ස්වභාවධර්මය ඡායාරූපයට නැගීමට දරුවන් යොමුකරවීමේ සාර්ථක උත්සාහයක්

වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ (Wildlife and Nature Protection Society- WNPS) ‘Wild Kids’ වැඩසටහන මඟින් සංවිධානය කරන ලද වනජීවී ඡායාරූප තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වූ, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුමක් වන සෙලාන් ටිකිරි විසින් එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත වටිනා ත්‍යාග පිරිනමන ලදි. මෙම තරගය තුළදී, තම නිවෙස් අසල සිටින විවිධාකාර වූ සතුන් ඡායාරූපයට නඟා තරගයට ඉදිරිපත් කිරීමට දරුදැරියන්ට අවස්ථාව ලැබිණි.
මාස තුනක කාලයක් පැවති මෙම තරගයේ ප්‍රධාන අරමුණ වූයේ, නිවෙස් වලම රැඳී නොසිට එළිමහනට ගොස් ස්වභාවධර්මයට සමීප වීමට දරුදැරියන් දිරිගැන්වීම ය. මෙහිදී දරුදැරියන් විසින් කුරුල්ලන්, සමනලුන්, කටුස්සන් සහ මකුළුවන් ඇතුළු විවිධ සත්ව වර්ග ඡායාරූපයට නඟා තිබෙනු දැකගත හැකි විය. වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් සඳහා විවෘත වූ මෙම තරගයට ඡායාරූප 600 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඇන්ටන් ජූඩ් විනූෂන්, තිමාන්ද්‍රා බර්තොලමියුස්, තෙසන්‍යා කරුණාරත්න සහ සමිරු සන්තුජ රාජපක්ෂ යන දරුදැරියන් තරගයේ සතිපතා ජයග්‍රහණ හිමිකරගත් අතර, සමිරු සන්තුජ රාජපක්ෂ එහි සමස්ත ජයග්‍රාහකයා බවට පත්විය.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ළමා ඉතුරුම් ගිණුමක් වශයෙන් සෙලාන් ටිකිරි සෑම විටම මෙරට දරු පරපුරේ වෙනස් වන රුචිකත්වයන්ට අනුගත වීමට උත්සාහ කරයි. ඡායාරූපකරණය යනු මේ වනවිට දරුදැරියන් බෙහෙවින් උනන්දු වන විනෝදාංශයකි. එම නිසා වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ඡායාරූප තරගයට අනුග්‍රාහකත්වය ලබාදීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.
“දරුවන් තුළ ඉතිරි කිරීම ඇතුළු හොඳ පුරුදු වර්ධනය කරවීමටත්, නිර්මාණශීලී ක්‍රම ඔස්සේ ඔවුන්ගේ විනෝදාංශ හා ආශාවන් දිරිගැන්වීමටත් සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරනවා. වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ නිල අනුග්‍රාහකයා වශයෙන්, එම සංගමය හා එක් වී, දරුවන් ස්වභාවධර්මයට සමීප කරවීම සඳහා ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නැංවීමට අප කටයුතු කළා. මේ වනවිට දරුවන් වැඩි වැඩියෙන් ඡායාරූප ශිල්පය ගැන උනන්දුවක් දක්වන බව පෙනී ගිය නිසා, එම උනන්දුව ස්වභාවධර්මය වෙතද යොමුකරවීම සඳහා අප මෙම ඡායාරූප තරගය සංවිධානය කිරීමට පියවර ගත්තා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගාමික ද සිල්වා මහතා පැවසී ය.
දරුදැරියන් තුළ පරිසරය පිළිබඳ උනන්දුවක් ඇති කරවීම සහ අධ්‍යාපනික හා විනෝදාත්මක ක්‍රියාකාරකම් තුළින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම ඉස්මතු කිරීම යන අරමුණු පෙරදැරිව වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය විසින් ‘Wild Kids’ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.
“ස්වභාවධර්මයට හා සත්ව ලෝකයට සමීප වීම යනු දුර ඈත ප්‍රදේශ වලට හෝ වනාන්තර තුළට ගොස් දුර්ලභ ශාක හෝ සත්ව වර්ග සෙවීම පමණක් නොවෙයි. අපගේ නිවෙස් අසලදීම පවා අපට සවභාවධර්මයේ අසිරිය මුණගැසෙනවා. අපට හොඳ නිරීක්ෂණ හැකියාවක් තිබෙනවා නම්, එම අසිරිය ඡායාරූපයට නැගීමට පුළුවන්. ‘Wild Kids’ ව්‍යාපෘතිය තුළින් අප උත්සාහ කරන්නේ, දරුවන් තුළ ස්වභාවධර්මය පිළිබඳ උනන්දුව ඇතිකරවන විනෝදාංශ හා ආශාවන් තවදුරටත් දිරිමත් කිරීමටයි.” වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න මහතා පැවසී ය.
අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකරවන අතරම, දරුවන්ගේ ආශාවන් හඳුනා ගනිමින්, ඔවුන්ගේ හැකියාවන් පුබුදු කරන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සෙලාන් ටිකිරි සෑම විටම කටයුතු කරයි. මෙම අරමුණ වෙනුවෙන් මේ දක්වා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාකාර වූ තරග, වැඩමුළු සහ උත්සව සංවිධානය කර ඇති අතර, විවිධාකාර වූ හවුල්කාරීත්වයන්ද ඇතිකරගෙන තිබේ.
සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කිරීමට හෝ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට, සෙලාන් බැංකුවේ නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන්, www.seylan.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් එම තොරතුරු ලබාගත හැකි වේ.
සෙලාන් බැංකුව පිළිබඳව
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය පිළිබඳව
වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ ඉතිහාසය, මෙරට වනජීවීන් හා ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ මෙහෙවරෙහි ඉතිහාසය තරමටම ඈතට දිවයයි. වසර 129 ක උරුමයක් ඇති වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය, ලොව එම වර්ගයේ තෙවැනි පැරණිතම රාජ්‍ය නොවන සංවිධානය ලෙස සැලකේ. එමෙන්ම එම සංගමය මෙරට විල්පත්තු සහ යාල ජාතික උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය.