ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවක් වන CEMS-Global USA හි ශ්‍රී ලංකාව තුල පවත්වනු ලබන 14 වැනි අදියර පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සුවිශේෂී ප්‍රදර්ශනය මාර්තු 13 – 15 දක්වා කොළඹ 10 ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CEMS-Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී එස්. එස්. සර්වාර් මහතා සඳහන් කර සිටියේ රෙදිපිළි, ඇඟලුම් සඳහා වන යන්ත්‍රෝපකරණ, නූල්, රෙදි, සැරසිලි, උපාංග, වර්ණක සහ රසායනික ද්‍රව්‍ය වැනි සියලු දේ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලබන බවත්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් එක්වන බවත්ය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අත්‍යාවශ්‍ය අවස්ථාවක් වන මෙම ප්‍රදර්ශනය නිෂ්පාදකයින් හා ගෝලීය සැපයුම්කරුවන් අතර සබඳතාව ශක්තිමත් කිරීමට හේතුවක් වේ. මේ පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කර සිටියේ ඇඟලුම් කර්මාන්තය තුළ ඇති අඩුපාඩු සකස් කර ගැනීම සඳහා මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් වන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝරන්ස් මහතා “CEMS-Global හි 14 වැනි අදියර පැවැත්වීමට කටයුතු කිරීම වෙනුවෙන් අපගේ ස්තූතිය පුද කර සිටිනවා. මෙය එක් ප්‍රදර්ශනයකින් පමණක් නොව රෙදි, නූල්, යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් තීරණාත්මක කර්මාන්ත යෙදවුම් සහිත ප්‍රදර්ශන තුනකින් සමන්විත වනවා. ඒ තුලින් ගෝලීය සැපයුම්කරුවන් වෙත ශ්‍රී ලාංකේය නිෂ්පාදකයින්ට ඍජුවම තමන්ගේ නිෂ්පාදන ලබා දීමේ අවස්ථාව උදා වනවා. මහා පරිමාණ සමාගම්වලට ඍජු සැපයීම් ජාලයක් තිබිය හැකි වුවද බොහෝ කුඩා නිෂ්පාදකයින්ට සැපයුම්කරුවන් සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. එනිසා මෙම ප්‍රදර්ශනය ඔවුන්ට නව්‍යකරණය හා වර්ධනය වීම සඳහා සුවිසල් ශක්තියක් සපයනවා” යනුවෙන් පැවසුවේය.
ගෝලීය වශයෙන් සැලකීමේදී සදාචාරාත්මක, තිරසාර හා නව්‍ය භාවිතයන් සඳහා ශ්‍රී ලාංකේය ඇඟලුම් පිළිගැනීමට ලක්ව ඇත. දිනෙන් දින ඉදිරියට යන මෙරට ඇඟලුම් කර්මාන්තය තාක්ෂණික දියුණුව හා ද්‍රව්‍යමය වශයෙන් නවෝත්පාදනයන් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මෙම අවස්ථාව සඳහා ශක්තියක් වෙමින් කටයුතු කරන CEMS-Global හි කාර්යභාරය අගයමින් එය ‘ඇඟලුම් කර්මාන්තයේ දියුණුවේ විශිෂ්ටයකු’ ලෙස අගය කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපතිනි රජිතා ජයසූරිය මහත්මිය අපනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා මෙම ප්‍රදර්ශනයේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන්නාය. එහිදී ඇය සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ඇඟලුම් අපනයනකරුවන්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයට මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වනවා. මේ ආකාරයේ ප්‍රදර්ශනයන් තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව තාක්ෂණය හා වෙළෙඳපොල අවස්ථා වෙත වැඩි වැඩියෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කරනවා. ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කටයුතු කරන මෙරට ඇඟලුම් කර්මාන්තයේ ශක්තිය සඳහා මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත්-” යනුවෙනි.
මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන ප්‍රමාණය 300,000කට අධික වන අතර තවත් විශාල සංඛ්‍යාවකට වක්‍ර රැකියා අවස්ථාවන් හිමිකර දී ඇත. නවෝත්පාදනය, තිරසාරභාවය සහ උපාය මාර්ගික ගෝලීය හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමේ අවස්ථාව ලබා දෙන මේ ආකාරයේ ප්‍රදර්ශනයන් ඔවුන්ගේ රැකියාවන් සඳහා තවත් රුකුලක් සපයයි. දින 3ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ව්‍යාපාර සහයෝගීතාව හා වර්ධනය ඉහළ නංවන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් බවට අද වන විට පත්ව ඇත.
සිය හවුල්කරුවන්ට හා සහභාගී වන සියලු දෙනාට ස්තුතිය පළ කරන CEMS-Global USA මෙම ප්‍රදර්ශන මාලාව හරහා ශ්‍රී ලාංකේය රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් දායක වීම සඳහා වන ඔවුන්ගේ කැපවීම යළි යළිත් තහවුරු කිරීමටද සමත් විය.