Celcius Solutions හි කළමනාකාර අධ්‍යක්‍ෂක වසරේ කාර්යශූර ව්‍යවසායකයා ලෙස සම්මාන ලබයි

Share with your friend

Celcius Solutions (PVT) Ltd හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්‍ෂ  කමල් ඩෝල් මහතා CEO 2022 සම්මාන උළෙලේදී ‘වසරේ කාර්යශූර ව්‍යවසායකයා’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. අති විශිෂ්ට විධායක සහ ව්‍යාපාරික නායකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම  සඳහාම CEO Magazine වෙතින් මෙම සම්මාන උළෙල දියත් කරනු ලබයි.

“මේ වසරේ කාර්යශූර ව්‍යවසායකයා වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටු වෙනවා. Celcius පවුලේ සෑම සාමාජිකයෙකුටම ඔවුන්ගේ කැපවීම සහ සහයෝගය වෙනුවෙන් මම ස්තූති කරනවා. ඔවුන් නොසිටින්නට  මට මෙම සම්මානය ලබා ගැනීමට නොහැකි වන්නට තිබුණා. මෙම සම්මානය ඔවුන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඑලයක් ලෙස හඳුන්වන්න පුලුවන්”. කමල් ඩෝල් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. 

කනිෂ්ඨ විකුණුම් විධායකයෙකු ලෙස සිය ගමන ආරම්භ කළ ඔහු විවිධ ක්ෂේත්‍ර සහ සමාගම් හරහා තම වෘත්තියේ ඉදිරියට යන ලදී. ඇඟලුම් ක්ෂේත්‍රය  සඳහා ඇති දැඩි ආශාව අවබෝධ කරගත් ඔහු, ඔහුගේ ව්‍යාපාර  සහකරු සහ වත්මන් සභාපති වන චරිත් ගුණතිලක සමඟ එක්ව, දේශීය සහ කලාපීය වෙළෙඳපොළ සඳහා සුඛෝපභෝගී ඇඳ ඇතිරිලි නිෂ්පාදන සඳහා විශේෂීකරණය වූ 100%ක් ශ්‍රී ලාංකික සමාගමක් වන Celcius Solutions (PVT) Ltd. ස්ථාපිත කළේය.

සීදූවෙහි  පිහිටි ඔවුන්ගේ  කර්මාන්ත ශාලාවෙහි නිෂ්පාදනය කරන ගුණාත්මක බවින් යුත්  ඇඳ ඇතිරිලි සහ තුවා හේතුවෙන්  ඔවුන්ට ලංකාවේ අංක 1 සන්නාමය බවට පත්වීමට හැකියාව ලැබී ඇත. ප්‍රමුඛ  පෙළේ දේශීය සහ ජාත්‍යන්තර හෝටල් ජාලයන්, සුඛෝපභෝගී බුටික් හෝටල්, ප්‍රමුඛ  පෙළේ පෞද්ගලික රෝහල් සහ ප්‍රධාන  රාජ්‍ය  ආයතන රැසක් ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන සිටියි. ප්‍රමුඛ පෙළේ හෝටල් සැපයුම් සමාගමක් සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වයක් හරහා මාලදිවයින තුලද සිය පැවැත්ම තහවුරු කර ගැනීමට Celcius Solutions සමත් වී ඇත.

ඔවුන් සිය සංකල්ප වෙළඳසැල් දාමය තුළ විකුණුම් හවුල්කරුවන් 200 කට අධික ප්‍රමාණයක්  සහ අන්තර්ජාල වෙළඳසැල් ගණනාවක් හරහා ශ්‍රී  ලංකාව පුරා Celcius  නිෂ්පාදන අලෙවි කරනු ලබයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply