2024 අර්ධ වාර්ෂික සම්මාන උළෙල තුළ අලියාන්ස් ලයිෆ් සිය ජයග්‍රහණයන් සමරයි.

Share with your friend

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි 2024 අර්ධ වාර්ෂික සම්මාන උළෙල  එහි ප්‍රධාන විධායක නිලධාරී  ජයලාල් හේවාවසම් මහතා, ජ්‍යෙෂ්ඨ විකුණුම් කළමනාකරණ කණ්ඩායම් හි සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්වීම සිදු විය. එහිදී ඉහළ කර්යසාධනයක් දැක්වූ විකුණුම් සාමාජික සාමාජිකාවන්ගේ ජයග්‍රහණයන් ඇගයීමද සිදු විය. 2024 වසරේ පළමු භාගයේදී විකුණුම් සාමාජික සාමාජිකාවන්ගේ සුවිශේෂී කැපවීම අගය කිරීම මෙන්ම අලියාන්ස් ලයිෆ් MDRT සුදුසුකම් ලැබූවන් සහ අලියාන්ස් INSEAD 2024  ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන ප්‍රදානය කිරීම මෙම උත්සවයේදී සිදු කෙරිනි. සම්මානලාභී සියලු දෙනා වෙත උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු. 

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යනු ජර්මනියේ මියුනිච් නගරය තම මූලස්ථානය කරගත්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර වෙත ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය සේවා සපයන්නෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි. 


Share with your friend