BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK 6 නවීන hybrid තාක්ෂණය සමඟින් රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත මාර්ගවල වුවද පහසුවෙන් ධාවන කළ හැකි වීම සහ උසස් මට්ටමේ SUV රථයක විශේෂාංගවලින් සමන්විත වීම විශේෂත්වයකි-

ශ්‍රී ලංකාවට BYD SHARK 6 හඳුන්වා දීම සැමරීම වෙනුවෙන් BYD විසින් කොළඹ වරාය නගරයේදී SHARK 6 රථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අත්දැකීමක් ලබා දීම සඳහා Shark 6 Experience Day නමින් විශේෂ අවස්ථාවක් පැවැත්විණි- මෙහිදී මාධ්‍ය සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෘත්තීය රියදුරන්ගේ සහාය ඇතිව විශේෂයෙන් සකස් කරන ලද ධාවන පථයක BYD SHARK 6 ධාවනය කිරීමට අවස්ථාව හිමි විය. මෙම test drive ධාවන පථයට බෑවුම් සහිත බිම්, රළු බිම් සහ off-road මාර්ගවල දක්නට ලැබෙන අනෙකුත් අභියෝග ද ඇතුළත් වූ අතර එය BYD SHARK 6 අභියෝගාත්මක රිය පැදවීමේ තත්වයන්ට කොතරම් හොඳින් මුහුණ දිය හැකිද යන්න පෙන්නුම් කිරීමට උපකාරී විය. මේ අතර එහිදී සහභාගීවූවන්ට BYD SHARK 6 හි නිමාව/සැලසුම, එය උසස් තත්ත්වයෙන් නිර්මාණය කර ඇති ආකාරය සහ off-road මාර්ගයක එය කෙතරම් ශක්තිමත් සහ ක්‍රියාකාරීත්වයකින් යුක්තද යන්න පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට ද හැකි විය.
BYD SHARK 6 එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් BYD ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව තුළ BYD මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අප සතුටු වනවා. නවෝත්පාදනය සහ තිරසාරභාවය ඒකාබද්ධ කරන BYD SHARK 6 ප්‍රබල හා කාර්යක්ෂම වාහනයක් සොයන ශ්‍රී ලාංකිකයින්ට කදිම වාහනයක් බව අපට විශ්වාසයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් අති නවීන වාහන මාදිලි හඳුන්වා දීමට සහ රට පුරා නව බලශක්ති වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමට BYD හි සැලසුම් කර තිබෙනවා.” යනුවෙනි.
BYD SHARK 6 ට්‍රක් රථය BYD විසින් වැඩිදියුණු කරන ලද DMO (Dual Mode Off-road) Super Hybrid නම් විශේෂයෙන් නිර්මාණය කළ පද්ධතියක් භාවිත කරනු ලබයි. එමගින් එයට ප්‍රබල ක්‍රියාකාරීත්වයක්, ආරක්ෂිතව සහ විවිධ තත්වයන් යටතේ රථය හොඳින් ධාවනය කිරීමට හැකියාව ලබා දෙන අතර උසස් තාක්ෂණයෙන් ද සමන්විත වෙයි. එමෙන්ම එය සම්ප්‍රදායික pickup ට්‍රක් රථ මෙන් නොව විශේෂ hybrid ආකෘතියකින් සහ රළු මාර්ගවල ධාවනයේදී මනා පාලනයක් සහතික කරන ද්විත්ව මෝටර් පද්ධතියකින් ද සමන්විතය. රළු, මඩ සහ බෑවුම් වැනි විවිධ මාර්ගවලට ගැලපෙන පරිදි ස්වයංක්‍රීයව හැඩගැසෙන සහ අවශ්‍ය විටෙක වාහනයේ රෝද හතරටම ස්වයංක්‍රීයව බලය යොදවන smart තාක්ෂණික පද්ධතියක් (intelligent all-wheel drive) BYD SHARK 6 සතු වීම තවත් විශේෂත්වයක් වන අතර එමඟින් රියදුරුට ආරක්ෂිතව වාහනය හැසිරවීමට හැකියාව ලබා දෙයි.
විශේෂ hybrid පද්ධතිය සමඟින් එන BYD SHARK 6 හි ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට සහ ශක්තිය ඉතිරි කර ගැනීමට smart රිය පැදවීමේ ක්‍රම තුනක් ඇතුළත් වේ. එහි ඉලෙක්ටි්‍රක් මාදිලියේදී කිසිඳු කාබන් විමෝචනයකින් තොරව විදුලිය පමණක් භාවිතා කරමින් කිලෝමීටර 100 ක් දක්වා ගමන් කළ හැකි අතර දෛනික ගමන්බිමන් සඳහා වුවද මෙය සුදුසුය.
“BYD SHARK 6 යනු ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන සඳහා වැදගත් ඉදිරි පියවරක්. එය සතු off-road මාර්ගයක ධාවනය කිරීමේ හැකියාව සහ උසස් hybrid තාක්ෂණය මගින් ආරක්ෂිත හා කාර්යක්ෂම ධාවනය කිරීමේ අත්දැකීමක් ලබා දෙනවා. ඒවගේම Intelligent all-wheel drive සහ විවිධ රිය පැදවීමේ ක්‍රම වැනි විශේෂාංග මගින් ඕනෑම මාර්ගයක ගමන්බිමන් යාම සඳහා සුදුසු බව සහතික කරනවා. පරිසර හිතකාමී තාක්ෂණය සහ එදිනෙදා තත්වයන් තුළ හොඳින් ක්‍රියාත්මක වන ප්‍රබල ක්‍රියාකාරිත්වය සහිත pickup ට්‍රක් රථයක් හඳුන්වා දීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.” යනුවෙන් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.
BYD SHARK 6 හි මිල රුපියල් මිලියන 25.3 ක් දක්වා අඩු කිරීමෙන් පසු මිලදීගත් පළමු වාහන පහ මෙම දියත් කිරීමේ උත්සවයේදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන ලදී. තවත් පාරිභෝගිකයින් පිරිසකට ඔවුන්ගේ වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. BYD සහ John Keells CG Auto එක්ව විවිධ රිය පැදවීමේ තත්ත්වයන් හැසිරවීමට සහ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට නිර්මාණය කර ඇති නව්‍ය, උසස් මට්ටමේ වාහන ලබා දීමට ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාව පරිසර හිතකාමී, නව බලශක්ති වාහන වෙත මාරු වීමට අඛණ්ඩව සහාය දක්වයි.