Site icon Eyeview Sri Lanka

හඳුන්වාදෙන Microsoft Copilot, ඔබේ එදිනෙදා AI සහකරු

Share with your friend

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පැවති උත්සවයකදී Microsoft විසින් Microsoft Copilot හඳුන්වා දෙන ලදි. මෙය, මිනිසුන් තාක්ෂණය සමග ගනුදෙනු කරන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කරමින් ඵලදායීතාව වැඩිදියුණු කරන පෙරළිකාර AI සහයෝගී ක්‍රමවේදයකි. Windows 11, Microsoft 365, Edge සහ Bing සඳහා ඉදිරියේදී මෙය හඳුන්වා දෙන අතර, ඒ තුළින් සියලුම වර්ගවල යෙදුම් හා උපාංග පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි.

ඵලදායීතාව වැඩි කිරීමට, නිර්මාණාත්මක බව දියුණු කිරීමට මෙන්ම පෞද්ගලික හා ව්‍යාපාර වල එදිනෙදා කටයුතු පහසු කිරීමට උපකාරී වන නව අත්දැකීම් කිහිපයක් ම Microsoft විසින් මෙම උත්සවයේ දී හඳුන්වා දෙන ලදී. 

“අප මේ පිවිසෙන්නේ AI හි නව යුගයකටයි. එය අප තාක්ෂණය හා සම්බන්ධ වන සහ එයින් ප්‍රතිලාභ ලබන ආකාරය සහමුලින්ම වෙනස් කරනවා. Chat interfaces සහ large-language models එක්වීමත් සමඟ, ඔබට දැන් ස්වාභාවික භාෂා භාවිත කරමින් ඔබට අවශ්‍ය දේ ඉල්ලා සිටිය හැකි අතර, එම විමසීමට පිළිතුරු දීමට, අවශ්‍ය දේ නිර්මාණය කිරීමට හෝ ඒ අනුව කටයුතු කිරීමට හැකි මට්ටමට තාක්‍ෂණය බුද්ධිමත්. Microsoft හි අප සිතන්නේ මෙය ඕනෑම කාර්යයකට සහය වීම සඳහා සහය නියමුවෙකු (Copilot කෙනෙකු) සිටීමට සමාන දෙයක් බවයි.” – Yusuf Mehdi, Corporate Vice President and Consumer Chief Marketing Officer, Microsoft

ප්‍රධාන නිවේදන 

Microsoft යනු බලවත් හා ප්‍රයෝජනවත් AI අත්දැකීම්, සරලව, ආරක්ෂිතව සහ වගකීම්සහගත ලෙස, ඔබ වැඩිපුරම භාවිත කරන නිෂ්පාදන වෙත ඒකාබද්ධ කෙරෙන ස්ථානයකි. රාජකාරි සහ අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම ගෙදරදොරදී Windows 11 භාවිත කරන පුද්ගලයන් විශිෂ්ටතම AI අත්දැකීම් තුළින් සවිබල ගැන්වීමේ සිට, ලොව වඩාත්ම විශ්වාසය දිනූ ඵලදායීතා කට්ටලය වන Microsoft 365 හරහා, දැනට පවතින වඩාත්ම නවෝත්පාදනීය සෙවුම් යන්ත්‍රය සහ බ්‍රවුසරය වන Bing සහ Edge දක්වාම මෙය අදාළ වේ. 

මෙම නව නිෂ්පාදන පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා Microsoft.com වෙත පිවිසෙන්න. නවතම නිවේදන පිළිබඳව දැනුවත් වීම සඳහා  Official Microsoft blog, Microsoft 365 blog and Security blog වෙත පිවිසිය හැකි අතර, තවත් බ්ලොග් ලිපි, වීඩියෝ සහ වෙනත් මූලාශ්‍ර microsite හි දක්වා තිබේ. 

Microsoft පිළිබඳව 

Microsoft (Nasdaq “MSFT” @microsoft) සමාගම Intelligent Cloud සහ Intelligent Edge යුගයක් වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය උදෙසා විශ්වාසනීය අත්වැලක් සපයයි. එහි මෙහෙවර වන්නේ ලෝකයේ සෑම කෙනෙකුම මෙන්ම සෑම සංවිධානයක්ම සවිබල ගැන්වීමයි.


Share with your friend
Exit mobile version