Site icon Eyeview Sri Lanka

සෝයා බෝංචි මඟින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

Share with your friend

සෝයා ප්‍රෝටීන් යනු සෝයා බෝංචි වල දක්නට ලැබෙන ප්‍රෝටීනයක් වන අතර සත්ව ප්‍රෝටීන් වෙනුවට ද එය භාවිතා කරයි. සෝයා බෝංචි රනිල කුලයට අයත් වන නමුත් ආහාරයට ගත හැකි සියලුම රනිල බෝග වලට වඩා  ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහ මේද ප්‍රමාණයක් සෝයා බෝංචි වල අඩංගු වෙයි. එය ශාකමය ආහාරයක් නිසා කොලෙස්ටරෝල් නොමැති අතර සංතෘප්ත මේදය ද අවම බැවින් සෞඛ්‍යයට වඩාත් හිතකර වේ. 1 වෙනි වගුවේ දැක්වෙන්නේ සෝයා වල ප්‍රධාන පෝෂක සංයුතියයි. සෝයා බෝංචි වල ප්‍රධානතම වාසිය නම් සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එහි අඩංගු වීමයි. මෑත කාලීනව පාරිභෝගිකයින්, පර්යේෂකයින් සහ මාධ්‍ය ද සෝයා ප්‍රෝටීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. තවද, සෝයා ප්‍රෝටීන් වල දිරවීමේ හැකියාව 95% ට වඩා වැඩි වන අතර එය හරක් මස් වලටත් වඩා වැඩිය.

රූප සටහන 1 හි පෙන්වා ඇති පරිදි ටීවීපී, ටෝෆු, සෝයා කිරි වැනි ආහාර නිෂ්පාදන බොහෝමයකම සෝයා ප්‍රෝටීන් අංඩගුව තිබේ, පෝෂණවේදීන් සොයාගෙන ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගතකරන නිර්මාංශ පුද්ගලයින් මස්, මාළු අනුභව නොකළ නමුත් නිර්මාංශික නොවන සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සෝයා ආහාර පරිභෝජනය කිරීමට වැඩි යොමුවීමක් ඇති බවයි. සෝයා බෝංචි යනු ප්‍රමිතිගත ප්‍රෝටීන් තන්තු, යකඩ, කැල්සියම්, සින්ක් සහ බී විටමින් ලබා දෙන ආහාරයකි. ගර්භණී සමයේදී සහ දරුවාට මවු කිරි දෙන අවදියේදී සෝයා ප්‍රෝටීන් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සදහා වඩාත් උපකාරී වෙයි. සාමාන්‍ය කිරි වලට අකමැති කාන්තාවන් සඳහා ද සෝයා කිරි හොද විකල්පයකි. සත්ව ප්‍රෝටීන් වෙනුවට සෝයා ප්‍රෝටීන් පරිභෝජනය කිරීමෙන් පූර්ණ කොලෙස්ටරෝල්, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන ^LDL& සහ ට්‍රයිගයිල්සරයිඩ වල රුධිර සාන්ද්‍රණය අඩු කරන බව සොයාගෙන ඇත.

මෑතකදී සොයා ගත් කරුණු වලින් පෙන්නුම් කෙරෙන්නේ සෝයා වල ඉතා වැදගත් කාබනික සංයෝග වන ෆයිටොඊස්ට්‍රොජන් ^ phytoestrogens & අඩංගු වන ඒවා හෝමෝනමය බලපෑම් ඇති කරන බවයි. අයිසොෆ්ලැවෝන්ස් ^ Isoflavones & යනු සෝයා නිෂ්පාදන වල දක්නට ලැබෙන ෆයිටොඊස්ට්‍රොජන් ^ phytoestrogens & වන අතර ඒවා  එස්ටජන් ප්‍රතිග්‍රාහක සමඟ බන්ධනය වී LDL කොලෙස්ටරෝල් අඩු කිරීම සහ වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන ^ lipoproteins & වැඩි කිරීම, වාසෝමෝටර් ^ vasomotor & ස්භාවය වෙනස් වීම සහ ධමනි බිත්ති ක්‍රියාකාරිත්වය කෙරෙහි යහපත් බලපෑම් ඇති කරයි. හෘදයාබාධ වැනි බෝ නොවන රෝග වැළැක්වීමේදී මෙය ඉතා වැදගත් වේ. 1999 දී එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය අධිකාරිය ^ FDA& සායනිකව සිදුකල අත්හදා බැලීම් තුළින් සෝයා නිෂ්පාදන පරිභෝජනය මඟින් කිරීටක හෘද රෝග අවදානම අඩු කිරීම පිළිබඳව සනාථ කරන ලදි. මෙම ෆයිටොඊස්ට්‍රොජන් ^ phytoestrogens &බඩවැලේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරයි. රුධිර කොලෙස්ටරෝල් අධික පුද්ගලයින්ට මෙම සංයෝග වලින් විශාල වාසියක් ලැබෙන බව පෙනී යයි.

ඉහතින් සඳහන් කළ ප්‍රතිලාභ ලබා ගැනීමට නම් පුද්ගලයෙකුට දිනකට සෝයා ප්‍රෝටීන් ග්‍රෑම් 25 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුය. ටෝෆු කෝප්ප 11⁄4  ක්, සෝයා කිරි කෝප්ප 1-2 ක් හෝ සෝයා පිටි ග්‍රෑම් 28 ක් සෝයා ප්‍රෝටීන් ග්‍රෑම් විසිපහකට සමාන වේ. යම් ආහාරයක සෝයා අන්තර්ගතය තහවුරු කර ගැනීම සඳහා ආහාර ලේබල් කියවීමට පුද්ගලයින් දිරිමත් කල යුතුය. සාමාන්‍යයෙන් සෝයා හෝ සෝයා නිෂ්පාදන පරිභෝජනය කිරීමේ දී ලැබෙන අයිසොෆ්ලෝවන් ^ Isoflavones & හි සෞඛ්‍ය ප්‍රතිලාභ සහ ආරක්ෂාව ගැන එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය අධිකාරිය ^ FDA & මඟින් තහවුරු කර ඇත. රුධිරයේ ග්ලූකෝස් වල ලිපිඩ මට්ටම ඉහළ යාම පාලනය කිරීමට සහ ශරීරයේ බර අඩු කිරීමට සෝයා ප්‍රෝටීන් දායක වන බව මෑත කාලීන අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇත. තවද, ඉතා සිත්ගන්නා කරුණ නම් එය රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සහ ලිපිඩ මට්ටම පවත්වා ගැනීම සඳහා පුද්ගලයෙකුගේ ඉන්සියුලින් මට්ටම ඉහළ නැංවීමයි. තරබාරුව සහ රුධිරයේ සීනි පාලනය කිරීමේදී මෙම කරුණු දියවැඩියාව නොමැති සහ දියවැඩියා රෝගීන් සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.

පිළිකා වැළැක්වීමේ හැකියාව

පුද්ගලයෙකු මාංශමය ආහාර වෙනුවට ශාකමය ලබා ගන්නේ නම් ඔහුට හෝ ඇයට පිළිකාවෙන් ස්වාභාවික ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. ජෙනිස්ටීන් ^ Genistein &, සෝයා වල දක්නට ලැබෙන ෆයිටෝ රසායනික ද්‍රව්‍ය ^ Phytochemicals & වලින් එකක් වන අතර එමඟින් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය. මේ කාලයේ දී පියයුරු පිළිකා මෙන්ම පුරස්ථ ග්‍රන්ථි පිළිකාව වැළැක්වීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වී ඇත. ජෙනිස්ටීන් ^ Genistein & මඟින් රුධිර නාල අවහිර වීම සහ පිළිකා වර්ධනය වළක්වයි. දිනකට සෝයා කිරි කෝප්ප 1 ක් සහ දිනකට දෙවරක් ටෝෆු කෝප්පයක් හෝ සෝයා බෝංචි කෝප්පයක් බැගින් ගැනීම පිළිකා වැළැක්වීම සඳහා වඩාත් ඉවහල් වන බව පැහැදිලිව පෙන්වා දී ඇත.

කාන්තාවන්ගේ ආර්තවහරණයේ දී ඇතිවන රෝග වැළැක්වීම 

සෝයා ප්‍රෝටීන් කෘතීම ඊස්ටජන් ලෙස ක්‍රියා කිරීමෙන් ආර්තවහරණයෙන් පසු මැදි වයසේදී බහුලව දක්නට අස්ථි බිඳීමෙන් සහ හදවත් රෝග වලින් කාන්තාවන් ආරක්ෂා කිරීමට ඉවහල් වන ආකාරය ගැන සලකා බැලීම  සඳහා දැනට ෆයිටොඊස්ට්‍රජන් ^ phytoestrogens&  පර්යේෂණ සිදුකරමින් පවතී. සෝයා ප්‍රෝටීන් ඔසප් වීමෙන් පසු කාන්තාවන්ගේ අස්ථි හා කැල්සියම් සමතුලිතතාවයට ධනාත්මක ලෙස බලපාන බව සොයාගෙන ඇත. ආර්තවහරණයෙන් පසු හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබා නොගත් කාන්තාවන්ට මෙය විශේෂයෙන් වැදගත් වෙයි. තවමත් ඔසප් වීමේ සිටින තරුණ සෞඛ්‍ය සම්පන්න කාන්තාවන් තුළ මෙම ප්‍රතිඵල දක්නට නොලැබෙයි. එයින් ඇඟවෙන්නේ නිරෝගී තරුණියන්ට මෙම ෆයිටොඊස්ට්‍රජන් ^ phytoestrogens& මඟින් අනවශ්‍ය බලපෑමක් සිදු නොවන බවයි.

 නිර්මාංශ පුද්ගලයින් සඳහා සෝයා වල ප්‍රයෝජන

නිර්මාංශිකයින් යනු විවිධ හේතුන් මත බිත්තර, කිරි සහ චීස් ඇතුළු කිසිදු සත්වමය නිෂ්පාදනයක් ආහාරයට නොගන්නා පුද්ගලයින් වේ. විටමින් ඊ12 අඩංගු වන්නේ සත්ව නිෂ්පාදන වල පමණක් වන අතර එම නිසා නිර්මාංශිකයින්ගේ ආහාර වේලෙහි එය අඩංගු නොවිය හැකිය. පැසවන ලද සෝයා නිෂ්පාදන භාවිතය මෙම අත්‍යවශ්‍ය විටමින් ලබා ගැනීම සඳහා එක් විකල්පයක් වන අතර යෝගට්, මුදවපු කිරි භාවිතය අනෙක් විකල්පයයි.


Share with your friend
Exit mobile version