Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් උරුම කර දෙමිනි. එසේම Galaxy සඳහාම වන Snapdragon® 8 Elite Mobile Platform For Galaxy තාක්ෂණය සමඟින් අසමසම AI කාර්ය සාධනයක්, ඉහළ කැමරා තාක්ෂණයක් මෙන්ම සුවපහසු පරිශීලක අත්දැකීමක් ලබා දෙන මෙම Galaxy S25 නිෂ්පාදන පෙල මෙරට ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “ පරිශීලකයින්ගේ සුවිශේෂී අවශ්‍යතා අපගේ නව්‍යකරණයන් සඳහා සුවිසල් අත්වැලක් වූ බව සඳහන් කළ හැකියි. ඒ නිසා අපි Galaxy AI වැඩි දියුණුවට ලක් කරමින් සෑම කෙනෙකුටම පහසුවෙන් හැසිරවිය හැකි තමන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන නවතම නිෂ්පාදන පෙල හඳුන්වාදීමට කටයුතු කළා. AI-integrated OS තාක්ෂණයෙන් සැදුම්ලත් නවතම Galaxy S25 නිෂ්පාදන පෙල එදිනෙදා ජීවිතයේ තාක්ෂණය උපයෝගී කර ගන්නා ආකාරයේ සුවිසල් වෙනසකට හේතු වනු ඇති බව නිසැකයි” යනුවෙනි.
වෙළෙඳපොලේ ඇති සියලුම Galaxy S25 ජංගම දුරකතන හා උපාංග විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නිෂ්පාදන වන බැවින් පරිශීලකයින් හට කිසිඳු බාධාවකින් හා සැකයකින් තොරව අඛණ්ඩව භාවිත කිරීමේ හැකියාව උදා කර දී ඇත.
පරිශීලකයින්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි AI agents සමන්විත මෙම නිෂ්පාදන පෙල නිරන්තරයෙන් පරිශීලකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඊට ගැලපෙන තාක්ෂණික සේවාවක් සලසා දෙනු ලබයි. Google සමඟ එක් වෙමින් AI මූලික කරගත් ආකාරයෙන් නැවත සකස් කර ඇති Android මෙහෙයුම් පද්ධතිය පරිශීලකයා වෙත බහු මාධ්‍ය හැකියාවන් උදා කර දෙනු ඇත්තේ ස්වභාවික ආකාරයෙන් අකුරු, කතන, රූප හා වීඩියෝ සන්නිවේදනය සඳහා අවස්ථාව සළසා දෙමිනි.
මෙහි ඇති Circle to Search විශේෂාංගය මඟින් දුරකතන අංක, ඊ මේල් සහ URL සැණෙකින් හඳුනාගනිමින් ඊට අවශ්‍ය පියවර ගැනීමට පරිශීලකයාට හැකි වේ. Context-Aware Assistance විශේෂාංගය GIF හුවමාරු කර ගැනීම හෝ විවිධ අවස්ථාවන්ට අදාල විස්තර ගබඩා කර තැබීම (savingි්ඩසබට) වැනි ක්‍රියාකාරකම් සඳහා යෙදුම් අතර පහසුවෙන් මාරු වීමේ අවස්ථාව සලසා දෙයි. Enhanced Natural Language Understanding විශේෂාංගයේ වැදගත්ම යෙදුමක් වන්නේ Samsung Gallery හි නිශ්චිත ඡායාරූප සොයා ගැනීමේ හැකියාව උදා කර දීමයි. එසේම හඬ විධානයක් මඟින් දුරකතන තිරය සකස් කර ගැනීමේ හැකියාවද එහි තවත් විශේෂත්වයකි. Samsung, Google අතර මෙන්ම Spotify වැනි තෙවන පාර්ශවීය යෙදුම් අතරද අන්තර්ක්‍රියා කිරීමේ ඉඩකඩ සලසන Integrated Google Gemini AI විශේෂාංගය මෙන්ම යෙදුම් අතර මාරු නොවී ඇමතුම් සාරාංශ කිරීමට හා සටහන් ආකෘතිගත කිරීම සඳහා වන Transcript හා Writing Assist වැනි විශේෂාංගයන්ද මෙහි ඇති තවත් සුවිශේෂී තාක්ෂණික අංගයන් ලෙස පෙන්වා දිය හැකිය.
Knox Vault මඟින් පරිශීලක දත්ත ආරක්ෂා කිරීමට කටයුතු කරන Samsung Galaxy S25 නිෂ්පාදන පෙල පරිශීලකයාටම ගැලපෙන ඉහළ අත්දැකීමක් ලබා දෙන අතරම Personal Data Engine මඟින් පරිශීලක දත්ත ආරක්ෂිතව විශ්ලේෂණය කර ඔවුන්ට අවශ්‍ය යෝජනාවන් ලබා දෙයි. එමෙන්ම පරිශීලක දත්ත සුරක්ෂිත තබා ගනිමින් පරිශීලකයාට අවශ්‍ය පරිදි භාවිත කිරීමේ අවස්ථාව ලබා දෙන මෙහි ඇති On-Device AI Processing විශේෂාංගය මෙන්ම එල්ල විය හැකි සයිබර් තර්ජනයන්ගෙන් ආරක්ෂාව සනිටුහන් කරන Post-Quantum Cryptography තාක්ෂණයද ඉතා වැදගත් වේ. මේ හා සම්බන්ධ උපාංගවල ආරක්ෂාව නිරීක්ෂණය කරනු ලබන්නේ Knox Matrix Dashboard තාක්ෂණය මඟිනි.
එසේම Galaxy සඳහාම විශේෂයෙන් සකස් කරන ලද Snapdragon® 8 Elite මඟින් NPU හි 40%ක, CPU හි 37%ක හා GPU හි 30%ක කාර්යසාධනයක් ලබා දෙන අතරම ඒ තුලින් නිවැරදිව AI ක්‍රියාත්මක කිරීමද සිදු කරයි. තවද ProScaler සහ mDNIe විශේෂාංගයන් මඟින් ගුණාත්මක රූප ලබා දෙන අතරම ඉහළ කාර්යක්ෂමතාවද උරුම කර දෙයි. Gaming හි නිරත පරිශීලකයින් හට පහසුවෙන් තමන්ගේ gaming සිදුකර ගැනීම සඳහා අවශ්‍ය පහසුව සලසා දෙන Vulkan Engine & Advanced Ray Tracing විශේෂාංගයට අමතරව වැඩි දියුණු කරන ලද තාප කළමනාකරණ පද්ධතිය මඟින් 40%ක පමණ විශාල vapor chamber සමඟින් දිගු කාලීන ඉහළ කාර්ය සාධනයක් සහතික කරනු ලබයි.
Next-gen ProVisual Engine සමඟින් ජංගම ඡායාරූපකරණයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති මෙම Galaxy S25 Ultra හි 50MP Ultrawide Sensor, vibrant shots විශේෂාංග හේතුවෙන් අතිශය පැහැදිලි හා සජීවී ඡායාරූප තමන් සතුකර ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දෙනු ඇත. එමෙන්ම 10-bit HDR Video Recording මගින් වඩා පැහැදිලි වීඩියෝ ලබා ගත හැකි අතර Advanced Low-Light Video Processing මගින් ඕනෑම ආලෝක තත්වයකදී වුවද පැහැදිලි වීඩියෝ ලබා ගැනීමේ අවස්ථාවද පරිශීලයින්ට ඉමහත් පහසුවක් වනු ඇත.
තවද මෙහි ඇති වෘත්තීය මට්ටමේ සංස්කරණ මෙවලම් පරිශීකයින්ට තවත් පහසුවක් අත්කර දෙනු ඇති අතර එහි Audio Eraser අනවශ්‍ය පසුබිම් හඬ ඉවත් කිරීමටත් Virtual Aperture විශේෂාංගය DSLR වැනි ගැඹුරු අන්තර්ගතයන් මනාව පාලනය කරනු ලබයි. චිත්‍රපට වැනි වීඩියෝ නිෂ්පාදනයේදී ඉහළම තත්වයේ වර්ණ සංයෝජනයන් ලබා දෙන Galaxy Log මෙන්ම ඇනලොග් ෆිල්ටර් හා මූර්ති වැනි නිර්මාණ සිදු කිරීමේ හැකියාව උදා කර දෙන Portrait Studio & Filters විශේෂාංගයන්ද මෙහිදී ඉතා වැදගත් වේ.
නිරන්තරයෙන් තිරසාර නිෂ්පාදනයන් සිය පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වන Samsung හි අඛණ්ඩ කැපවීම යළි යළිත් සනිටුහන් කරන මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙලෙහි ආරක්ෂිත බව Titanium Build & Corning® Gorilla® Armor 2 මඟින් මනාව තහවුරු කොට ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය නිෂ්පාදනයේදී armor aluminum ඇතුලු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය භාවිත කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය. කෝබෝල්ට් බැටරියද ඊට ඇතුළත් වේ. OS & security යාවත්කාලීන කිරීම් සඳහා වසර 7ක වගකීමක් ලබා දීමට Samsung කටයුතු කර ඇත්තේ දිගු කාලීන ආයු කාලයක් මෙම නවතම නිෂ්පාදන පෙළට උරුම කර දෙමිනි.
මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල මිලදී ගන්නා පාරිභෝගිකයින් හට රුපියල් 51,850ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව සලසා දීමට කටයුතු කර තිබීම තවත් සුවිසල් වාසියක් ලෙස සඳහන් කළ හැකිය. ඊට අමතරව රු. 143,830ක වටිනාකමෙන් යුත් වසර 2ක් සඳහා දෙවරක් නව තිරයන් මාරු කිරීමේ අවස්ථාවද Dialog හා Mobite වෙතින් නොමිලේ ඩේටා ලබා ගැනීමේ හැකියාවද පරිශීලකයින්ට තවත් වාසියක් වනු ඇත. පාරිභෝගිකයින් හට Samsung Easy Pay මඟින් මාසිකව රු. 10,989ක වාරික සැලසුමක් යටතේ නවතම Galaxy S25 නිෂ්පාදන පෙල මිලදී ගැනීමේ පහසුව උදා කර දී ඇති අතර Google One Offer මඟින් මාස 6ක නොමිලේ ලබා ගැනීමටද අවකාශ උදා වේ.
Galaxy S25 Ultra Titanium Silverblue, Titanium Black සහ Titanium Gray යනාදී වර්ණයන්ගෙන් හඳුන්වා දී ඇති අතර Galaxy S25 & S25 Navy, Silver Shadow, Icy Blue යන වර්ණයන්ගෙන් තමන් කැමති පරිදි මිලදී ගැනීම අවස්ථාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට දැන් උදා වී ඇත. මේ නවතම නිෂ්පාදන John Keells Office Automation, Singer, Singhagiri, Damro, Softlogic Retail, Dialog, SLT Mobitel, මෙන්ම දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිතයින්ගෙන් දැන් මිලදී ගත හැකියි.
ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන් SLIM ශ්‍රී ලංකා සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් ‘People’s Youth Choice Brand of the Year’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙරට වටිනාම සන්නාමයන් අතරට එක් වෙමිනි. සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගික පදනමක් සහිත සැම්සුන් Gen Z සහ Millennial වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා සපුරාලීමට කැපවී කටයුතු කරයි.
Samsung Galaxy S25 නිෂ්පාදන පෙල සමඟින් නවතම ස්මාර්ට් ජංගම දුරකතන තාක්ෂණයේ විශිෂ්ටත්වය සහ AI තාක්ෂණයේ ශක්තිය අත්විඳින්න. ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය වෙතින් https://www.jkoa.com/products/mobiles_and_accessories/phones දැන්ම ඇණවුම් කරන්න.