන දායකත්වය මේ තුළින් පිළිඹිබු වේ. එසේම, 2025 වසරේ දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) රුපියල් බිලියන 1.5ක ලාභාංශ ගෙවීමක් භාණ්ඩාගාරයට කර ඇති අතර, එය පෙර වසරට වඩා 17% ක වැඩි ලාභාංශ ගෙවීමක් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLICGL සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙසේ අදහස් පැවසීය. “2025 වසරේ පළමු මාස නවය තුළ අපගේ ප්‍රතිඵල තුළින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි ශක්තිය, ස්ථාවරත්වය සහ උපායමාර්ගික අවධානය මැනවින් පෙන්නුම් කෙරෙනවා. රජය සතු ව්‍යවසායක් ලෙස අප ආර්ථිකයට ද ස්ථාවර වටිනාකමක් ලබා දෙමින්, පුද්ගලයන්, ව්‍යවසායන් සහ ජාතික වත්කම් ආරක්ෂා කිරීමේ වගකීම අපි අඛණ්ඩව ඉටු කරනවා.” 

SLICGL හි කාර්ය සාධනය, ප්‍රදේශ 143 ක් පුරා පිහිටි ශක්තිමත් ශාඛා ජාලය සහ රට පුරා දීපව්‍යාප්තව කැපවීමෙන් සේවාවන් ලබා දෙන අලෙවි නියෝජිතයින් සහ උපදේශකයින් ඇතුළත් කණ්ඩායමක් හරහා, ශක්තිමත් නව ව්‍යාපාර වර්ධනයක් සමඟින් පිරිනමන සමබර සහ ඔරොත්තු දෙන රක්ෂණ ආවරණ එකතුව තුළින් විදහා දැක්වේ.  මෙම පුළුල් බෙදාහැරීමේ පදනම හරහා, සමාගමේ වෙළඳපොළ පැවැත්ම සහ රට පුරා විසිරී සිටින පාරිභෝගිකබවතුන්ට ඒ වෙත ප්‍රවේශවීමේ හැකියාව අඛණ්ඩව ශක්තිමත් කරනු ලබයි.

විශ්වසනීයත්වයෙන් සහ ශක්තිමත් අඛණ්ඩතාවයෙන් යුතුව ජනතාව, දේපළ සහ රටේ ආර්ථික ප්‍රගතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික වශයෙන් වටිනා වූ වගකීමක් සහිත රාජ්‍ය සතු ව්‍යවසායක් ලෙස, SLICGL සමාගම ශ්‍රී ලංකාවේ සුරක්ෂිතභාවය සඳහා ඉදිරි දැක්මක් සහිත ප්‍රමුඛ පෙර ගමන්කරුවෙකු ලෙස කටයුතු කරයි.

SLICGL සමාගම සතු ශක්තිමත් මූලිකාංග සහ කීර්තිය ස්වාධීන පිළිගැනීම් හරහා නැවතත් තහවුරු කර ඇත:

රජය සතු ශක්තිය සහ මිලියන සංඛ්‍යාත රක්ෂණ ඔප්පු හිමියන්ගේ විශ්වාසය ඇතිව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම මූල්‍ය විශිෂ්ටත්වය, ජාතික සේවය සහ සෑම ශ්‍රී ලාංකික නිවසක් සහ ව්‍යවසායක්ම ආරක්ෂා කිරීම සඳහා අධිෂ්ඨානශීලී කැපවීමක් සමගින් අරමුණක් ඇතිව අඛණ්ඩව පෙරමුණ ගෙන කටයුතු කරනු ලබයි.


Share with your friend
Exit mobile version