Eyeview Sri Lanka

සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

Share with your friend

Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි

විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි  “Hack for Social Impact”  අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකේය සමාගම බවට පත් වීමේ භාග්‍යය උදාකර ගැනීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. රටවල් 85ක තරඟකරුවන් 73,000කට වැඩි පිරිසක් මෙම තරඟය සඳහා එක්විය. එහිදී සමාජ බලපෑම වෙනුවෙන් වූ සුවිශේෂීිඨකමජ-ඨම්රා’ සංකල්පය ඉදිරිපත් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිගැනීමට ලක් විය.

පෞද්ගලික අනුග්‍රහයක් යටතේ පවත්වන ලොව විශාලතම Hackathon තරඟය ලෙස 2024 2024 Microsoft Global Hackathon සඳහා ප්‍රධාන තාක්ෂණික නිලධාරී කෙවින් ස්කොට්ගේ අනුග්‍රාහකත්වය හිමි විය. ඒ සඳහා ලොව ප්‍රසිද්ධ සංවිධාන, තාක්ෂණික දැවැන්තයින්, බහුජාතික සමාගම්, අලුතින් ආරම්භ කළ සමාගම් හා කර්මාන්ත විශිෂ්ටයින් රැසක් සහභාගී වේ. මෙම සමාගම් විසින් කෘතිම බුද්ධිය, දත්ත විශ්ලේෂණය, බ්ලොක්චේන් හා මෘදුකාංග සංවර්ධනය වැනි ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ දැනුම භාවිත කරමින් අධ්‍යාපනය සහ වගකිවයුතු කෘත්‍රිම බුද්ධියේ සිට ප්‍රවාහන, සෞඛ්‍ය ආරක්ෂණ හා විවිධත්වය සහ සමානාත්මතාව දක්වා වූ අදහස් නිර්මාණය, නවෝත්පාදනය සිදු කරනු ලබයි. සමාජ බලපෑම් ක්ෂේත්‍රයේ  අත්දැකීම්වලින් පරිපූර්ණ තාක්ෂණික නවෝත්පාදකයින් හා විශිෂ්ටයින් සමඟ තරඟ කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් කළ අදහස මෙහිදී සුවිශේෂී පිළිගැනීමකට ලක් විය. 

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි සභාපති අශෝක් පතිරගේ මහතා “නව්‍යකරණය යනු ඉදිරියෙන් සිටීම පමණක් නොව වෙනසක් ඇති කිරීම බව සොෆ්ට්ලොජික් ලයිෆ් ලෙස අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. අර්ථවත් සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට අප දක්වන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස 2024 Microsoft Global Hackathon හි පළමු පස් දෙනා අතරට ශ්‍රේණිගත කිරීම පෙන්වා දිය හැකියි. අපගේ සෑම කටයුත්තකදී මෙන්ම අපගේ අරමුණ තුළින්ද පැහැදිලි වන්නේ මිනිස් ජීවිතයන්හි වෙනසක් ඇති කිරීම සඳහා අති නවීන විසඳුම් හා සමාජ අභියෝගයන් වෙනුවෙන් අප සතු දැක්මයි. අපට අනුව රක්ෂණ සේවාවක් ලබා දීම අපගේ ආදායම් ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම පමණක් නෙවෙයි. බෙදාහැරීම, තාක්ෂණය හෝ නිෂ්පාදන නව්‍යකරණය වැනි දේ තුළින් රක්ෂණයක් අවැසි අයට අවශ්‍ය සේවාවන් ලබා දීමට අවස්ථාවක් සලසා ගැනීමයි.  මෙම දැක්ම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම වෙනුවෙන් රක්ෂණ සේවාවන් සපයන ජීවිත රක්ෂණ සමාගම බවට පත් වීමට අපට හැකිවී තිබෙනවා. තමන්ගේ රට වෙනුවෙන් බොහෝ දේ සිදු කළ හැකි බව පෙන්වා දුන් ගෝලීය තරඟයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත් අපගේ කණ්ඩායම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා. අප විසින් එහිදී ඉදිරිපත් කළ සංකල්පය හෙට දවසේදී යථාර්තයක් බවට පත් වන තෙක් උනන්දුවෙන් බලා සිටින අපි ඒ තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් හරවත් බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්වාස කරනවා” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම ජයග්‍රහණය තව දුරටත් ඉදිරියට ගෙන යමින් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණශීලී හා නව්‍ය අදහස යථාර්තයක් බවට පත් කිරීම සඳහා සිය සහයෝගය ලබා දීමට Microsoft Sri Lanka කටයුතු කිරීමද විශේෂත්වකි. එම සහයෝගීතාව තුළින් ව්‍යාපෘතියේ වැදගත්කම හා සමාජ අවශ්‍යතා සපුරාලීමේදී තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව මනාව ප්‍රදර්ශනය කරනු ලබයි. සමාජය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමේ නව්‍යකරණ හැකියාව ඉස්මතු කරන මෙය බලපෑම් සහගත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී හවුල්කාරීත්වයේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.

මෙහිදී අදහස් දැක්වූ Microsoft Sri Lanka හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කළමනාකාර Harsha Randeny මහතා සඳහන් කර සිටියේ “ සොෆ්ට්ලොජික් ලයිෆ් ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළ මෙන්ම ඉන් පිටතදීත් නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම හා  වෙළෙඳපොල තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන බව අපි දැක තිබෙනවා. නව තාක්ෂණය තුළින් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක සෞඛ්‍ය සේවා බලපෑමක් ඇති කිරීමට ඔවුන්ගේ නොසැලෙන කැපවීම මෙම පිළිගැනීම තුළින් මනාව පිළිබිඹු වනවා. Microsoft Global Hackathon executive challenge හි බොහෝ ඉදිරිපත් කිරීම් අතර සොෆ්ට්ලොජික් ව්‍යාපෘතිය කැපී පෙනුන අතර ඒ තුලින් කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සඳහා වන ඔවුන්ගේ කැපවීමද ඉස්මතු කිරීමට සමත් වුණා. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු අවස්ථාව වන මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් කළ සුවිශේෂී විසඳුම් පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙනි.

වසර ගණනාවක් පුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක් සිදු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ඒ තුළින් රක්ෂණ ක්ෂේත්‍රයේ මෙන්ම ලෝකයේ හොඳම විසඳුම් මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කර ඇත. එක් දිනයක සිට මිනිත්තුවක් දක්වා රෝහල් කිරීමේ හිමිකම් පියවීම, පූර්ණ ඩිජිටල්කරණ විකුණුම් වේදිකාව, ස්වයංක්‍රීය රක්ෂණ ඔප්පු නිකුත් කිරීම හා ජංගම දුරකතන පදනම් කරගත් නවෝත්පාදන සේවාවන් ඊට ඇතුළත් වේ. නව්‍යකරණ ඉදිරිපත් කිරීම් තුළින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් පරිවර්තනීය ඩිජිටල් වැඩසටහන් හරහා පාරිභෝගික ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. මෑත කාලයේදී සොෆ්ට්ලොජික් විසින් අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI මඟින් බල ගැන්වෙන හිමිකම් පියවීමේ සේවාව තුළින් පිළිබිඹු වන්නේ අසමසම පාරිභෝගික පහසුවක් වෙනුවෙන් ඔවුන් සතු කැපවීමයි. නවීන AI තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම වෙනුවෙන් රක්ෂණ සේවා සපයන සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්යක්ෂම සේවාව, මෙහෙයුම් කාර්ය සාධනය, පාරිභෝගික තෘප්තිය හා සමස්ත පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි.


Share with your friend
Exit mobile version