Site icon Eyeview Sri Lanka

AIA ඉන්ෂුවරන්ස් නවතම සංවර්ධන කාර්යාලයක් පානදුරටත් 

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා පානදුර නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත්ත කරන ලදී.  සියලුම පහසුකම් සහිතව නවීනතම තාක්ෂණය ඇතුලත් කර ගනිමින් නිමවා ඇති මෙම කාර්යාලය ඔස්සේ පානදුර නගරයේ සහ ඒ අවට ජීවත්වන ජනතාවට අතිවිශිෂ්ට රක්ෂණ අත්දැකීම් අත්විඳීමේ අවස්ථාව උදාකර දී ඇත. මෙම කාර්යාලය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් කැපවීමෙන් යුතුව සුවිශේෂී පාරිභෝගික සේවාවක් මෙන්ම අද්විතීය රක්ෂණ විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ.  මෙම නවතම AIA සංවර්ධන කාර්යාලය අංක 525/1/1, ගාලු පාර, පානදුර දරන ස්ථානයේ පිහිටා ඇත. 


Share with your friend
Exit mobile version