Site icon Eyeview Sri Lanka

AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද – දායක වෙමු – පියවර 100,000යේ අභියෝගය

Share with your friend

වසරක් ගෙවී වසරක් උදාවනවාත් සමගින් නව වසරට නැවුම් ප්‍රර්ථනා සහ අරමුණු ඇතිකර ගැනීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්.  බොහෝ දෙනා වඩාත් සෞඛ්‍ය සම්පන්න ආරම්භයකට මුලපුරන අතර ගෙවී ගිය වසර අවසානයේ,  උත්සව කාලයේ දී රසබර ආහාරපාන අනුභවය නිසා සිරුරේ වැඩි වූ බර අඩු කර ගැනීමටත් සිතයි.  එසේ සිතුවත්, ඒ සඳහා ක්‍රියාත්මක වීමට යම්කිසි ආකාරයේ තල්ලුවක් ලැබේ නම්  සැලසුම් කළ ආකාරයට සිදුකර ගැනීමට ඔවුනට පහසු වනු ඇති. AIA ඉන්ෂුවරන්ස් හි සන්නාම ප්‍රතිඥාවට අනුව යමින් සැමට 2022 වසර සඳහා ඔවුන්ගේ සුවතා අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්විඳීමට සහාය වීමටත් AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද දායක වෙමු යන පියවර 100,000 යේ අභියෝගය සංවිධානය කර තිබේ.  මෙම අභියෝගයට ලියාපදිංචි වීම මගින් ඔබට, ඔබගේ සුවතාවය වැඩිදියුණු කරගැනීමට සහ ආකර්ෂණීය ත්‍යාග හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ පවතින මූලිකම බෝ නොවන රෝග දෙකක් වන පිළිකා සහ ඇල්සයිම්ර්ස් රෝගයන් මගින් ගෙනෙන අවධානම පිළිබඳව දැනුවත් වීමටත් ඒ සඳහා අරමුදලක් ගොඩනැගීම සඳහා සහාය වීමටත් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

ඔබගේ අභියෝගය වනුයේ ජනවාරි මස 15වනදා සහ 31වනදා අතරතුර කාලයේ දී, කළුතර සිට ගාල්ලට ඇති දුර ප්‍රමාණය ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඇවිද, පියවර 100,000ක් සම්පූර්ණ කිරීමයි.  මෙම අභියෝගය සඳහා App Store හෝ Play Store හරහා ayubo.life ඇප්  එක භාගත කරගැනීමෙන් ලියාපදිංචි විය හැකිය.  ඔබ ගෙදර දී හෝ කාර්යාලයේදී හෝ ඕනෑම තැනක දී ඕනෑම වෙලාවක ඇවිද ලබාගන්නා පියවර ප්‍රමාණය, අභියෝගය සඳහා ලබා දී ඇති ගමන් මාර්ගයේ සටහන් වනු ඇති. AIA ඉන්ෂුවරන්ස් සමගින් ‘Walk to Give’ අභියෝගය ඔස්සේ ඔබට Fitbit අත් ඔරලෝසු සහ AIA ඉන්ෂුවරන්ස් වෙතින් වෙනත් ආකර්ෂණීය ත්‍යාග රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව ලැබෙන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහ ලංකා ඇල්සයිමර්ස් පදනම වෙත ත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිත රුපියල් මිලියනයක මුදල සඳහා ඔබගේ දායකත්වය ලබා දීමටත් අවස්ථාව ලැබෙනු ඇති.

AIA ඉන්ෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරී අලෙවි, ශේවන්ති ද අල්විස් කියා සිටියේ “වසර ආරම්භයේදීම සමාජය වෙත අපගේ යුතුකම සහ වගකීම ඉටුකිරීමට හැකිවීම සතුටට කරුණක්.  මෙය, අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව මෙරට ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා සහාය වීම වෙනුවෙන්, බෝ නොවන රෝග වල ඇති අවධානම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අපගේ ප්‍රයත්නයේ තවත් එක්  වැඩසටහනක්.  මේ සියලු වැඩසටහන් අතරින් ප්‍රධානතම මුලපිරීම වන්නේ,  AIA මගින් අලෙවි කරන්නා  වූ සෑම රක්ෂණ ඔප්පුවක් වෙනුවෙන් රුපියල් 100ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරමින් AIA ඉන්ෂුවරන්ස්  ලංකා සමාගම අඛණ්ඩව වසර 3ක් පුරාවට පවත්වාගෙන යන සහයෝගීතාවයයි. “Ayubo.life ප්‍රධාන විධායක නිලධාරී සහ සම-ප්‍රාරම්භක චන්දිම කුරේ සිය අදහස් ප්‍රකාශ කරමින් “සෞඛ්‍ය කියන්නේ මානව අයිතිවාසිකමක්.  COVID-19 වසංගතය සමගින් අප ගතකළ පසුගිය වසර දෙක ඇතුලත යම් හෝ යහපත් දෙයක් සිදුවුනේ නම් ඒ බොහෝ දෙනා වෙන කවරදාටත් වැඩියෙන් මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය මූලිකත්වයේ ලා සැලකීමට වඩාත් නැඹුරු වීමයි.  අපගේ දර්ශනයේ මූලික හරය, ජීවිතය සෞඛ්‍ය සම්පන්නව ගත කිරීම, පහසුවෙන් මෙන්ම තමාට දැරිය හැකි ආකාරයෙන් සහ සතුටෙන් සිදුවන සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම වටා ගෙතී ඇත.  එබැවින් AIA ඉන්ෂුවරන්ස් සමගින් Walk to Give පියවර 100,000යේ  අභියෝගය සමගින් සම්බන්ද වීමට ලැබීම අපට මහත් අභිමානයක්.  මෙම වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකිකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය ලැබෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ ඇති මූලිකම බෝ නොවන රෝග දෙකක් වන පිළිකාව සහ ඇල්යිමර්ස් රෝගය පිළිබඳව දැනුම ලබාදීම ද සිදුවෙනවා. “


Share with your friend
Exit mobile version