Eyeview Sri Lanka

CDB කණ්ඩායම වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සුපර් ප්‍රිමියර් තරගාවලියේ ලීග්‍ අදියර අපරාජිතව නිමාකරයි

Share with your friend

පසුගියදා පැවැත්වුණු 2022 වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සුපර් ප්‍රිමියර් තරගාවලියේ ලීග් අදියරයේ තරග වට අපරාජිතව නිමා කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ. තරග 15 කින් සමන්විත වූ ලීග් අදියර තුළ ලකුණු 21 ක් වාර්තා කරගනිමින් ඉදිරියෙන්ම සිටීමට CDB කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන ලබාගත් කණ්ඩායම් වාර්තා කරගත් ලකුණු සංඛ්‍යාවන් පිළිවෙළින් 13.5 ක් සහ 13 ක් විය.

හැටන් නැෂනල් කණ්ඩායම සමග තරගයේදී තමන්ට හිමි ඕවර සංඛ්‍යාවෙන් හරි අඩක්ම ඉතිරිව තිබියදී තරගය නිමා කිරීමට CDB කණ්ඩායම සමත් වූ අතර, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සහ සම්පත් බැංකුව යන කණ්ඩායම් සමග තරගද පහසුවෙන් ජයගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. ලකුණු 121 ක් ලබාගත් ධනුෂ්ක ධර්මසිරි CDB කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ලක්ෂිත මානසිංහ කඩුලු 7 ක් ලබාගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය. 

මෙම තරගාවලියට සහභාගී වූ CDB කණ්ඩායම ළහිරු මධුශංඛ (නායක), ළහිරු උදාර (උප නායක), සිතාර ගිම්හාන, හසිත පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, ධනුෂ්ක ධර්මසිරි, මුදිත ලක්ෂාන්, සවින් ගුණසේකර, තරිඳු රත්නායක, රොහාන් සංජය, කේෂාන් විජේරත්න, ලක්ෂිත මානසිංහ, වනිඳු හසරංග, චරිත් අසලංක, චතුරංග ඩිල්ශාන්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සචිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු, ටෙහාන් ශාෆ්ටර්, තෙවිඳු සේනාරත්න සහ සචින්ත පීරිස් යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය. 


Share with your friend
Exit mobile version