Eyeview Sri Lanka

CoinCeylon x Intersect ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික සාමාජික රැස්වීම

Share with your friend

දකුණු ආසියාවේ බ්ලොක්චේන් පරිපාලනය සඳහා මුඛ්‍ය පියවරක් ලෙස, CoinCeylon Intersect සමඟ සහයෝගයෙන්, කොළඹ හිල්ටන් හෝටලයේදී සමාරම්භක වාර්ෂික සාමාජිකයින්ගේ රැස්වීම සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට ව්‍යාපාරික නායකයන්, මාධ්‍ය නියෝජිතයින් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුව දක්වන්නන් ඇතුළු 100කට අධික පිරිසක් සහභාගී වුණා. ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, ඝානාව සහ මෙක්සිකෝව යන රටවල පවත්වන ලද අනෙකුත් ගෝලීය වැඩසටහන් 5ට සමගාමී ව දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමු සිදුවීම සනිටුහන් කරමිනුයි මෙය පැවැත්වුණේ. ගෝලීය Cardano ජාලය සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික බ්ලොක්චේන් ප‍්‍රජාවට එය සුවිශේෂී අවස්ථාවක් බවට ද පත්වුණා. 2025 සඳහා Intersectහි පුළුල් දැක්මෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාජික රැස්වීම යනු Cardano බ්ලොක්චේන් ජාලය තුළ පාලනය, විනිවිදභාවය සහ නවෝත්පාදනය ප‍්‍රවර්ධනය කිරීමේ විශාල පිටුබලයකි. මෙම අවස්ථාවෙහි පැවති   සාකච්ඡුා මගින් වඩාත් ශක්තිමත් ප‍්‍රජා සහභාගීත්වයක අවශ්‍යතාවය අවධාරණය කෙරිණ. ශ්‍රී ලංකාව වැනි නැගී එන වෙළෙඳපොළවල බ්ලොක්චේන් තාක්‍ෂණික  අධ්‍යාපනය සහ එය ප‍්‍රවර්ධනය කිරීමට සැලසුම් සකස් කිරීම ද එහිදී සිදු විය.

CoinCeylon හි නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිලධාරී, Intersect Sri Lanka Hub කළමනාකාර කාවින්ද කාරියප්පෙරුම මහතා මෙම උත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් සඳහන් කළේ, ලංකාවේ CoinCeylon x Intersect Hub හි වාර්ෂික සාමාජික රැස්වීම බ්ලොක්චේන් පාලනය සහ නවෝත්පාදනය පෝෂණය කිරීමේ  වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. බ්ලොක්චේන් ජාලය තුළ විනිවිදභාවය, ක‍්‍රියාකාරී සහභාගීත්වය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ප‍්‍රජා කේන්ද්‍රස්ථාන අත්‍යවශ්‍ය බව තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළා.  සංවර්ධකයන්ට, ව්‍යවසායකයන්ට සහ බ්ලොක්චේන් ගැන උනන්දුව දක්වන අයට ගෝලීය කාඩනෝ ප‍්‍රජාවට දායක වීමට,මෙම බ්ලොක්චේන් කේන්ද්‍රස්ථානය වේදිකාවක් වනු ඇති බව ද ඔහු සිහිපත් කළා. බ්ලොක්චේන් අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීමට දේශීය විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡුා කිරීම සම්බන්ධයෙන් ද කාරියප්පෙරුම මහතා මෙහි සඳහන් කළා.

Intersect යනු විමධ්‍යගත පාලනය සහ බ්ලොක්චේන් තාක්‍ෂණයේ අනාගත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන Cardano ජාලය සඳහා වූ  සාමාජික-පාදක සංවිධානයකි.  Intersect හි සාමාජිකත්ව ප‍්‍රජා මෙහෙයුම් ප‍්‍රධානී Nick Cook, Intersect හි ගෝලීය කාර්යභාරය සහ CoinCeylon සමඟ එහි සහයෝගීතාවය ඉස්මතු කරමින් අදහස් පළ කළා. Intersect Cardano විවෘත මූලාශ‍්‍ර ව්‍යාපෘති සහ පාලනයට දායක වන සංවර්ධකයින්, සමාගම් සහ පුද්ගලයින් එ්කරාශි කරන බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සිය හවුල්කරු වන CoinCeylon, Cardano සඳහා උනන්දුවක් ඇති කිරීමට සහ බ්ලොක්චේන් වෘත්තිකයන් ඉහළ නැංවීමට ප‍්‍රශස්ත කාර්යයක් සිදු කරන බව ද ඔහු එහිදී පැවසුවා.

Intersect මෙහෙයුම් ප‍්‍රධානී Lawrence Clark – ලෝරන්ස් ක්ලාක් මහතා ද CoinCeylon කණ්ඩායමේ උත්සාහය අගය කරමින් අදහස් පළ කරනු ලැබුවා.

වාර්ෂික සාමාජික රැස්වීමට සහභාගී වීමට සහ CoinCeylon Sri Lanka Hub විසින් සිදු කරනු ලබන ඇදහිය නොහැකි කාර්යය දැක බලා ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි,  ඔහු එහිදී පැවසුවේ. 

වාර්ෂික සාමාජිකයින්ගේ රැස්වීමේදී  Intersect හි ඉදිරි නිලවරණ ගැන ද සාකච්ඡුාවට ලක් විය.  මෙම නිලවරණ සාමාජිකයින්ට Cardano අනාගතයට මඟ පෙන්වීමට උපකාර කරයි. ශ්‍රී ලංකාවේ බ්ලොක්චේන් ප‍්‍රජාව වේගයෙන් වර්ධනය වන අතර වැඩි පිරිසක් Cardano ගැන උනන්දු වෙති.  CoinCeylon සහ Intersect හට මෙම වර්ධනය පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ සාමාජිකයින්ට ඉගෙනීමට, එකට වැඩ කිරීමට සහ ගෝලීය බ්ලොක්චේන්  ලෝකයේ කොටස්කරුවන් වීමට අවස්ථාව ලබා දීමෙනි.


Share with your friend
Exit mobile version