Eyeview Sri Lanka

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා වන  උපාය මාර්ගික සැලසුම එළිදැක්වේ

Share with your friend

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය විසින්, ඓතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකාව, විශ්වාසනීය, ඉහළ තත්ත්වයේ, අපනයනය මත පදනම් වූ ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙසට ඉදිරි අනාගතය තුළදී හැඩගැස්වීම උදෙසා, ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීම සඳහා එක් වන ලෙස සියලුම වගකිවයුතු පාර්ශව කරුවන්ගෙන්  ඉල්ලා සිටී.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින්

ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ කර්මාන්තය, රාජ්‍ය ප්‍රමුඛතාවය ලැබෙන කර්මාන්තයක් (Thrust industry) බවට පරිවර්තනය කිරීමේ තීරණාත්මක පියවරක් තබමින්, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) විසින්, සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව “ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා රැකවරණය, විශ්වාසය, සහ එකමුතුකම සමඟින් ජාතික මට්ටමේ කැඳවීමක් – ” යන තේමාව නිල වශයෙන් එලිදැක්වුනු අතර, ඒ මගින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, ස්වයංව පෝෂණය වන, අපනයනයට සූදානම්, රාජ්‍ය ප්‍රමුඛතාවය ලැබෙන කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම සඳහා, අදාල පාර්ශව කරුවන් සමඟ සංවාදයක් ආරම්භ  කිරීම අරමුණු කරගෙන තිබිණි.

මෙම උත්සවයේ  ප්‍රධානම  අංගයක්වූ යේ, ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමේ  ක්‍රමවේදයන් ගෙන හැර දැක්වූ  නිර්දේශ මාලාවකින් සමන්විත, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ජාතික ප්‍රතිපත්ති යෝජනාවලිය නිල වශයෙන් භාර දීමයි. . ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සහ කාර්මික සංවර්ධනයේ පරිවර්තනීය පරිච්ඡේදයකට අඩිතාලමක් වන මෙම යෝජනාවලිය, ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන් හට මෙහිදී පිරිනැමිණි. එසේම ඒ මගින්, මෙම උත්සවයේ මූලික තේමාව වූ, “ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා  – රැකවරණය, විශ්වාසය, සහ එකමුතුකම සමඟින් – ජාතික මට්ටමේ කැඳවීමක් ” යන්නෙහි හරය  මනාව  පිළිඹිබු කොට ගෙන තිබුණු අතර මෙහි ඉලක්කය වූයේ, මහජන සෞඛ්‍ය අවශ්‍යතාවයන්  සපුරාලන, ඖෂධ  ගුණාත්මකභාවය සහතික කරන, විදේශ විනිමය ඉතිරි කරන, තාක්ෂණික රැකියා නිර්මාණය කරන, අපනයන දිරිගැන්වෙන, එසේම කාර්මික වර්ධනය සමඟ සෞඛ්‍ය ප්‍රමුඛතාවයන් සම්බන්ධ කරන දිගුකාලීන ප්‍රතිපත්ති මගින් බලගැන්වෙන, ශක්තිමත් ඖෂධ කර්මාන්තයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. මෙසේ ශ්‍රී ලංකාව සඳහා ප්‍රබල, ස්වයංපෝෂිත ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් ගොඩනැංවීම සඳහා, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සිට කර්මාන්තකරුවන්ද ක්වා සියලුම පාර්ශව එක් පෙළකට ගෙන ඒම, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ උත්සාහයයි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර මහතා ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා වන උපාය මාර්ගික සැලසුම  එළිදැක්වීමෙන්  අනතුරුව උත්සව සභාව අමතමින්

“අද දිනය අපගේ ගමනේ වැදගත් සංධිස්ථානයක් වනවා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද වසර ගණනාවක් දේශීය නිෂ්පාදකයින් ස්ථිරව, සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙමින්  දෙශීය  අවශ්‍යතාවන් සපුරාලනු ලැබුවා. එසේ වුවත් තවමත් මෙම කර්මාන්ත   අංශය සිය සම්පූර්ණ ශක්‍යතාවය ළඟා කරගෙන නැහැ. නිවැරදි ප්‍රතිපත්ති පවත්වා ගැනීම සහ නියාමන සහාය සමඟින්, ජාතිය සඳහා දීර්ඝ කාලීන ඖෂධ  සැපයීමක් සහතික කරන, සැබෑ රාජ්‍ය ප්‍රමුඛතාවය ලැබෙන කර්මාන්තයක් අපට ගොඩ නැංවිය හැකියි”, යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම උත්සවයේදී, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආචාර්ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූ ඉහළ මට්ටමේ සංවාදයක් ද පැවැත්විණි. 

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිනේෂ් අතපත්තු මහතා පිළිගැනීමේ කථාව සිදුකරමින් 

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ යෝජනාවලිය තුළ ප්‍රබල ප්‍රතිපත්තිමය සහාය, නියාමන රාමු සක්‍රීය කිරීම, ගුණාත්මකභාවය සහ අඛණ්ඩතාව සඳහා කර්මාන්ත අංශයේ කැපවීම, මානව කුසලතා වර්ධනය සහ පර්යේෂණ, සහ සහාය කර්මාන්ත සඳහා ආයෝජනය කිරීම යන පරිවර්තනීය මූලිකාංග පහක් මත ගොඩනගා ඇති පුළුල් ජාතික උපාය මාර්ගයක් ගෙනහැර දක්වයි. 

“මෙය ප්‍රතිපත්තියක් පමණක්ම නොවේ, මෙය අරමුණ සහ වගකීම සම්බන්ධයෙන් වූ දෙයක්. කර්මාන්තයක් ලෙස, අප වගකීම ගන්නා ස්ථානයක සිටිය යුතු යැයි අපි විශ්වාස කරන අතර, එම වගකීම ඉටු කිරීම සඳහා නිවැරදි සහාය අපි අපේක්ෂා කරනවා. උසස් තත්ත්වයේ, නමුත් දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් ලබා දීමට, අපගේ  දක්ෂතාවයන් ‍රටේ රඳවා ගැනීමට සහ අපනයන වර්ධනය කිරීමට අපි පැහැදිලි වැඩපිළිවෙලක්  ඉදිරිපත් කරනවා. මම තරයේ විශ්වාස කරන්නේ තවමත් අපි ප්‍රමාද නැති බවයි. ශ්‍රී ලංකාවට තවමත් මෙම ජාතික මෙහෙවරට උර දෙමින් නැඟී සිටිය හැකි යි”, යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිනේෂ් අතපත්තු පවසන ලදී.

(වමේ සිට) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආචාර්ය ආනන්ද විජේවික්‍රම, කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර යන මහත්වරුන් සංවාදයට එක්ව සිටි අයුරු. වැඩසටහන මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිනේෂ් අතපත්තු මහතා විසිනි. 

1963 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA), වර්තමානය වන විට, ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදකයින් 25 දෙනෙකුගේ නියෝජනයකින් සමන්විත වන අතර, ආනයනය මගින් ආධිපත්‍යය දරණ කර්මාන්ත අංශයක් තුළ වුවත්බ බොහෝ අභියෝග මධ්‍යයේ  ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියට අර්ථවත් දායකත්වයක් ලබා දේ.

ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළඳපොළ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් වන අතර, ඉල්ලුමෙන් 40% ක් රාජ්‍ය ප්‍රසම්පාදනය මගින් සහ 60% ක් පෞද්ගලික අංශය හරහා සපයනු ලැබේ. 

2015 දී හඳුන්වා දුන් ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුමෙන් පසුව, දේශීය නිෂ්පාදකයින්ගෙන් රජය ඖෂධ ප්‍රසම්පාදනය කිරීම 5% ක මට්ටමේ සිට ආසන්න වශයෙන් 30% ක් දක්වා තියුණු ලෙස ඉහළ ගිය අතර, ඒ ඔස්සේ, නවීන නිෂ්පාදන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා පුද්ගලික අංශය විසින් ඩොලර් මිලියන 200 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කිරීම ද සිදු විය. මෙ තුළින් රජයේ සැපයුම්වල පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කළත්, අද වන විට, දේශීය නිෂ්පාදකයින් සපුරාලන්නේ පෞද්ගලික අංශයේ ඉල්ලුමෙන් 5% ක් පමණි. එයින් පෙනී යන්නේ, ප්‍රතිපත්ති වෙනසක් තුළින් ළඟා විය හැකි අති මහත් ශක්‍යතාවයක් තවමත් පවතින බවයි.

රාජ්‍ය අංශයේ දේශීයව නිපදවා සපයන ඖෂධ වල  ප්‍රගතියක් පෙනෙන්නට තිබුණද, ස්ථාවර ප්‍රතිපත්තිමය සහාය නොමැති කම සහ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් කල් ඉකුත් වීමෙන් ඇතිවන අමතර පීඩනය හේතුවෙන්, මෙම කර්මාන්ත අංශය දිනෙන් දින වර්ධනය වන අභියෝගයන්ට මුහුණ දේ. ඒ අනුව, කර්මාන්ත අංශයේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා පැහැදිලි ජාතික උපායමාර්ගයක් ස්ථාපිත කිරීම ඉතා වැදගත් වී තිබේ. ඊට අමතරව, ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතාවයන් සහ ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි ඖෂධ සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමඟ, ඉහත අභියෝගයන්ට මුහුණ දීම සඳහා යම් ආරම්භයක් ගැනීම තීරණාත්මක සාධකයක් වී තිබේ.

වත්මන් යෝජනාවලිය මඟින්, ශ්‍රී ලංකාව, සිය ඖෂධ අවශ්‍යතාවයෙන් 75% ක් දේශීයව නිෂ්පාදනය කරන අනාගතයක් යෝජනා කරන අතර, ඇමරිකානු ඩොලර් බිලියන 1 ක අපනයන කර්මාන්තයක් සඳහා අඩිතාලම දැමීමත්, එලෙසින්ම ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය තුළ ඖෂධවේදීන්, විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ නිෂ්පාදන වෘත්තිකයන් සඳහා සෘජු හා වක්‍ර කුසලතා සහිත රැකියා 10,000 කට වඩා නිර්මාණය කිරීමත් ඉලක්ක කොට ඇත.

මෙම යෝජනාවලියේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා,  ඉලක්ක සහ සම්බන්ධීකරණ ප්‍රතිපත්ති සහාය සහිතව, කාලානුරූපී වැඩ පිළිවෙලක් ස්ථාපිත කිරීම සඳහා, අදාළ වන රජයේ අමාත්‍යාංශ, නියාමන ආයතන, සංවර්ධන ආයතන සහ කර්මාන්ත නියෝජිතයින්ගෙන් සමන්විත බහු පාර්ශ්වීය කාර්ය සාධක බලකායක් ගොඩනැංවිය යුතු බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය යෝජනා කර සිටී. එසේම, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය විසින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ගුණාත්මක ඖෂධ, දැරිය හැකි මිලකට ලබා දීම  සඳහා ප්‍රවේශය ලැබෙන බව සහතික කිරීම සඳහා, පූර්ණ වගවීමෙන් සහ විනිවිදභාවයකින් යුතුව කැපවී සිටින අතර, ශ්‍රී ලංකාව කලාපීය ඖෂධ නිෂ්පාදන ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත කිරීම සඳහාත් සංගමය ඇප කැප වේ.


Share with your friend
Exit mobile version