2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්‍යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමඟින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට සහ ඉහළ ජාතික පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. 2025 වසරේ නොවැම්බර් 25 වැනි දින BMICH පරිශ්‍රයේ දී PRISL සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිත අතර එය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අවස්ථාවක් වනු ඇත.

කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රඥයන් සහ නවෝත්පාදකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රැසක් ඒකරාශි කරන මෙම සම්මාන රාත්‍රියේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයෙන අතර එය කර්මාන්තයේ මීළඟ පර්ච්ඡේදය සඳහා මනා දිරිගැන්වීමක් සිදු කරයි.ඒ අනුව 2025 වසරේ ඔක්තෝබර් මස 10වැනි දිනට පෙර 2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා සියලුම අයදුම්පත් යොමුකළ හැකිය.
වසර 65කට අධික දිගු කාලයක් පුරාවට PRISL නායකත්වය සමඟ ගොඩනගා ගෙන තිබෙන විශ්වසනීයත්වය ,විනිවිදභාවය සහ කීර්තිනාමය PRISL සම්මාන උළෙලේ දෙවන සන්ධිස්ථානීය දිගහැරුමේ දී ද අඛණ්ඩව ආරක්ෂා කෙරේ. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟින් මෙහි සෑම කාණ්ඩයකම ඇගයීම සිදු කරන අතර එමඟින් සාධාරණීය විනිශ්චයක් සහතික කෙරේ.මෙම ඇගයීම් කර්මාන්තය තුළ කීර්ති නාමය ඉහළ නංවා ගැනීම සඳහා නව මිණුමක් වනු ඇත. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කර්මාන්තයේ නායකයන් සහ නවෝත්පාදකයන් ලෙස සිය සන්නාමය වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමේ අවකාශය මෙහි ජයග්‍රාහණයන්ට හිමි වේ.
එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තයේ අනාගතය උදෙසා ලබා දුන් තම දායකයත්වය මෙන්ම කැපවීම මැනවින් ඉස්මතු කිරීමට ද සංවිධානවලට සහ පුද්ගලයන්ට PRISL සම්මාන උළෙල කදිම තෝතැන්නක් වනු ඇත. කාර්මාන්තයේ පුරෝගාමීන් සමඟ එක්ව විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාරභාවය ප්‍රදර්ශනය කිරීමට මෙම ජාතික වේදිකාව ඔස්සේ සහභාගිවන්නන්ට අවස්ථාව සැලසේ. නිෂ්පාදනය, අපනයන, පර්යේෂණ සහ වගකීම්සහගත පිළිවෙත් සඳහා සිය දායකත්වය සැමරීමට මෙම ඇගයීම වෘත්තිකයන්ට සහ කණ්ඩායම්වලට මනා අභිප්‍රේරණයක් සපයයි
මේ පිළිබඳ අදහස් දක්වමින් PRISL සභාපති K.A.C. විද්‍යාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ වාණිජමය සාර්ථකත්වය පමණක් නොව, අපගේ කර්මාන්තවල අනාගතය අර්ථවත් කරන නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර භාවිතයන් පිළිබඳව ද PRISL සම්මාන උළෙල ඔස්සේ අගයනු ලබනවා. අයදුම්පත් යොමු කළ හැකි අවසාන දිනය දීර්ඝ කිරීම හරහා සංවිධාන සහ පුද්ගලයන් රැසකට මෙම ජාතික වේදිකාවේදී ඉහළ ගෞරවයක් දිනා ගැනීමට ඇති අවස්ථාව සහතික කිරීමට හැකියාව ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.”
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා විදේශ විනිමය උපයනු ලබන තෙවන විශාලතම කර්මාන්ත ක්ෂේත්‍රය ලෙස රබර් හා ප්ලාස්ටික් කර්මාන්තය ශ්‍රේණිගත කර ඇත. පුද්ගලයන් සහ ව්‍යාපාර මෙම කර්මාන්තය සඳහා දක්වන සහයෝගී දායකත්වය සැමරීම සඳහා සංවිධානය කරන මෙම ප්‍රමුඛතම සම්මාන උළෙලේ දී ප්ලාස්ටික්, රබර්, රබර් කිරි සහ ප්‍රතිචක්‍රීකරණ අංශවල විශිෂ්ටත්වයට ගෞරව ඇගයීම් ප්‍රදානය කෙරේ. සන්නාමවල අනන්‍යතාවය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්, කර්මාන්ත නායකයන් සහ ගෝලීය කොටස්කරුවන් එකට සම්බන්ධ කිරීමට ද මෙම කර්මාන්ත ක්ෂේත්‍රය සුවිශේෂී අවස්ථාවක් වන අතර මෙමඟින් කර්මාන්තකරුවන්ගේ කාර්යභාරය සවිමත් කර ගැනීම සඳහා වේදිකාව සකස් කෙරේ. https://awards.prisrilanka.com වෙත පිවිසීමෙන් හෝ 0112-864354 ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ මාර්ගෝපදේශයන් ලබා ගත හැකිය.