Site icon Eyeview Sri Lanka

99x 2022 LMD හි වඩාත්ම ගෞරවනීය සමාගම් 100 අතරට

Share with your friend

සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව ^Dynamism&, ආයතනික සංස්කෘතිය ^Corporate Culture), නවෝත්පාදනය ^Innovation), කළමනාකාරිත්වය (Management Profile), මානව සම්පත් කළමනාකරණය ^HR/People Management& යන ලැයිස්තු වලද ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ව්‍යාපාරික ආයතනය ලෙස නම් කර ඇත. ඛඵෘ සඟරාවේ වඩාත්ම ගෞරවනීය සමාගම්, දෙස් විදෙස් සමූහ ව්‍යාපාර, මූල්‍ය ආයතන සහ පාරිභෝගික වෙළඳ නාම ඇතුළත් වේ.  

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් 99x හි සම-නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා පැවසුවේ, ”ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන ලැයිස්තුවේ පළමු සමාගම් 100 අතරට නැවතත් ශ්‍රේණිගත වීමට ලැබීම අපට මහත් භාග්‍යක්. දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද 99x හි සෑම පාරිභෝගිකයෙකුටම උපරිම වටිනාකමක් ලබා දීමට අප දරණ උත්සාහය මේ සඳහා හොදම සාක්ෂියක්. අපගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම මට්ටමේ සේවාවක් ලබා දෙන අතරම අපි අපගේ ව්‍යාපාරයේ සේවක පිරිස් වල යහපැවැත්ම සහ සුබසාධනය කෙරෙහි ද අවධානය යොමු කරනවා. ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින තාක්ෂණික ආයතනයක් බවට පත්වීමට අප යොදාගත් භාවිතයන්, ගෝලීය තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ද ඉහළින්ම වැජඹීමට වඩාත් ඉවහල් වෙනවා.” යනුවෙනි.

99x සමාගම යුරෝපයේ ප‍්‍රමුඛ සමාගම් රැසක් සඳහා තාක්ෂණික දැනුම සපයන අතර පසුගිය වසර 15 තුළ සමාගම සිය යුරෝපීය ගනුදෙනුකරුවන්ට ගෝලීය වෙළඳපල තුළ ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ වූ මෘදුකාංග 150 කට අධික ප‍්‍රමාණයක් දියත් කිරීමට සහය වී ඇත. People-first යන දැක්ම සඳහා මුල්තැන ලබාදෙන සමාගමක් ලෙස ප‍්‍රචලිත 99x නායකත්වය, නවෝත්පාදනය සහ තම සේවක තෘප්තිය යන කරුණු පිළිබඳව දක්වන අවධානය නිසා ශී‍්‍ර ලංකාවේ සමාගම් ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටීමට සමත් වී ඇත.  

දුරකථන සම්මුඛ සාකච්ඡා තුළින් සහභාගී වන 800කට වැඩි පිරිසකගේ ප‍්‍රතිචාර මත LMD සඟරාව ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් සඳහා සමීක්ෂණය පවත්වයි. මෙහිදී මූල්‍ය කාර්ය සාධනය, ගුණාත්මකභාවය පිළිබඳ ඇති අවදානය, කළමනාකාරිත්වය, අවංකභාවය, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ දැක්ම වැනි ප‍්‍රධාන නිර්ණායක හොදින්ම කි‍්‍රයාත්මක කරන සමාගම් නම් කරනු ලැබේ.


Share with your friend
Exit mobile version