Eyeview Sri Lanka

AIA ඉන්ෂුවරන්ස් වෙතින් WCIC ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල -2024 සඳහා සාඩම්බර අනුග්‍රාහකත්වය!

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, WCIC (Women’s Chamber of Industry and Commerce) ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2024 සඳහා අඛණ්ඩව දෙවන වරටත් දායකත්වය ලබා දෙන බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.  අප සමාගම විසින් මෙම සම්මාන උළෙල සඳහා සිය අනුග්‍රාහකත්වය සැපයීම ආරම්භ කල 2022 වර්ෂයේ දී ඒ වෙනුවෙන් ස්වර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ලද අතර මෙවර සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දෙනු ඇත.  මෙමඟින් AIA සමාගම තුළ මෙන්ම සමස්ත සමාජයේ සියලූම කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් හි නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානය ඔස්සේ කාන්තා ව්‍යවසායිකාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයුමට ලක් කරන අතර අනාගතයේ බිහිවෙන කාන්තා නායකත්වයට දිරිදීම අරමුණු කෙරේ.  මෙරට ආර්ථික වර්ධනයට සහ නවෝත්පාදනය වෙනුවෙන් කාන්තාවන්ගෙන් ඉටුවන  වැදගත් භූමිකාව අගයමින් සහ ප්‍රවර්ධනය කරමින්  කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) විසින් සිදුකරන ලද මෙකී අනගි මෙහෙවරට, පසුගිය වසර 3 පුරාවට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් මහත් අභිමානයෙන් යුතුව සිය අනුග්‍රාහකත්වය  ලබා දෙන ලදී.

මේ සඳහා AIA සතු කැපවීම විදහා දක්වමින් පසුගිය වසරේ සම්මානයෙන් පිදුම් ලද ව්‍යවසායිකාවන් සමඟින් පෞද්ගලිකව සම්බන්ධ වීමට ද AIA විසින්  මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.   ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කරමින්, වටිනා අදහස් සහ උපදෙස් ලබා දෙමින් නැගී එන තරුණ කාන්තා ව්‍යවසායිකාවන් විශාල සංඛ්‍යාවක් දිරිමත් කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබුන අතර කාන්තාවන් ධෛර්යමත් කරමින් ඔවුන්ව සවිබලගැන්වීම වෙනුවෙන් AIA හි කැපවීම මේ ඔස්සේ තවදුරටත් තහවුරු විය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය සිය අදහස් දක්වමින් “WCIC ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා අපගේ අනුග්‍රාහකත්වය මෙවර අප ලබා දෙනුයේ තෙවන වතාවට වන අතර  WCIC සමඟින් එක්ව  AIA හි අපගේ අරමුණ වන්නේ රට වටා විසිර සිටින සියලුම කාන්තා ව්‍යවසායිකාවන් හට ඔවුනගේ සිහින සැබෑ කරගැනීම උදෙසා ඔවුන්ව සවිබලගැන්වීමයි. 2023 වසරේ දී මෙන්ම මේ වසරේදීත් මෙම සම්මාන උළෙල සඳහා අපගේ සාඩම්බර අනුග්‍රාහකත්වය (ප්ලැටිනම් අනුග්‍රාහකත්වය) ලබා දෙන ලද අතර මෙම සම්මානය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ව විශිෂ්ටත්වය කරා ළඟා කරවීමේ අවස්ථා නිර්මාණය කරන අතරම සමානාත්මතාවය, විවිධත්වය සහ සියල්ලන් එකතු කරගනිමින් සිය මෙහෙවර සිදු කිරීම සඳහා AIA හි කැපවීම විදහා දැක්වෙනවා.  මෙම සහයෝගීතාවය පිළිබඳව අපි සතුටට පත්වන අතරම රට පුරා සිටින අපගේ කාන්තා ව්‍යවසායිකාවන්ගෙන් මෙම වසරේ දී තව තවත් විප්ලවීය සහ උද්යෝගිමත් ව්‍යවසායක අදහස් ඇසීමට සහ දැකීමට බලාපොරොත්තු වෙමු.”

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දක්වන්නා වූ කැපවීම මෙම සම්මාන වෙනුවෙන් දක්වන අනුග්‍රාහකත්වයෙන් ඔබ්බට යනු ඇත.  AIA ඉන්ෂුවරන්ස්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩි දියුණු කරන මුල පිරීම් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන අතර, සමාගම තුළ සිටින කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ දියුණු වීමට අවශ්‍ය සහාය සහ සම්පත් සපයයි.  අපි මෙවර සම්මාන උළෙල වෙනුවෙන් දායකත්වය දෙමින් එහි සාර්ථකත්වය ඉතසිතින් අපේක්ෂා කරමු.  ඒ අතරම, කාන්තා ව්‍යවසායිකාවන්ගේ කාර්යභාරය ප්‍රවර්ධනය කරමින්, නවෝත්පාදන සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින්, කාන්තා නායකත්වයට මෙන්ම අභියෝගාත්මක වාතාවරණයන් තුළදී ඒවාට හොඳින් මුහුණ දීමේ ශක්තිය සහ හැකියාව කාන්තාවන්ට, කාන්තා ව්‍යාවසායකත්වයට ලබා දීමට AIA හි අපි කැපවී කටයුතු කරන්නෙමු.


Share with your friend
Exit mobile version