AIA ඉන්ෂුවරන්ස් සිය 18 වසරක පුරෝගාමී බෑන්ක්ඇෂුවරන්ස් සේවාව සමරයි!

Home » AIA ඉන්ෂුවරන්ස් සිය 18 වසරක පුරෝගාමී බෑන්ක්ඇෂුවරන්ස් සේවාව සමරයි!
Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, බෑන්ක්ඇෂුවරන්ස් ක්‍රමෝපායික ගමන් මග දියත් කරමින්, සියලු‍ බෑන්ක්ඇෂුවරන්ස් කණ්ඩායම් සහ බැංකු සහකරුවන් සමගින් නොබෝදා සිය 18 වසරක බෑන්ක්ඇෂුවරන්ස් සේවාව උත්වශ්‍රීයෙන් සමරන ලදී. ශ්‍රී ලංකාව තුල බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාර සඳහා පුරෝගාමී සමාගම ලෙස ලෙස 30,000 කට අධික සේවාලාභීන්, මෙරට ප්‍රමුඛතම බැංකු සහකරුවන් තිදෙනෙක්, ජාත්‍යන්තර තලයේ ඩොලර් මිලියනයේ වටමේස(ඵෘඍඔ) සාමාජිකයින් මෙන්ම ප්‍රශස්ත ව්‍යාපාර ආකෘති සහ ඩිජිටල්කරණ ක්‍රියාවලීන් හි සහාය සමගින් AIA ලංකා නිරතුරුව බෑන්ක්ඇෂුවරන්ස් සඳහා ඉදිරියෙන්ම සිට ඇත.

ජාතික සංවර්ධන බැංකුව (NDB), DFCC බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන සිය ගෞරවනීය බැංකු සහකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී නොබෝදා පවත්වන ලදී. 2023 වසරේ AIA ශ්‍රී ලංකා සමාගම විසින් ඉදිරිපත්කරන ප්‍රධාන යෝජනා සහ සමාගම වසර ගණනාවක් පුරාවට බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාර කරමින් ලබා ගන්නා ලද ප්‍රවීණත්වය සමඟින්, ශ්‍රී ලංකාව පුරා ජීවිත හා සෞඛ්‍ය රක්‍ෂණ ව්‍යාප්තිය වැඩි කරන අතරම ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වනු ඇත.


Share with your friend

Leave a Reply

%d bloggers like this: