Eyeview Sri Lanka

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙලේදී  තම අලෙවි වෘත්තිකයින්ගේ ඉහළම කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමයි.

Share with your friend

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්‍රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින් ඇගයීමට ලක් කරනු ලැබීය. Star Awards සම්මාන උළෙල, සමාගමේ විශිෂ්ට කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කරමින්, අලෙවි ප්‍රධාන කාර්ය සාධන දර්ශකය ඉක්මවා ගිය සහ ක්ෂේත්‍රය තුළ ඉහළ දක්ෂතා දැක්වූ ජයග්‍රහකයින් හට ඇගයුම් උපහාර පිරිනැමීම සඳහා නිර්මාණය කෙරෙන දැවැන්ත වේදිකාවකි. ජයග්‍රාහකයින්, සිය අධිෂ්ඨානය, කැපවීම සහ උනන්දුව තුළින්, ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම රක්‍ෂණ සමාගම ලෙස SLICGL සතු උරුමය මෙම සම්මාන උළෙල හරහා තවදුරටත් තහවුරු කර තිබේ. ඔවුන්ගේ උත්සාහයන් සමාගම වෙළඳපොළ තුළ සිටින ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට පමණක් නොව, සමාගම සතු විශිෂ්ට වූ සේවාව සඳහා එහි පිළිගැනීම ශක්තිමත් කිරීමට ද හේතු වී ඇත.

මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රමුඛව එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අනෙකුත් සේවකයින් ද සහභාගී විය. මෙම සම්මාන උළෙල විශිෂ්ටත්වයෙන් පිරි උත්කර්ෂවත් සැමරුමක් වූ අතර, සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වය සඳහා ඇති කැපවීම විදහා දැක්වෙන ඉදිරිපත්කිරීම් ඇතුළු විශේෂ අවස්ථා රැසකින් එය සමන්විත විය. වෘත්තීය අවකාශය තුළ සුවිශේෂී දක්ෂතා දක්වමින් අඛණ්ඩව ඉහළ මට්ටමට ලඟා වූ සහ ඉන් ඔබ්බට තම හැකියාවන් ප්‍රදර්ශනය කළ පුද්ගලයින් හා කණ්ඩායම් අගයමින් විවිධ කාණ්ඩ යටතේ ඔවුන් වෙත ගෞරව සම්මාන ප්‍රධානය කිරීම සම්මාන උළෙලේ විශේෂ අවස්ථාවක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රාජ්‍ය රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා සිය ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. සමාගම ඉහළම දක්ෂතාවන් දක්වන පිරිස් හඳුනාගනිමින්, ඔවුන්ට ත්‍යාග පිරිනැමීම හරහා අලෙවි කණ්ඩායම් දිරිගැන්වීමට කටයුතු කරයි. ඒ තුළින් තම වටිනා පාරිභෝගිකභවතුන් සඳහා උසස් මට්ටමේ සේවාවක් ලබා දීම වෙනුවෙන් සමාගම විසින් දක්වන අඛන්ඩ කැපවීම මෙම සම්මාන උළෙල හරහා මනාව විදහා දැක්වේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සිය ජයග්‍රාහී ගමන් මග අඛන්ඩව පවත්වාගෙන යන අතරම සිය විශිෂ්ටත්වය හා නවෝත්පාදන හැකියාව තුළින් පාරිභෝගිකභවතුන් කේන්ද්‍රකරගත් සංස්කෘතියක් වර්ධනය කිරීමට කැපවී කටයුතු කරයි. සමාගම, නොනැවතී ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සහ ඊට නායකත්වය ලබා දෙමින්, Star Awards සම්මාන උළෙල හරහා තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) පිළිබඳව.

සාමාන්‍ය රක්‍ෂණ සම්බන්ධයෙන් දශක හයකට වැඩි විශේෂඥ දැනුමක් සහිත පළපුරුද්දක් හිමි SLICGL සමාගම, රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම වටිනාකමින් යුත් සන්නමයක් ලෙස සැලකේ. සමාගම, ඉහළ මූල්‍ය ස්ථාවරත්වයක් සහිතව පරිපූර්ණ වූ පුළුල් රක්ෂණ ආවරණ එකතුවක් වෙළඳපොළට හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත්වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. සාමාන්‍ය රක්‍ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වශයෙන් SLICGL, සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවයන්ට වඩාත් හොඳින් ගැලපෙන විසඳුම් සහිත රක්ෂණ ආවරණ බෙදා හැරීම සඳහා එහි දිවයින පුරා ව්‍යාප්තව පවතින ශාඛා ජාලය සමගින් පළපුරුදු අලෙවි කණ්ඩායම් යොදා ගනී. සමාගම විසින් රථ වාහන, ගිනි හා ඉංජිනේරු, සෞඛ්‍ය, සාමාන්‍ය අනතුරු සහ නාවික යන කාණ්ඩ ආවරණය වන පරිදි හඳුන්වාදුන් රක්ෂණ විසඳුම් පිරිනමයි. එම රක්ෂණ ආවරණ විසඳුම් සමාගම විසින් තමන් සතුව පවතින දිවයින පුරා පිහිටි ශාඛා ජාලය සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 200කට වැඩි සංඛ්‍යාවක් හරහා ලබා දේ. රජය සතු පුරෝගාමී සමාගමක් වන SLIC හි සාමාන්‍ය රක්ෂණ අංශය ලෙස SLICGL සමාගම, අනාගතයේදී වේගවත් වර්ධනයක් අත්පත් කර ගනිමින්, තවදුරටත් අඛන්ඩව ශ්‍රී ලාංකීය ජනතාවගේ සුරක්ෂිතභාවය සඳහා වන ප්‍රමුඛතම තේරීම බවට පත්වනු ඇත.


Share with your friend
Exit mobile version