Eyeview Sri Lanka

AIA ඉන්ෂුවරන්ස් 2022 අලෙවි සමුළුවේ දී අතිවිශිෂ්ට අලෙවිකරුවන් අභිමානයෙන් සමරයි.!

Share with your friend

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (2021 වසරේ දී කැපිටල් ෆිනෑන්ස් ඉන්ටනැෂනල් වෙතින් සහ 2019 සහ 2020 දී ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ඇගයුමට ලක්විය) වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේ දී  සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී.  ‘Against The Wave’ එනම් රැල්ලට එරෙහිව යන තේමාව යටතේ පවත්වන්නට යෙදුන මෙම සම්මාන උළෙලේ දී නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් සිය කාර්යාභාර්ය ඉටුකර විශිෂ්ට වාර්ෂික කාර්යසාධනයක් අත්කර ගත් වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයුමට ලක්විය.   එසේම සිය සේවාලාභීන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීම සඳහා සහාය වීම යන උදාර ප්‍රතිඥාව සාක්ෂාත් කිරීමට සැබෑ තානාපතිවරුන් ලෙස කැපව කටයුතු කිරීම වෙනුවෙන්ද ඔවුන්ව ඇගයුමට ලක්කරන ලදී.  මෙම අලෙවි සමුළුව, AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, AIA  සමූහයේ කලාප මෙහෙයුම් නිලධාරී කැල්වින් ෆු, AIA ඉන්ෂුවරන්ස් හි ජේෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින් මෙන්ම ඒජන්සි මෙහෙයුම් කණ්ඩායම සහ දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර්ව කළමනාකරුවන් යන සැමගේ  සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වීය.

මෙම උත්සවයේ  විශේෂත්වය වූයේ 2021 වසරේ හොඳම ජයග්‍රාහකයින් ඇගයීම සඳහා පිරිනැමුණු ප්‍රධාන සම්මාන හයයි.  මේ වසරේ හොඳම වෙලත් ප්ලෑනර්ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මහනුවර ප්‍රධාන ශාඛාවේ සංජීවනී සෝමරත්න මෙනවියයි.  කොළඹ කාර්යාලය 4 හි රසික සඳකැලුම් දෙවන ස්ථානයත් මහරගම බෙදාහැරීම් ඒකකයේ සරත් ජයලාල් තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදී.

හොඳම වෙලත් ප්ලෑනර්  කළමනාකරුට හිමි සම්මානය මාවනැල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ තිලක් කුමාරසිංහ හිමිකරගත් අතර දෙවන ස්ථානය වෙන්නප්පුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ නිමල් වර්ණකුලසූරියටත් තෙවන ස්ථානය මීගමුව ප්‍රාදේශීය කාර්යාල 1 හි ඊ. එච්. පියදාසටත් හිමිවිය.

මේ අතර හොඳම  Cluster වෙල්ත් ප්ලෑනර් කළමනාකරුට හිමි සම්මානයෙන් මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ තක්ෂිලා කෝරළගේ මෙනවිය පිදුම් ලද අතර දෙවන ස්ථානය පානදුර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ ක්‍රිෂාන් දසනායකටත් තෙවන ස්ථානය කුරුණෑගල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ චන්දිමා වන්නිඅරච්චිටත් හිමිවිය.  

මොරටුව ප්‍රාදේශීය කාර්යාලයේ විනොල් ප්‍රියසේනරත් හොඳම ප්‍රාදේශීය කළමනාකරු ලෙස සම්මානයෙන් පුදලද අතර එහි දෙවන ස්ථානයට තිස්සමහාරාමය සහ මාතර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල කළමනාකරු වන දිලීප අමීන්ද්‍ර සහ තෙවන ස්ථානයට මාවනැල්ල ප්‍රාදේශීය කාර්යාල කළමනාකරු වන වයි. ජී. ජී. බී. යටිගම්මන තේරී පත්විය.

හොඳම  3 Tier කළමනාකරුට හිමි සම්මානය මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ ප්‍රියන්තා ඩයස් මහත්මියට හිමි වූ අතර එහි දෙවන ස්ථානය හෝමාගම ප්‍රාදේශීය කාර්යාල 1 හි චාමර ප්‍රියනන්දටත්, තෙවන ස්ථානය කොළඹ ප්‍රාදේශීය කාර්යාල 3 හි උත්පල වනිගසූරියටත් හිමිවිය.

ඒ අතරම හොඳම බෙදාහැරීම් ඒකක ප්‍රධානී ලෙස නුගේගොඩ බෙදාහැරීම් ඒකකයේ රසික පෙරේරාත්, එහි දෙවන ස්ථානය මීගමුව ප්‍රාදේශීය කාර්යාල 1 හි ඉරේෂ් සිල්වාට සහ තෙවන ස්ථානය කුරුණෑගල බෙදාහැරීම් ඒකකයේ සිසිර බන්නැහැකටත් හිමිවිය.

‘Against The Wave’ නැතිනම් ‘රැල්ලට එරෙහිව’ යන අරුත ඇති තේමාව රට තුළ පවතින බහුවිධ අස්ථාවරත්වයන් මධ්‍යයේ විශිෂ්ටත්වය සඳහා AIA වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කිරීමට අදහස් කරන ලදී.  AIA හි වටිනා ගනුදෙනුකරුවන්ට උසස් සේවාවක් සහ උපදෙස් ලබා දෙමින් ශ්‍රී ලාංකිකයින්ට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ද ඔවුහු සහතික වූහ.


Share with your friend
Exit mobile version