Eyeview Sri Lanka

Abans Environmental Services (පුද්.) සමාගම මෙරට ප්‍රමුඛතම ව්‍යාපාර නාමාවලියේ 2024/25 සංස්කරණයේ ප්‍රධානතම දැන්වීම්කරුවෙකු බවට පත් වෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ පිරිසිදු කිරීම් සහ ඒ ආශ්‍රිත සේවා සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක්වන Abans Environmental Services (පුද්.) සමාගම, SLT-MOBITEL සමූහය මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත 2024/25 ජාතික ව්‍යාපාරික නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවෙකු බවට පත් වී සිටී. ජාතික ව්‍යාපාරික නාමාවලියෙහි ප්‍රමුඛතම සේවාදායකයකු ලෙස Abans Environmental Services (පුද්.) සමාගම මෙම පරිපූර්ණ අලෙවිකරණ පදනමෙහි වටිනාකම සහ එහි ශක්‍යතාව හොඳින් හඳුනාගෙන ඇත.

SLT-SERVICES ප්‍රධාන නිලධාරී – ඩිජිටල් සේවා, උපුල් මංචනායක මහතා Rainbow Pages ව්‍යාපාර නාමාවලියේ පිටපතක් Abans Environmental Services (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆිරෝස් පෙස්ටන්ජී මහතා (දකුණේ) වෙත පිළිගැන්වූ අවස්ථාව. Abans Environmental Services (පුද්.) සමාගමේ සන්නාමකරණ සහ සන්නිවේදන ප්‍රධානී විපුල ගුණරත්න මහතා සහ SLT-SERVICES කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක්ද මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූහ.

1985 වසරේදී ආරම්භ වූ Abans Environmental Services (පුද්.) සමාගම, පාරිභෝගිකයන්ට ඉහළම ප්‍රමිතියෙන් යුත් සේවාවක් ලබාදීම සිය ඒකායන අරමුණ කරගත් සමාගමකි. රට පුරා පිරිසිදු කිරීමේ සේවා සම්බන්ධයෙන් නව ප්‍රමිති හඳුන්වා දෙමින්, ඉහළ වෘත්තීයභාවයකින් යුතුව ගුණාත්මක සනීපාරක්ෂක විසඳුම් පිරිනැමීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.

මෙම වසර අවසානයේදී නිකුත් වීමට නියමිත 2024/25 ජාතික ව්‍යාපාරික නාමාවලිය, ශ්‍රී ලංකාවේ වඩාත්ම යාවත්කාලීන සහ පුළුල්ම ව්‍යාපාරික නාමාවලිය වනු ඇතැයි අපේක්ෂා කරයි. දැන්වීම්කරණ ගිවිසුම යටතේ, තමන්ට අවශ්‍ය පරිදි මාර්ගගත සහ මාර්ගගත නොවන දැන්වීම්කරණ සහ අලෙවිකරණ විසඳුම් රාශියක් භාවිතා කිරීමට Abans Environmental Services (පුද්.) සමාගමට අවස්ථාව ලැබෙනු ඇත. මෙයට ඩිජිටල් අලෙවිකරණ ක්‍රමෝපායන්, වෙබ් විසඳුම්, e-commerce සේවා, Shopping Cart සේවා සහ content නිර්මාණය කිරීමේ සේවා ආදිය ඇතුළත් වී ඇත.

SLT-MOBITEL සමූහයට අනුබද්ධ Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) මගින් කළමනාකරණය කරනු ලබන Rainbow Pages ජාතික ව්‍යාපාරික නාමාවලිය, විශේෂයෙන්ම මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බෙහෙවින් වැදගත්වන සේවා රාශියක් ලබාදෙයි. එම ව්‍යාපාර නාමාවලිය අන්තර්ජාලය ඔස්සේ, ebook එකක් ලෙස ද, ඇමතුම් මධ්‍යස්ථානය හරහා ද මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස ද පරිශීලනය කළ හැක. පුළුල් පරාසයක් ආවරණයකරන නාමාවලියක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති මෙම ව්‍යාපාරික නාමාවලියට රජයේ ආයතන සහ ආගමික ස්ථානද ඇතුළුව විවිධ ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ආයතන 6,000 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු ඇතුළත් වී ඇති අතර, දිනකට එය මාර්ගගත සෙවුම් 10,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා කරයි.

Rainbow Pages නාමාවලියේ තවත් එක් විශේෂත්වයක් වන්නේ එහි තහවුරුකරන ලද සම්බන්ධතා තොරතුරු ඇතුළත් වීම ය. මෙමගින් තමන්ට අවශ්‍ය තොරතුරු වඩාත් විශ්වාසනීය ලෙස සොයාගැනීමට පරිශීලකයන්ට හැකියාව ලැබේ. එමෙන්ම Search Engine Optimization (SEO) ක්‍රමවේදය හේතුවෙන් අන්තර්ජාලය තුළ වඩාත් හොඳින් තොරතුරු දෘශ්‍යමාන වන නිසා එය දැන්වීම්කරුවන්ට බෙහෙවින් වාසිදායක ය. තවද මෙම නාමාවලියේ ලැයිස්තුගත වීම රජයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට සුදුසුකමක්වන නිසා, එය අදාළ ව්‍යාපාරවල වර්ධනයට සුවිශේෂී අවස්ථාවන් උදාකර දෙන සාධකයක්ද වේ.

SLT-SERVICES හි ප්‍රධාන අරමුණ වන්නේ, ඩිජිටල් අලෙවිකරණ සහ වෙබ්අඩවි විසඳුම් තුළින් සිය සේවාදායකයන්ට විශිෂ්ටතම ප්‍රතිලාභ අත්කර දීම ය. Rainbow Pages ජාතික ව්‍යාපාරික නාමාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු www.rainbowpages.lk වෙබ් අඩවියෙන් හෝ 0112399399 දුරකථන අංකයෙන් ලබාගත හැකි වේ.


Share with your friend
Exit mobile version