Eyeview Sri Lanka

Carmart, මඟතොට කරදර නැති, ධාවනය අතරතුර බැටරිය ආරෝපණය වන Leapmotor C10 විද්‍යුත් වාහනය හඳුන්වා දෙයි

Share with your friend

විද්‍යුත් වාහනයක් තෝරාගැනීමට සිතන පාරිභෝගිකයින් හමුවේ පැන නගින බරපතල ප්‍රශ්නයක් නම්, පාළු ප්‍රදේශයකදී එහි බැටරි ආරෝපණය අවසන් වීමෙන් කරදරයට මුහුණ පෑමට වේදැයි යන සැකයයි. එම ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සපයන Carmart, විදුලි පේනුවකට සම්බන්ධ  කර ආරෝපණය කිරීම අවශ්‍ය නොවන විද්‍යුත් SUV රථයක් වන, Leapmotor C10 REEV (Range Extender EV)  හඳුන්වා දෙයි. 

C10 SUV රථය, සාමාන්‍ය විද්‍යුත් වාහනයක් ලෙස ධාවනය කළ හැකි අතර, එහි ඇති විදුලි ජනක යන්ත්‍රය මගින් එය ධාවනය අතරතුර බැටරිය ස්වයංක්‍රීයව නැවත නැවත ආරෝපණය වේ. ඒ හේතුවෙන්, ලීටර් 50ක ධාරිතාවයක් සහිත පෙට්‍රල් ටැංකියකින්, කිලෝමීටර 1150ක් තරම් දුරක් ධාවනය කිරීමේ පහසුව මෙම වාහනයෙන් හිමිවේ.  

Leapmotor වාහන සඳහා ශ්‍රී ලාංකීය සහකරු වන Carmart, වසර 75 කට අධික කාලයක්, Peugeot වාහන මෙරටට ගෙන්වීම සහ අලුත්වැඩියාව සඳහා සුවිශේෂී බලයලත් ආයතනයක්ද වේ. එමෙන්ම, Peugeot සහ Maserati ඇතුළු සන්නාම 15 ක නිපැයුම්කරු හා යුරෝපයේ දෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන, Stellantis සමාගමේ මෙරට ආනයනකරුවෙකු ලෙසින් ජාත්‍යන්තර වාහන ක්ෂේත්‍රයේ සහයද Carmart සතු වේ. Stellantis සමාගම, ලොව පුරා වාහන හිමිකරුවන් සඳහා, වඩාත් උසස් ධාවන අත්දැකීමක් පිරිනැමීමට තම සමාගමේ ඉංජිනේරුමය හැකියාව උපයෝගී කරගනිමින්, C10 වාහනයේ suspension මට්ටම සියුම් ලෙස සකස් කර ඇත. 

කොළඹ 2, යුනියන් පෙදෙසේ පිහිටුවා ඇති මෑතකදී නවීකරණය කළ, Stellantis Brand House ප්‍රදර්ශනාගාරයේ Peugeot  වාහන සගයින් හා එක්වුණු මෙම  Leapmotor වාහන මාදිලිය, දකුණු ආසියානු කලාපයේ වාහන පාරිභෝගිකයන්ට ප්‍රථම වරට අත්දැකීමේ අවස්ථාව දැන් උදා වී තිබේ

එදිනෙදා ධාවනය සඳහා ගැළපෙන මෙම C10 රථය, එහි සුසිනිඳු නිමාවද මුසුව පාරිභෝගිකයන්ට ඉහළම වාහන අත්දැකීමක් පිරිනමයි. එමෙන්ම, මනා ඉඩකඩ සහිත ඇතුළත නිමාව මුළු පවුලේම සුවපහසු ගමනට විශේෂයෙන් ඉවහල් වන් අතර, එහි වැඩි දියුණු කළ විශේෂාංග සහිත මෙම රථය, එහි සියුම් විලාසිතාව අනුවද පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීමට සමත් වේ. සුවපහසුව හා අලංකාරයට අමතරව, අති නවීන රියදුරු සහාය පද්ධතියකින්ද සමන්විත මෙම රථය, ආරක්ෂාව අතින් ප්‍රමුඛස්ථානය ගන්නා වාහනයක් බවට ලොව පුරා වැඩිහිටියන්, ළමුන් සහ පදිකයින් ආවරණය වන පරිදි  සිදුකරන ලද  5-star Euro NCAP ශ්‍රේණිගත කිරීම මගින් තහවුරු කර තිබේ.  එමෙන්ම වාහන හිමිකරුවන්ට සැනසිල්ල අත්කර දෙමින්, මෙහි බැටරිය සඳහා වසර 8 ක වගකීමේ සහතිකයක් සමගින් වාහනය සඳහා, තවදුරටත් දීර්ඝ කළ හැකි, 4-year/120,000 km ක වගකීමේ සහතිකයක්ද හිමි වේ.

“ශ්‍රී ලංකාව දැන් පසුකරමින් තිබෙන්නේ විද්‍යුත් වාහනන සඳහා තීරණාත්මක යුගයක්” ‍යනුවෙන් Carmart ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී යසේන්ද්‍ර අමරසිංහ මහතා පැවසීය. “මෙම කටයුත්තේදී, විශ්වාසදායි සන්නාමයක් වීමත්, පිළිගත් දේශීය බෙදා හරින්නෙකුවීමත් යන කාරණා දෙකම ඇත්තෙන්ම වැදගත්. මෙම වාහන පිටුපස Stellantis සන්නාමයත්, Carmart ආයතනයත් ඇති නිසා පාරිභෝගිකයින්ට මනා විශ්වාසයෙන් යුතුව, Leapmotor වාහනයක් තෝරා ගත හැකියි.”

Leapmotor C10 රථයක් මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන්ට 424, යුනියන් පෙදෙස, කොළඹ 02 පිහිටි Carmart වෙත පැමිණ, වාහන නැරඹීමටත්, ඒවායේ ධාවනය පරීක්ෂා කර බැලීමටත් හැකි වේ. Leapmotor C10 විද්‍යුත් වාහනයක් (EV) රු. මිලියන 17.4 සිට මිල ගණන් වලටත්, REEV රථයක් රු. මිලියන 20.95 සිට මිල ගණන් වලටත්, සීමිත කාලයක් දක්වා හිමිවන හඳුන්වාදීමේ දීමනාවක් සමඟින් ලබා ගත හැකිය. වාහන කල් තියා ඇණවුම් කර, පූර්ව අලෙවි ලැයිස්තුවේ සිටින වාසනාවන්ත පාරිභෝගිකයින් සඳහා, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී වාහන බෙදාහැරීම ඇරඹේ. 

විශ්වාසදායක ජාත්‍යන්තර – දේශීය සහයෝගිතාවයෙන් යුතුව, වාහනයේ නම්‍යශීලී බව, ගුණාත්මකභාවය, ආරක්ෂාව සමගින් ගෙවන මිලට ඉහළම වටිනාකම සහතික කරන වාහනයක් මිලදී ගැනීමට කැමති වාහන හිමියන් සඳහා, උසස්ම තත්ත්වයේ විදුලි වාහනවල අනාගතය නියෝජනය කරන වාහනයක් ලෙසින් Leapmotor C10, පෙරමුණේ පසු වේ.   


Share with your friend
Exit mobile version