Eyeview Sri Lanka

Christell Luxury Wellness වෙතින් මෙරට ප්‍රථම වරට හිස කෙස් වර්ධනය සඳහා නවතම ප්‍රතිකාර රැසක් Hair Lab වෙතින්

Share with your friend

Christell Luxury Wellness විසින් පසුගියදා ‘Christell Super Specialty Hair Restoration Lab’ නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙය මෙරට ජනතාව බහුලව මුහුණ දෙන ගැටලුවක් වන හිසකෙස් හැලීමේ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා තබන ලද පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. 

Christell Luxury Wellness සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී සහ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය 

Christell Super Specialty Hair Restoration Lab තුළ ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ Christell Advanced Regenerative Therapies (CART) ක්‍රමවේදයයි. විද්‍යාත්මක මූලධර්ම ඔස්සේ සිදුකරන ලද නවතම සොයාගැනීමක් වන මෙය Christell සමාගමේම නිර්මාණයකි. එය පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව සහ Hair Scan ක්‍රමවේද ඔස්සේ හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු හඳුනා ගනිමින් එම හේතුවලට පිළියම් ලබාදෙයි. 

“කොණ්ඩය හැලීම ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම බහුලව මුහුණ දෙන ගැටලුවක්. එහෙත් ඒ සඳහා මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් සහිත සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබුණේ නැහැ. මෙම නව ක්‍රමවේදය යටතේ හිසකෙස් යථා තත්වයට පත්කිරීම සඳහා රෝගීන්ගේ අවශ්‍යතාවන්ට සහ තත්වයන්ට ගැළපෙන ආකාරයට, සායනිකව තහවුරු කරන ලද ප්‍රතිකර්ම ක්‍රම භාවිතා කිරීමට අප බලාපොරොත්තු වනවා.” Christell Luxury Wellness සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී සහ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පැවසුවාය. 

Christell Hair Restoration Lab වෙත පැමිණෙන පුද්ගලයන් මුලින්ම ඔවුන්ගේ හිස් කබල සහ හිසකෙස් සම්බන්ධ පූර්ණ පරීක්ෂාවකට බඳුන් කෙරෙන අතර, ඉන් අනතුරුව අදාළ පුද්ගලයාට අනන්‍ය වූ තත්වයන්ට අනුකූලව ප්‍රතිකර්ම ක්‍රම තීරණය කෙරේ. මෙම සියලුම ප්‍රතිකර්ම සිදුකෙරෙනුයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ආරක්ෂාව සහ සාර්ථකත්වය සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවය. 

Christell Hair Restoration Lab හිදී සිදුකරන ප්‍රතිකර්ම අතරට Stem Cell Therapy for hair follicle regeneration, Platelet-Rich Plasma (PRP) Therapy to naturally stimulate hair regrowth, Exosome Therapy for cellular signaling and scalp repair, Advanced Hair Mesotherapy for targeted scalp nutrient infusion, Nutritional IV Therapy to address internal contributors to hair loss, Laser and Light Therapies to promote circulation and hair follicle activation, Growth Factor Concentrate Treatment සහ Platelet-Rich Fibrin (PRF) Therapy and Hair Transplant ඇතුළු ප්‍රතිකර්ම ක්‍රම රාශියක් ඇතුළත් වේ. 

රෝග විනිශ්චය සහ තෝරාගන්නා ලද ප්‍රතිකර්ම ක්‍රමවේදය අනුව ප්‍රතිකර්ම සඳහා විනාඩි 60 ත් 90 අතර කාලයක් ගත වේ. සති 8 ත් 12 ත් අතර කාලය තුළ එම ප්‍රතිකර්මවල ප්‍රතිඵල දැකගැනීමට රෝගීන්ට හැකියාව ලැබෙනු ඇත. 

මහාචාර්ය රමණි අර්සකුලරත්න සහ වෛද්‍ය ශානිකා අර්සකුලරත්න විසින් 2014 වසරේදී ආරම්භ කරන ලද Christell Luxury Wellness සමාගම එදා පටන්ම ශ්‍රී ලංකාවට නවීනතම වෛද්‍ය විද්‍යාත්මක රූපලාවණ්‍ය ක්‍රම රැසක් හඳුන්වා දී තිබේ. මෙරට තුළ ISO 9001:2015 සහතිකකරණය හිමි වූ එම කාණ්ඩයේ ප්‍රථම සමාගම එයයි. සාර්ථක ප්‍රතිකර්ම සම්බන්ධයෙන් මෙන්ම උසස් ප්‍රමිතිය හා රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම පිළිගැනීමක් හිමිකර ගැනීමට Christell Luxury Wellness සමත් වී ඇත. 

මීට පෙර Christell Luxury Wellness විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කුරුලෑ ඉවත් කිරීමේ සායනය වූ Christell Acne Lab සහ Christell Life ඇතුළු පුරෝගාමී හඳුන්වා දීම් රැසක් සිදුකර තිබේ. Christell Hair Restoration Lab යනු එහි නවතම පියවරයි. 

ඉදිරියටත් නවීන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ උසස් සත්කාරක ක්‍රමවේදයන් පදනම් කරගත් නවතම ප්‍රතිකර්ම ක්‍රම මෙරටට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සුවතා සේවා (Wellness) ක්ෂේත්‍රය තුළ තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීම Christell Luxury Wellness සමාගමේ අරමුණ වී තිබේ.


Share with your friend
Exit mobile version