Eyeview Sri Lanka

සෞඛ්‍ය සම්පන්න කුකුළුමස් නිෂ්පාදනයක් : නිව් ඇන්තනීස් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් කර්මාන්තයට අභියෝගයක්

Share with your friend

ප්‍රශ්නය: නිව් ඇන්තනීස් සමූහය, ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය අභියෝගයට ලක්කරමින් නව ප්‍රමිතීන් කර්මාන්තයට හඳුන්වාදෙමින් තිබෙනවා. දැඩි විශ්වාසයකින් යුතුව මෙවැනි නව ප්‍රමිතීන් හඳුන්වාදීමේ හැකියාවක් නිව් ඇන්තනීස් සමූහයට ලැබුණේ කොහොමද?

නීල් සුරවීර: ඊට ප්‍රධානම හේතුව අපි එම ප්‍රමිතීන් තහවුරු කරතිබීමයි. අපගේ ආහාර සැකසීම් වෙනුවෙන් FSSC 22000 තත්ත්ව සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම මාංශ ආහාර නිෂ්පාදකයා අප සමාගමයි. ඒ අවස්ථාව වෙද්දී ගෝලීය ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් අනුගමනය කිරීමට කිසිදු ශ්‍රී ලාංකික සමාගමක් ඉදිරිපත්ව තිබුණේ නැහැ. අපට පසු වෙනත් සමාගම් එම ප්‍රමිතීන් අනුගමනය කරන්න පෙළඹුණා. ඇත්තෙන්ම එහි විශේෂත්වය පළමුවැනියා වීම නොවේ. ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා ලීමට ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන සමාගම්වලටත් හැකි බව පෙන්වා දීම තමයි එහි වැදගත්කම. ඒ සමඟ සෙසු සමාගම්වලටත් තවදුරටත් ගෝලීය ප්‍රමිතීන් නොසළකා හැරීමට බැරි තත්ත්වයක් උදාවුණා. 

මීට අමතරව අපගේ සියලු ව්‍යාපාර මෙහෙයුම් කාබන් විමෝචන කළමනාකරණය වෙනුවෙන් ලබාදෙන ISO 14064-1 තත්ත්ව සහතිකයත් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම අපි නිෂ්පාදනය කරන හරිතහරි කුකුළුමස් නිෂ්පාදන පෙළ සියයට සියයක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කෙරෙන බව ස්වාධීන සහ විශ්ව විද්‍යාල පර්යේෂණ මගින් තහවුරුකර තිබෙනවා. මේ කිසිවක් අලෙවිකරණ හෝ ප්‍රචාරණ කාරණා නොවේ. ඒවා විද්‍යාත්මකව සහ ස්වාධීන ආයතන මගින් සනාථ කළ කරුණු. 

ප්‍රශ්නය: මාංශ ආහාර නිෂ්පාදන සමාගම් බොහෝමයක් තමන්ගේ කුකුළු මස් නිෂ්පාදන ‘සුරක්ෂිත‘ බව ප්‍රකාශ කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද? 

නීල් සුරවීර: සුරක්ෂිත යැයි කියන්නේ හුදෙක් වචනයක් පමණයි. එය ප්‍රමිතියක් බවට පත්වන්නේ සත්‍යාපනය කරතිබීම තුළිනුයි. සත්‍යාපනය නොකළ ප්‍රකාශ විශ්වාස කිරීමට පාරිභෝගිකයින් පෙළඹුණු කාලය දැන් අවසන්. අද, අපේ විශ්වසනීයත්වය ආරක්ෂා කරන්නේ අපි නෙවෙයි. ස්වාධීන පරීක්ෂාවට ඔරොත්තු දෙන පද්ධති ගොඩනඟාගැනීම එහි රහසයි. එනිසා වෙනස පැහැදිලියි: නිව් ඇන්තනීස් සමාගම හුදෙක් ප්‍රකාශවලට පමණක් සීමා වී තිබුණු විශ්වාසනීයත්වය සාක්ෂි ඉදිරිපත් කිරීම තුළින් ශක්තිමත් කරගෙන තිබෙනවා. එවන් පසුබිමක හැම සමාගමක්ම සහතික ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි, රසායනාගාර වාර්තා නිකුත් නොකරන්නේ ඇයි කියලා පාරිභෝගිකයින්ට දැන් දැනගන්න අවශ්‍යයි. ඒ පීඩනය එන්නේ අපෙන් නෙවෙයි, වෙළඳපොළෙ තුළින්මයි.

ප්‍රමිතීන් පවතින්නේ කඩදාසි මත නොවේ. ඒවා ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක විය යුතුයි. මේ සෑම සහතිකයක් සහ විගණනයක් පිටුපසම තමන් කරන දෑ හරියට නිවැරදිව කිරීමට උත්සාහ කරන ගොවීන්, පශු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයක් සිටිනවා. සමාගමේ සෑම මට්ටමකින්ම වගවීමට බැඳී සිටින ආකාරයේ පුහුණුවක්, සුභසාධනයක් සහ සංස්කෘතියක් වෙනුවෙන් අපි ආයෝජනය කර තිබෙනවා. මෙම ජයග්‍රහණ වචනවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ඔවුන් සියලු දෙනාගේ දායකත්වයෙනුයි. 

ප්‍රශ්නය: FSSC 22000 වැනි තත්ත්ව සහතිකවලින් පාරිභෝගිකයින්ට ඇති ප්‍රයෝජනය කුමක්ද? 

නීල් සුරවීර: තත්ත්ව සහතිකයක් කියන්නේ කඩදාසියකට සීමා වූ දෙයක් නොවේ. එය වගවීම පිළිබඳ සහතිකයක්. FSSC 22000 තත්ත්ව සහතිකය මගින් අපේ මාංශ ආහාර සැකසුම් සහ සෙසු සැකසුම් අංශ උපරිම ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුකූල බවත්, ඒවා ජාත්‍යන්තර ස්වාධීන ආයතන හරහා විගණනයට ලක්වෙන බවත් සහතික කෙරෙනවා. 

ඉන් පාරිභෝගිකයින්ට ලැබෙන ප්‍රයෝජනය තමයි විශ්වාසය. යම් පාරිභෝගික පවුලක් හරිතහරි කුකුළුමස් නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී, ඔවුන්ට අප සමාගම විසින් ලබාදෙන සුරක්ෂිතභාවයේ පොරොන්දුවට අමතරව, ඒ පිළිබඳ ගෝලීය මට්ටමේ සහතිකයකුත් හිමිවෙනවා. ඒ වගේම දැනට වෙළෙඳපොළේ ඇති එකම ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළුමස් ලබාගැනීමේ හැකියාවත් පාරිභෝගිකයින්ට හිමිවෙනවා. 

මෙම ක්‍රියාවලියේදී අපට විශ්ව විද්‍යාල, සහතිකකරණ ආයතන, නියාමන ආයතන මෙන්ම පාරිභෝගිකයිනුත් ඉතාම වැදගත්. ස්වාධීන පරීක්ෂණවලට අවස්ථාව ලබාදීම සහ විශ්වසනීය ව්‍යාපාර හවුල්කරුවන් සමඟ එක්වීම තුළින් මෙම වගවීම වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අපට හැකිවී තිබෙනවා. 

ප්‍රශ්නය: ඔබ තිරසරභාවය ගැනත් මීට පෙර අවධාරණය කළා. ඒ ගැන තවදුරත් විස්තර කළොත්… 

නීල් සුරවීර: සෞඛ්‍ය සම්පන්න මාංශ ආහාර කියන්නේ ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර පමණක්ම නොවෙයි. සමස්ත සැපයුම් සහ නිෂ්පාදන දාමය තුළම වගවීමකින් කටයුතු කිරීම ඊට අදාළයි. වෙනත් අයුරකින් පැවසුවොත්, අපි ගොවිපොළ සතුන්ට පවා ලබාදෙන්නේ විනිවිදභාවයකින් යුතුව තිරසර ලෙස සපයාගත් ආහාරයි. අපේ ගොවිපොළ තුළ කාබන් විමෝචනය අවම කිරීමටත් අපි දැඩි ලෙස කැපවී සිටිනවා. මෙම කාබන් විමෝචන කළමනාකරණය අපේ සමාජ වගවීම් ව්‍යාපෘතිවලට ලඝු නොකර එය අපගේ සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්කර තිබෙනවා.  

ආහාර සුරක්ෂිතතාව සහ තිරසරභාවය පිළිබඳ ගෝලීය ප්‍රමිතීන් ඉහළ යන අවස්ථාවක පසුගාමී වීමේ හැකියාවක් අපට නැහැ. මෙරට තුළත් ජාත්‍යන්තර ප්‍රමිතීන් ක්‍රියාවට නැංවීම තුළ ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයට, ගෝලීය වශයෙන් තරගකිරීමට පමණක් නොව පුරෝගාමී ගමනක නියැළීමට ඇති හැකියාවත් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම විදෙස් පාරිභෝගිකයින් අප වෙත ආකර්ෂණය කරගැනීමට නම්, ප්‍රචාරක වැකිවලින් ඔබ්බට ගොස් විද්‍යාත්මක සාධක ඔප්පු කිරීම වැදගත්. 

වර්තමානයේ පාරිභෝගිකයින් තමන් ආහාරයට ගන්නා දේ, නිෂ්පාදනය කෙරෙන ආකාරය ගැනත් ඉතා සැළකිලිමත්. මුල සිටම තිරසරභාවයට මුල් තැනක් ලබාදීමට අපි කටයුතු කළේ එනිසායි. එය අපට තෝරාගැනීමක් නොවෙයි, එය අපේ ව්‍යාපාරයේ මූලිකාංගයක්. 

ප්‍රශ්නය: ඉහළ කාර්යක්ෂමතාවක් වෙනුවෙන් ප්‍රතිජීවක භාවිතකළ යුතු බව ඇතැම් සමාගම් ප්‍රකාශ කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද? 

නීල් සුරවීර: එය කාර්යක්ෂමතාව නොවෙයි. ප්‍රතිජීවක මත යැපීමක්. එමගින් මහජන සෞඛ්‍යයට ඇතිකරන බලපෑම විශාලයි. අපි ඒ වෙනුවට ජීව ආරක්ෂණ පද්ධති, සත්ත්ව සුබසාධනය සහ පාරිසරික වගවීම ඇතුළත් දුෂ්කර මාර්ගය තෝරාගෙන තිබෙනවා.  

අපි තෝරාගත් මාර්ගය වෙනුවෙන් වැඩි ආයෝජනයක්, වැඩි විනයක් අවශ්‍ය වගේම වැඩි සැළකිලිමත්භාවයකුත් තිබීම වැදගත්. අවසානයේදී අපේ මාංශ නිෂ්පාදන මගින් ජනතාවගේ සෞඛ්‍යයට බලපෑමක් නොවන බව සහතික කෙරෙනවා. අඛණ්ඩ ලෙස ප්‍රතිජීවක ලබාදීම තුළින් මහජනතාව තුළ ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් ඇතිකරනවා. එය අන් කිසිවකට වඩා විශාල මහජන සෞඛ්‍ය අවදානමක් මතුකරනවා. අපි කිසිවිටෙකත් අපේ පාරිභෝගිකයින් එවැනි අවදානමකට ඇදදමන්නේ නැහැ. 

ලෝකය පුරාම දැන් වඩාත් සෞඛ්‍යසම්පන්න, සුරක්ෂිත සහ තිරසර මාංශ ආහාර සඳහා ඇති ඉල්ලුම වැඩිවෙනවා. කුකුළුමස්, ශාකමය ආහාර හෝ දෙමුහුන් ආහාර ආදී සියලු අංශවල විනිවිදභාවය සහ වගවීම පාරිභෝගිකයින් අපේක්ෂා කරනවා. අනාගත පරම්පරාවට සෞඛ්‍ය සම්පන්න මාංශ ආහාර ලබාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට නිව් ඇන්තනීස් සමූහය සූදානම්! 

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයට ඔබ ලබාදෙන පණිවුඩය කුමක්ද? 

නීල් සුරවීර: නිව් ඇන්තනීස් සමූහය ඉහත සඳහන් කළ සියලු දේ සහතික, විගණන, රසායනාගාර විගණන, වාර්තා මගින් සනාථකර තිබෙන නිසා, අපේ ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව පිළිබඳ කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ටත් අපේ මට්ටමට පැමිණිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය ඔවුන් අපට යොමුකරනවා. අපි නිසැකවම කර්මාන්තයේ ප්‍රමිති මට්ටම ඉහළට ඔසවා තිබෙනවා. එනිසා අනෙක් ආයතනත් එම ප්‍රමිතීන්ට ළඟාවිය හැකි ආකාරය සොයමින් සිටිනවා.  

එය ඇත්තෙන්ම හොඳ තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය නිහඬතාවයෙන් හෝ අලංකාර ප්‍රචාරණ වැකිවලින් වැසී තිබිය යුතු නැහැ. එය ප්‍රමිතීන් මත ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අන් ආයතනවලටත් ආදර්ශමත්වන නායකත්ව වැඩපිළිවෙළක් අපි අනුගමනය කරනවා. 

ශ්‍රී ලංකාවට රටත් ලෙස මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත්, අපනයන වර්ධනය කරගැනීමටත් අවශ්‍ය නම් එවැනි වගකීම් සහගත ක්‍රියාවලීන් ඇගයිය යුතුයි. ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන නිෂ්පාදකයින් ඇගයිය යුතුයි. එමගින් කෙටි මාර්ග භාවිත කරන ප්‍රමිතීන් නොසළකා හරින නිෂ්පාදකයින් අභියෝගයට ලක්වෙනවා. එමගින් සමස්ත කර්මාන්තයම ප්‍රතිලාභ ලබනු අනිවාර්යයි. 

ප්‍රශ්නය: පාරිභෝගිකයින්ට මේ වෙනස දකින්නට සලස්වන්නේ කෙසේද? 

නීල් සුරවීර: මෙම වෙනසෙහි සැබෑම ගාමක බලවේගය තමයි පාරිභෝගිකයින්. හරිතහරි කුකුළුමස් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම ඔවුන් සමාජයට පණිවුඩයක් ලබාදෙනවා. අඩු ප්‍රමිතියේ නිෂ්පාදන අපට අවශ්‍ය නොමැති බවට ඔවුන් පණිවුඩයක් ලබාදෙනවා. ප්‍රමිතීන් ඉහළ නැංවීම හරහා කුකුළුමස් සාමාන්‍ය පවුලකට දැරිය නොහැකි මිලකට ඔසවා තැබීමක් කරන්නේ නැති බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. කාර්යක්ෂමතාව යනුවෙන් අපි අදහස් කරන්නේ ප්‍රතිජීවක වෙනුවට වඩාත් ඵලදායී පද්ධති, සැපයුම් දාමයේ ඇති සුහුරුබව සහ වගකීම් සහගත භාවිතාවන්.  එමගින් සෞඛ්‍ය සම්පන්න මාංශ ආහාර සාමාන්‍යකරණය කිරීම අපේ අභිලාෂයයි. අපට එය කළ හැකි නම් අනෙක් සමාගම්වලටත් එය කළ හැකියි. 

ඒ හරහා මාංශ ආහාර සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වන්නේ නැහැ. ඒ වෙනුවට මාංශ ආහාර ගැන අවම විශ්වාසයක් ජනතාව තුළ ඇතිකළ හැකියි. ප්‍රතිජීවකවලින් තොර, සහතිකලත්, තිරසර ලෙස නිෂ්පාදනය කළ සහ විද්‍යාත්මකව සනාථකළ මාංශ ආහාර පිරිනැමීමේ අපේ පොරොන්දුව, ගෝලීය මාංශ ආහාර නිෂ්පාදනයේ ප්‍රමිතියයි. අනාගත ලෝකය රැඳී පවතින්නේ වගවීම සහ විනිවිදභාවය මතයි. අපේ කර්මාන්තය රැඳී තිබෙන්නේත් ප්‍රචාරණ වැකි වෙනුවට සහතික සහ ආයතනික ප්‍රකාශ වෙනුවට රසායනාගාර වාර්තා භාවිත කිරීම තුළයි. තිරසරභාවය අනිවාර්ය සාධකයක් බවට පත්කරගැනීම තුළයි. 

නිව් ඇන්තනීස් සමූහය දැනටමත් එම මාවත තෝරාගෙන අවසන්. එය පහසු මාවතක් නොවේ. නමුත් ඉදිරියට යාමට ඇති එකම මාර්ගය එය පමණයි. දැන් අපට ඇසීමට ඇති ප්‍රශ්නය වන්නේ අනෙක් සමාගම් එම මාර්ගයට පිවිසෙනවා ද යන්න නොවේ. කොතරම් ඉක්මණින් අප ගමන්කළ දුර ගමන්කිරීමට ඔවුන් සූදානම් ද යන්න පමණයි.


Share with your friend
Exit mobile version