Eyeview Sri Lanka

ASUS, සිසුන්, වෘත්තිකයින් ඇතුළු සියලු පරිශීලකයින් සඳහා Next-Gen AI

Share with your friend

මාදිලි පෙළට තවත් ලැප්ටොප් දෙකක් හඳුන්වා දෙයි

තායිවානයේ තාක්ෂණික දැවැන්තයා ලෙස නම් දැරූ ASUS, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට හඳුන්වාදෙන ඔවුන්ගේ අතිනවීන ලැප්ටොප් මාදිලි පෙළ තවත් පුළුල් කරමින් නවතම මාදිලි දෙකක ලැප්ටෝප් පරිගණක මෙරට වෙළෙඳ පොළට නිකුත් කරන බවට දැනුම් දෙයි. මෙම නවතම ලැප්ටොප් පරිගණක දෙක, AMD Ryzen™ AI 300 Series හා Qualcomm’s Snapdragon X Plus ප්‍රොසෙසර් මගින් බලගැන්වෙන ලැප්ටොප් වන අතර, පාරිභෝගිකයින්ට සිය කටයුතු සරලව හා පහසුවෙන් කරගැනීමට ඒවායෙන් හැකියාව සැලසේ. ශ්‍රී ලාංකික පරිශීලකයින්ගේ ලැප්ටොප් භාවිතය තවත් පහසු කරමින්, ඔවුන්ට සැහැල්ලුවෙන් එහාමෙහා රැගෙන යා හැකි පරිදි හා දිගු කාලයක් චාර්ජ් කිරීමෙන් තොරව භාවිත කිරීමට හැකි වන ඉහළම ධාරිතාවයේ බැටරියෙන් යුතුව මෙම ලැප්ටොප් ඔවුන් වෙත පිරිනැමීමත් විශේෂත්වයකි.  

ඒ අනුව, AMD AI 300 මාදිලියෙන් බලගැන්වෙන, නවතම Vivobook S 14 M5406 ලැප්ටොප් පරිගණකය සහ Qualcomm Snapdragon X Plus ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන, නවතම Copilot+ PC, Vivobook S 15 S5507 ලැප්ටොප් පරිගණකය මෙලෙස ශ්‍රී ලාංකික වෙළෙඳ පොළට නිකුත් කෙරේ. පාරිභෝගිකයින්ගේ කටයුතු වඩාත් පහසු කිරීමට ඉහළම කාර්යක්ෂමතාවයක් පිරිනැමීමට හැකි පරිදි,  AI තාක්ෂණය හා අද්විතීය සැලසුම් මුසු කරමින් නිමවා ඇති මෙම ලැප්ටොප් පරිගණක, මෙරට පරිශීලක අත්දැකීම් නවමු මුහුණුවරකින් අරුත් ගැන්වීමට සමත් වේ. දිවයින පුරා පිහිටි ASUS Exclusive Stores ප්‍රදර්ශනාගාරවලින් හා අනෙකුත් පරිගණක ප්‍රදර්ශනාගාරවලින්, Vivobook S 14 M5406 ලැප්ටොප් පරිගණකය
 රු. 539,990 ක මිලකටත්, Vivobook S 15 S5507 ලැප්ටොප් පරිගණකය,
රු. 479,990 ක මිලකටත් ලබාගැනීමේ හැකියාව පවතී. https://asus.click/ASUSAIpc වෙතින් වැඩි විස්තර දැනගත හැකිය. 

ASUS Sri Lanka සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර සෑම් හුවැන්ග් මෙම නවතම ලැප්ටොප් පරිගණක නිකුත් කිරිම පිළිබඳව මෙලෙසින් සිය අදහස් පළ කරයි. “ASUS හි, අපගේ අරමුණ, අපගේ පරිශීලකයින්ට යහපත් බලපෑමක් ඇති කිරීමට හැකිවන පරිදි තාක්ෂණය ඔස්සේ ඔවුන් සවිබල ගැන්වීමයි. ඒ අනුව අපගේ ලැප්ටාප් මාදිලි පෙළට එක්කෙරෙන මෙම නවතම ලැප්ටොප් පරිගණක වන, Vivobook S 14 M5406 සහ Vivobook S 15 S5507 සඳහා යොදාගෙන ඇති, Microsoft Copilot+ මෙවලම තුළින් සිය පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන පරිදි, AI ක්‍රියාකාරිත්වයකින් වඩාත් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට හැකියාව සැලසෙනවා. ඵලදායිතාවයෙන් හා නිර්මාණශීලිභාවයෙන් අනූනව, පරිශීලකයින්ට ප්‍රවේශය මෙන්ම තවත් බොහෝ කරුණු අතින් භාවිතය පහසු කරන මෙම නවතම ලැප්ටොප් පරිගණක, ඔවුන්ගේ කටයුතු වඩාත් සරල කිරීමට සඳහාම නිෂ්පාදනය කර ඇති බව පැවසීම අපට ආඩම්බරයක්.”

ASUS ලැප්ටොප් මාදිලි පෙළ අතරට එක් කළ, නවතම Vivobook S 14 OLED M5406 ලැප්ටොප් පරිගණකය, සෙන්ටිමීටර 1.39 cm ක් තරම් සිහින්, වඩාත් සැහැල්ලු නිෂ්පාදනයකි. එහි බර 1.3 kg ක් පමණකි. AMD Ryzen™ AI 9 HX 365 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන් මෙම ලැප්ටොප් පරිගණකය, XDNA2 NPU 50 TOPS මගින් උසස්ම AI හැකියාවක් ඊට එක්කර තිබේ. එපමණක් නොව, මෙම ලැප්ටොප් පරිගණකයෙහි කාර්යක්ෂමතාව ඉහළ නංවමින් බහු කාර්ය හැකියාවක් ලබාදීම පිණිස, එහි RAM එක ලෙස 24 GB LPDDR5X RAM එකක් යොදාගෙන ති‌බේ.  එහි 1TB M.2 NVMe™ PCIe® 4.0 SSD storage එකක් දක්වා සහය දක්වයි. පරිශීලකයින් ප්‍රිය කරන, අඟල් 14 ASUS Lumina OLED වෛර්ණ screen එක, විචිත්‍ර පැහැදිලි දසුන් සඳහාම නිමවා ති‌බෙන අතර, Type-C ආරෝපණයක් සහිත කල්පවතින 75 WHr බැටරිය I/O ports සඳහා සහය දක්වයි. ASUS ErgoSense keyboard එක, සමස්ත පසුතලයම මන බඳින ලෙස ආලෝකවත් වී ඇත්තේ, RGB ආලෝකයෙනි.

හඳුන්වාදෙන අනෙක් ලැප්ටොප් පරිගණකය වන ASUS Copilot+ PC, Vivobook S 15 S5507, බලගැන්වෙන්නේ, නවතම Qualcomm Snapdragon X Plus ප්‍රොසෙසරයකිනි. ඒ සමග ඒකාබද්ධ කර ඇති Adreno ග්‍රැෆික්ස් සහ Qualcomm Hexagon NPU මගින් 45 TOPS දක්වා ඉහළම  AI ක්‍රියාකාරිත්වයක් සලසයි.  එහි RAM එක, 16 GB LPDDR5X වන අතර, SSD Storage එක, 1 TB PCIe Gen 4.0 ධාරිතාවයකින් පවතී. මෙම ලැප්ටොප් එකද,  1.47 cm තරම් සිහින් බඳකින් යුතුව,  1.42 kg  ක් තරම් සැහැල්ලු ලැප්ටොප් පරිගණකයකි. එය තනි කලාප RGB පසුබිම් ආලෝකය සහිත එහි ඇති මන බඳින ergonomic යතුරුපුවරුවේ මුළු පසුතලයම,  RGB ආලෝකයෙන් දැල්වේ. පිරිශීලක සිත්සතන් ඇඳබැඳ ගන්නා, අඟල් 15.6 3K ASUS Lumina OLED Screen එක, 120 Hz අගයකින් නැවුම් දසුන්‌ ගෙන එන ඇසට සෞම්‍ය Screen එකකි. 

වැඩි විස්තර, Lochana_Bandara@asus.com යන ඊමේල් ලිපිනය ඔස්සේ, ලෝචනා බණ්ඩාර වෙතින් විමසන්න. 


Share with your friend
Exit mobile version