ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට ජාත්‍යන්තර විශිෂ්ටත්වය තිලිණ කරන, 100% ක්ම ඕස්ට්‍රේලියානු හිමිකාරිත්වයෙන් ක්‍රියාත්මක වන Autogroup International සමාගම, වමෙන් හසුරුවන වාහන දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කර ප්‍රති-අපනයන කටයුතු සිදුකරන ලොව පිළිගත් ගෝලීය සමාගමකි. මෙම සමාගම, ශ්‍රී ලංකාවේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හා ආයෝජන සඳහා හිතකර නොවන නිලධාරිවාදය හමුවේ වුවත්, මෙරට තුළ තවදුරටත් කර්මාන්ත ශාලා පුළුල් කිරීමක් සඳහා ස්වකීය අවධානය යොමු කර තිබේ.

In the left side standing Mr. Chamitha Guruge – Director – Production & Engineering, Ms. Dhanoja Jayasekara – Chief Financial Officer, Mr. Buddhika Gunasekara – Director – Human Resources
සුක්කානම වමෙන් පදවන වාහන, දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කිරීමේ මෙම අභියෝගාත්මක ව්‍යාපාරය අදින් වසර 30 කට ඉහතදී මුල්වරට ඕස්ට්‍රේලියාවේදී අරඹන ලදී. ඒ, එහි සභාපති Peter Hill මහතාගේ වෑයමක් ලෙසිනි. එහිදී American SUV, Muscle Cars සහ Pickup ට්‍රක්රථ ආදිය දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කිරීම සඳහා වූ සැලකිය යුතු ඉල්ලුම සපුරාලීමේ දී, අභියෝග රාශියකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ සියල්ල මැඩ, හෙතෙම අදින් වසර 20 පෙරාතුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ Autogroup සමාගම මෙරට පිහිටුවීමට සමත්ව තිබේ.

එලෙස ආරම්භ කළ සමාගම, ඉකුත් දශක දෙකක කාලය තිස්සේම මෙරට ක්‍රමික වර්ධනයක් අත්කරගෙන තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ කාලය ඇතුළත, වඩාත් පුහුණු ශ්‍රම බලකායක් සමඟ ජාත්‍යන්තර මට්ටමේ සමාගමක් මෙරට බිහි කිරීමේදී, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන විදේශිකයෙකු මුහුණ දෙන බොහෝ අභියෝග ජය ගැනීමටද ඔහු සමත් ව තිබේ. එමෙන්ම මෙරට බොහෝ සමාගම් හා ව්‍යාපාර කඩා වැටුණු, කෝවිඩ් වසංගතය හා දරුණු ආර්ථික අර්බුදයක රටම ගිලුණු ඉකුත් වසර තුනක කාලය,Autogroup සමාගම එහි පැවැත්ම සනිටුහන් කර ගත් කාල වකවානුවකි. සභාපති Peter Hill විසින් එහි කාර්ය මණ්ඩලයේ දක්ෂතා හා දැනුම වැඩිදියුණු කරන අතරෙහි, සමාගමට නවක කණ්ඩායම් බඳවා ගැනීම සඳහා ආයෝජනය කිරීම හේතුවෙන් සමාගමේ පැවැත්ම තහවුරු විණි. ඒ හේතුවෙන් සමාගම මේ වන විටත් ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමක් යටතේ මෙහෙයවෙන අතර, ජනතාව කෙරෙහි අවධානය යොමු කළ සේවා සංස්කෘතියකින් මෙන්ම ප්‍රජාව තුළ ත්‍යාගශීලී වටිනාකම් වලින් ද පොහොසත් ව තිබෙයි.
ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය සතු AutoGroup International සමාගම, එහි නිෂ්පාදන අනුකූලතාව පිළිබඳ වන Austrailian Design Rules (ADR) අනුකූලතාව හිමි කරගෙන ඇති සමාගමකි. මෙම සමාගම ක්‍රියාත්මක වන්නේ, ක්ෂේත්‍රයෙහි විශේෂඥයින්, 30 කට අධික ඉංජිනේරු කණ්ඩායමක්, 3D ඩිසයින්, රිවර්ස් ඉංජිනියරින්, 3D ප්‍රින්ටින් ආදියෙහි නිපුණයින් ඇතුළුව, 170 කට අධික පුහුණු කාර්ය මණ්ඩලයකින් යුතුව ය. GMC. Yukon Denali, Hummer EV, Lincoln Navigator හා Toyota Sequoia, ආදී සුඛෝපභෝගී SUV රථ හා classic වාහන මෙන්ම, GMC Sierra, Ford F-Series, Toyota Tundra, හා Dodge RAM වැනි American Pickup ට්‍රක්රථද, Dodge Challenger, Dodge Charger and Chevrolet Camaro වැනි Muscle Car රථද, ආදී වශයෙන් සියලුම ඇමරිකානු වාහන දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කරයි.
සමාගම මෙතෙක් ආ ගමන් මග පිළිබඳව අදහස් දක්වන ‘Autogroup International හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම සභාපති Rob Hill මහතා මෙලෙස සඳහන් කරයි. “පසුගිය වසර 20 පුරාම උසස්ම තත්ත්වයෙන්, ආරක්‍ෂිත බවින් මෙන්ම, නීත්‍යානුකූලව දකුණෙන් හසුරුවන වාහන ලෙස වාහන පරිවර්තනය කරමින් ලොව හොඳම වාහන පරිවර්තන සමාගමක් ලෙස, ගෝලීය වශයෙන් කීර්තියක් අත්කර ගැනීමට අප සමත් වුණා. එම කීර්තිය දිනා දුන්, ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවෙන් යුත් අපේ ඇදහිය නොහැකි, ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය මට ආඩම්බරයක්. අද වන විට, ලෝකයේ වාහන සඳහා දිනෙන් දින ඉහළ යන ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා අපගේ සමාගම තවදුරටත් පුළුල් කළ යුතුයි” යනුවෙන් ඔහු සඳහන් කරයි. “ඒ සඳහා සුවිශාල නවතම කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ සතුටුදායක ’රහස් සැලසුමක්’ අපට තියෙනවා. විදේශීය ආයෝජකයින් ලෙස හැමවිටම මුහුණ දෙන අභියෝගාත්මක නිලධාරිවාදය සහ සහයෝගයක් නොමැති තත්ත්වයක් තුළ වුණත්, අපගේ නවතම කර්මාන්ත ශාලාවත් ශ්‍රී ලංකාවේම පිහිටුවනු ඇති.”යනුවෙන් හෙතෙම වැඩි දුරටත් පවසයි.
මෙරටදී දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කිරීම සඳහා Autogroup සමාගම, උතුරු ඇමරිකාවෙන් නැව්ගත කෙරෙන වාහන ශ්‍රී ලංකාවේ කඩුවෙල පිහිටි ජාත්‍යන්තර ම්ටටමේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන ක්‍රියාවලියට බඳුන් කෙරෙන්නේ, සංකීර්ණ ඉංජිනේරු කාර්යයන්ට හා නිෂ්පාදන ක්‍රියාවලියකට යටත් කරමිනි. සති 3-6 ත් අතර කාලයක් ගන්නා එම නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව, එම වාහන ප්‍රති-අපනයනය කිරීමෙන්, ලෝක වාහන වෙළෙඳ පොළ වෙත එක් කෙරේ. ලොව පුරා රටවල් 40 කට අධික ප්‍රමාණයක, දකුණෙන් හසුරුවන වාහන සඳහා මෙම සමාගමට ඇති අතිවිශාල ඉල්ලුම මගින් පෙන්නුම් කෙරෙන්නේ, උසස්ම තත්ත්වයේ ගුණාත්මක ප්‍රමිතිය හා ආරක්ෂාව සහතික කරමින්, අද්විතීය නවෝත්පාදන ඔස්සේ සමාගම අත්කර ගත් ජාත්‍යන්තර කීර්තියයි.