Site icon Eyeview Sri Lanka

Creative Catalyst Fellowship හි ආගමනය: නිර්මාණකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රථම නායකත්ව හා නවෝත්පාදන වැඩසටහන. 

Share with your friend

Good Life X (GLX) සිය Creative Catalyst Fellowship (CCF) වැඩසටහනේ සමාරම්භය Trace Expert City හි දී පසුගියදා සනිටුහන් කරනු ලැබීය. මෙම වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන අංශය වන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් USAID හි අරමුදල් සම්පාදනයෙන් ක්‍රියාත්මක වන අතර මේ හරහා සමාජීය ගැටලු වෙනුවෙන් නව්‍ය විසඳුම් සෙවීම, දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා නිර්මාණකරුවන්ගේ හැකියාවන් උපයෝජනය කිරීම, සම්පත් යෙදවීම හා වෙනසක් වෙනුවෙන් මඟපෙන්වීම අපේක්ෂා කරයි.

USAID ශ්‍රී ලංකා හා මාලදිවයින හි පාලන හා අවදානම් සහගත ජන කොට්ඨාස පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ඇස්ටා සින්බෝ, වැඩසටහන ආරම්භ කරමින් සිය අදහස් මෙසේ දැක්වීය. “ශ්‍රී ලංකාව මෙන්ම මෙම කලාපය සහ සමස්තයක් වශයෙන් මුලු ලෝකයම මේ වනවිට දේශගුණය හා පරිසරය සුරක්ෂිත කරගැනීමේ සංකීර්ණ ගැටලුවට මුහුණ පා සිටිනවා. අපට අවශ්‍ය වන්නේ නව්‍ය විසඳුම්. මහජනයාගේ දැනුවත්භාවය ඉහළ නංවමින්, ධනාත්මක වෙනසකට මුලපිරීම වෙනුවෙන් අර්ථවත් විසඳුම් ලබාදීම උදෙසා සිය නිර්මාණාත්මක වෑයම ලබාදීමට සූදානමින් සිටින විවිධ වූ පසුබිම් යටතේ අප හා එක්වන මේ දසදෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායමට සහයෝගය දැක්වීම අපට මහත් උද්යෝගයක් ගෙන දෙන කරුණක්. ලබන වසර වනවිට Creative Catalyst Fellowship වැඩසටහනේ සාර්ථකත්වය දැකීමට අප වඩාත් උවමනාවෙන් පසුවෙනවා.”

මාස හතක වැඩසටහන තුල, එහි සාමාජිකයන් සම්ප්‍රදායන්ට අභියෝග කරමින් වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇත. තේමාත්මක සමූහයන්ගේ ආරම්භය, මෙම වසරේ කේන්ද්‍රීය අංශය වන දේශගුණික ක්‍රියාමාර්ග (Climate Action) හා තිරසාරකත්වය යන අංශයන් සමඟ සිදුවන අතර මේ හරහා ඒ වෙනුවෙන් නිර්මාණය වූ අවකාශයන් යටතේ ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකළ හැකි කතාබහක් සමාජය තුල නිර්මාණය කිරීමට වැඩසටහනේ සාමාජිකයන්ට අවස්ථාව හිමිවනු ඇත. විවිධ අංශයන්ගේ එකමුතුවෙන් රටතුල පවතින අභියෝගයන්ට තිරසාර විසඳුම් සැපයීම වෙනුවෙන් පෙරමුණ ගන්නා වෘත්තීයමය නිර්මාණකරුවන් පිරිසක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

CCF වැඩසටහනේ පසුබිම පැහැදිලි කරමින් එහි වැඩසටහන්  කළමනාකාරිණී එමා ද සිල්වා සඳහන් කළේ එහි නේවාසික ක්‍රියාකාරකම්, සූක්ෂම මඟපෙන්වීම් හා වැඩසටහන අවසානයේ පැවැත්වෙන ප්‍රදර්ශනයකින් එය සමන්විත බවයි. Good Life X ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරිනී, රන්දුලා ද සිල්වා, සිය අදහස් ප්‍රකාශ කරමින්, “නිර්මාණශීලීත්වය මඟින් විවිධ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධ කරමින්, සාරවත් අදහස් භෞතිකමය අභිවර්ධනයන් බවට පරිවර්තනය කරනු ලබනවා. මේ හරහා පරිකල්පනයන් හා බුද්ධිය එකට සම්බන්ධකර දැවෙන ගැටලුවලට විසඳුම් සොයමින් අනාගතය නිර්මාණය කිරීමට අපට මාවතක් විවිර කර දෙනවා. ප්‍රථමවරට පැවැත්වෙන මේ ආකෘතියේ වැඩසටහන වන CCF හි අරමුණ එයයි.” යනුවෙන් පවසා සිටියාය.

ආරම්භක වැඩසටහනේ දී GLX නියෝජනය කරමින් එමා ද සිල්වා, USAID සහය සහිතව ක්‍රියාත්මක වන PRO-INFO ව්‍යාපෘතිය වෙනුවෙන් අනුකි ප්‍රේමචන්ද්‍ර, නිර්මාණකරන හා සජීවීකරන නිර්මාණ ශිල්පිනී හා අධ්‍යාපනවේදිනී ඉරුෂි තෙන්නකෝන්, සහ Pearl Protectors හි නිර්මාතෘ හා සම්බන්ධීකාරක මුදිත කටුවාවල යන අයගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වටයක් ක්‍රියාත්මක විණි. මෙම සාකච්ඡාවේදී වඩාත් හිතකර දේශගුණයකින් හෙබි ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා මෙරට නිර්මාණකරුවන්ගේ සහයෝගය කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කෙරිනි.

මෙම වසරේ සමූහය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම මේ වනවිට ක්‍රියාත්මකව පවතී. මෙම වැඩසටහන ලලිතකලා, ඩිජිටල් කලා, ජායාරූපකරනය, චිත්‍රපට, ඇඹීම, රචනය, පද්‍ය රචනය හා මැටි නිර්මාණ යන අංශයන් හි නිරත පරිවර්තනීය වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් කැපවීමට සූදානම් අත්දැකීම්ලත් නිර්මාණකරුවන් උදෙසා නිර්මාණය වූවකි. මෙම සමූහය පිළිබඳ වැඩිදුර විස්තර goodlifex.com/glx-program/ccf-climate-positive/ හරහා ලබාගත හැක.


Share with your friend
Exit mobile version