AIA ඉන්ෂුවරන්ස් හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලබයි!

Home » AIA ඉන්ෂුවරන්ස් හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලබයි!
Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹ දී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහලම කාන්තා වෘත්තිකයින් 50ස් දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම් මහත් සාඩම්බරයෙන් සමරයි.  2011 වසරේ දී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ  කරන ලද මෙම වැඩසටහන දැනට වැඩකරන කාන්තා සංවිධානය (Women In Work), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (Inernational Finance Corporation – IFC ) සහ ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාවයෙන් පවත්වාගෙන යනු ලබයි.  මෙම සම්මාන ප්‍රදානොත්සවයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරකරණයේ නව මංපෙත් සොයාගෙන යමින් විශිෂ්ට ජයග්‍රහණ  අත්පත් කරගෙන ඇති කාන්තා වෘත්තිකයින් හදුනා ගැනීම මෙන්ම එවැනි අතිදක්ෂ කාන්තාවන් මූලිකත්වය ගෙන සාර්ථකව පවත්වාගෙන යන්නා  වූ සමාගම් ඇගයීමට ලක්කිරීමයි.  මෙම උලෙළේ ආරම්භයත් සමගින් සෑම වසරක් පාසාම සම්මාන සඳහා අයදුම් කරන්නා වූ ඉල්ලුම්කරුවන් ඉතා ඉහල විශිෂ්ටතාවයන්ගෙන් හෙබි අය බැවින් ඇගැයීම සඳහා ඔවුන් සුදුසුකම් ගැන්වීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව සංවිධායකයින්ගේ අදහසයි.

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී කියා සිටියේ “AIA ඉන්ෂුවරන්ස් මෙම සම්මානයෙන් පිදුම් ලැබීම අපට ඉමහත් ගෞරවයක්.  අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට රැකියාවේ යෙදීමට මනා සහායෙන්  යුත් යහපත් පරිසරයක් නිර්මාණය කරදීම තහවුරු කරදෙන අතරම විවිධත්වය අගයන, ව්‍යාපාරය තුළ ඇති ගුණදොස් විචාරණය සහ ඒ පිලිබඳ ප්‍රතිචාර ධෛර්යමත් කරන පසුබිමක් ඇතිව කටයුතු කිරීම අපගේ ව්‍යාපාරය තුළ ඉහළ මූලිකත්වයක් ගන්නා කරුණක් වෙනවා.   මෙම සම්මානය හිමිකර ගැනීම ඔස්සේ තහවුරු වන්නේ සමාගම තුළ සෑම අංශයක් පුරාවට, අප අනුගමනය කරන්නා වූ සාරධර්ම පිළිබිඹු වන සංස්කෘතිය සඳහා අවශ්‍ය කණ්ඩායම් හැඟීම සහ අවබෝධය ඇති බවයි.  අපගේ  අගනා කාර්යමණ්ඩල සාමාජිකයින් හා සමගින් සහයෝගීත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සැමට එක්ව ක්‍රියාත්මක වීම සඳහා අප පසුගිය වසර ගණනාව  පුරාවට ගොඩනගාගත් වැඩ පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාමට අප කටයුතු කරමින් සිටිනවා. මෙම වටිනා සම්මානය අත්පත් කරගැනීම මගින් තහවුරු වන්නේ, සවිබලගන්වන ලද සේවක පිරිසක් ඉතා ප්‍රීතියෙන් සේවය කරන වටපිටාවක් නිර්මාණය කරන ලද  AIA හි සාර්ථකත්වයයි.  තවද මේ ඔස්සේ  පරම්පරා ගණනාවකට එනම් බේබි බූම්ර් සිට සහශ්‍රකයින් සහ දැන් ජෙනරේෂන් Z’ දක්වා ඉතාමත් අනගි මානව සම්පතක් සමාගම වෙත ආකර්ෂණ කරගනිමින් රඳවා ගැනීමට ඇති  හැකියාව ද පිළිබිඹු වෙනවා.”

ශතවර්ෂයකට අධික කාලයක අත්දැකීමෙන් පෝෂිත ඉතිහාසයකට උරුමකම් කියන නව්‍යකරණය මූලිකත්වයෙහි ලා  ක්‍රියාත්මක වන්නා වූ AIA ඉන්ෂුවරන්ස්, නව ලෝකය දෙස කුතුහලයෙන් යුතුව බලමින් කටයුතු කරන අලුත් අදහස් වලින් හෙබි තරුණ ජවයට ශක්තිමත් මෙන්ම අතිවිශිෂ්ට වැඩ පරිසරයක් ඇති අප සමාගම  හා එක්ව අනාගතය දැකීමට ආරාධනා කර සිටිනවා.


Share with your friend

Leave a Reply

%d bloggers like this: