Daraz ශ්‍රී ලංකා 11.11 ‘වසරේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන’ සමඟින් 90% ක් දක්වා වට්ටම්, රු. මිලියන 120 ක් වටිනා වවුචර්, Flash Deals සහ ප්‍රමුඛ පෙළේ සන්නාම 80+ ක් සඳහා 50% ක සෘජු වට්ටම් ගෙන එයි.

Daraz ශ්‍රී ලංකා හි ‘11.11 වසරේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන’, නොවැම්බර් මස 10 දින (රාත්‍රී 8:00 සිට) නොවැම්බර් මස 21 දක්වා පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත. මෙම ප්‍රවර්ධන කාලසීමාව පුරාවටම, 90% ක් දක්වා දැවැන්ත වට්ටම්, සුදුසුකම් ලත් ඇණවුම් සඳහා නොමිලේ භාණ්ඩ බෙදා හැරීම සහ රුපියල් මිලියන 120 ක් වටිනා වවුචර් පිරිනැමීම් සමඟින්, මෙරට පවතින පුළුල්තම නිෂ්පාදන එකතුවක් පාරිභෝගිකයින් වෙත පිරිනැමේ.
Daraz හි මෙම ප්‍රමුඛතම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන, Daraz app එක සහ වෙබ් අඩවිය හරහා වාර්තාගත වටිනාකමක් සහිත දීමනා රැසක් ගෙන එයි. මේ අතරට, වෙබ් අඩවිය පුරා ක්‍රියාත්මක Flash Deals සහ Mega Deals, විෂය කාණ්ඩ-විශේෂිත ප්‍රවර්ධන, සහ පාරිභෝගිකයින්ට රු. 11, රු. 111, රු. 1,111 සහ රු. 11,111 වැනි විශේෂ මිල ගණන් යටතේ නිෂ්පාදන ලබා ගත හැකි ‘Fastest Finger Flash Sales’ මාලාවක් ද ඇතුළත් වේ. තවද, Moose Clothing, Amante, Cetaphil, Global Diapers, Marvel Diapers වැනි සන්නාම 80කට අධික සංඛ්‍යාවක් සඳහා ‘Brand Rush Hour’ තුළදී 50% ක සෘජු වට්ටම් (flat 50% off) හිමිවනු ඇත. මෙම දීමනා සඳහා වන තොග සීමිත බැවින්, දීමනා සක්‍රිය වීමට පෙර Daraz වෙත පිවිස, තමන් කැමතිම දේ ‘shortlist’ කර ‘cart’ වෙත එක් කර ගන්නා ලෙස පාරිභෝගිකයින් දිරිමත් කෙරේ. සන්නාම 80කට අධික ප්‍රමාණයක් තෝරාගත් නිෂ්පාදන පෙළ සඳහා 50% ක සෘජු වට්ටමක් පිරිනමන අතර, Daraz Vouchers හරහා ගෙවීම් සිදුකිරීමේදී 12% ක් දක්වා අමතර ඉතිරියක් ද ලබා ගත හැක. ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ ජීවන, විලාසිතා, රූපලාවන්‍ය, ග්‍රොසරි සහ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සියලුම කාණ්ඩ සඳහා දීමනා පවතින අතර, ප්‍රවර්ධන කාලය පුරාවට අමතර කාණ්ඩ සඳහාද සුවිශේෂී වට්ටම්න් හදුන්වාදීමට ද සැලසුම් කර ඇත.
Daraz App එක හරහා එකතු කර ගත හැකි වවුචර, හවුල්කාර බැංකු සහ ඩිජිටල් wallets දීමනා සමඟ ඒකාබද්ධව භාවිත කළ හැකි අතර, එක් ගනුදෙනුවක් තුළදීම උපරිම ඉතිරියක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසයි. 11.11 හි ප්‍රධාන ගෙවීම් හවුල්කරුවන් අතරට NTB AMEX, HSBC, NDB, HNB, Union Bank, Commercial Bank, Sampath Bank, DFCC Bank, PABC, Bank of Ceylon සහ KOKO ඇතුළත් වේ. ‘Golden Rush Hour’ (රාත්‍රී 8 සිට පාන්දර 2 දක්වා), ප්‍රධාන වට්ටම් කාලසීමා සහ ‘Bank Rush Hour’ තුළදී, මෙම හවුල්කරුවන් විසින් 20% ක් දක්වා අමතර ඉතිරියක් ලබා දෙනු ඇත (එය හවුල්කරු-විශේෂිත නියමයන්, සීමාවන් සහ කොන්දේසිවලට යටත් වේ). ඩිජිටල් ලෙස ගෙවීමට තෝරා ගන්නා පාරිභෝගිකයින්ට, පූර්ව-ගෙවීම් දිරි දීමනා සහ, අදාළ අවස්ථාවන්හිදී, ඉහළ වටිනාකමකින් යුත් මිලදී ගැනීම් සඳහා මාස 12 වැඩි වාරික ගෙවීමේ පහසුකම් ද හිමි වේ.
මෙවර 11.11 ප්‍රවර්ධන වැඩසටහන සඳහා ප්‍රබල සන්නාම පෙළක් එක්ව සිටී. ඒ අතර Diamond Best Foods, Unilever, Ceylon Biscuits Ltd, BoAt, Mead Johnson, Reckitt Benckiser, Philips, Cetaphil, Hemas Manufacturing, Janet, Luvecsence, Spa Ceylon, KidsJoy, Farlin, Maliban Biscuit, Hayleys Consumer, Sigma Chemist GSK, 3Q Products, Ewora, Amante, Celcius, Feather, Moose, Quantum Fitness, Himalaya, Herbal Bliss, DSI, Hemas Pharmaceuticals සහ ICL Brands (Pvt) Ltd. වැනි ආයතන ද වේ. මෙම සහයෝගීතාවන් හරහා පුද්ගලික සත්කාර, ආහාර, ගෘහ උපකරණ, විලාසිතා, ඉලෙක්ට්‍රොනික සහ සුවතා කාණ්ඩ ඔස්සේ මිශ්‍ර දීමනා රැසක් සඳහා සහාය වනු ඇත. එමගින්, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාර්ෂික සහ උත්සව සමයේ සාප්පු සවාරි වසරේ හොඳම මිල ගණන් යටතේ සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසේ.
DarazMall හි ප්‍රමුඛතම flagship stores, සන්නාමයන් විසින්ම හෝ ඔවුන්ගේ බලයලත් බෙදාහරින්නන් විසින් සෘජුවම ක්‍රියාත්මක වන අතර, මෙම ප්‍රවර්ධන එකතුව සඳහා මුල් තැන ගනු ලබයි. ඒවා, පැහැදිලි සහ විනිවිදභාවයකින් යුතු ආපසු භාරදීමේ සහ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්ති මගින් අනුබල ලබන, නිල වගකීම් සහතික සහිත 100% ක්ම අව්‍යාජ නිෂ්පාදන සහ තුන් ගුණයක මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් ද පිරිනමයි. පාරිභෝගිකයින්ට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම සහ සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් ක්‍රම අතරින් තෝරා ගත හැකි අතර, එමගින් මිලදී ගැනීමේ ක්‍රියාවලිය නම්‍යශීලී සහ පහසු කරවයි. ‘COD Plus’ යනු අමතර පහසුවක් සපයන සේවාවක් වන අතර, එහිදී පාරිභෝගිකයින්ට භාණ්ඩය බෙදා හැරීමට ආසන්න වන විට, ඩිජිටල් ගෙවීම් ක්‍රමයකට මාරු වීමට අවස්ථාව ඇත.
Daraz ශ්‍රී ලංකා හි ප්‍රධාන වාණිජ නිලධාරී රුක්ෂාන් සේවියර් මහතා මෙසේ අදහස් දැක්වීය: “11.11 යනු අපගේ පාරිභෝගිකයින් වසර පුරාම බලා සිටින සාප්පු සවාරි සැණකෙලියක් බවට අද පත්ව තිබෙනවා. එය අප ඉතා බැරෑරුම් ලෙස සලකන වගකීමක්. ජනතාව Daraz වෙතින් කරුණු තුනක් අපේක්ෂා කරනවා. සැබවින්ම විශේෂ යැයි හැඟෙන මිල ගණන්, තමන් මිලදී ගන්නේ අව්‍යාජ නිෂ්පාදනයක් බවට වන මානසික සැනසීම, සහ app එක විවෘත කළ මොහොතේ සිට ඇණවුම අතට ලැබෙන මොහොත දක්වාම සරල අත්දැකීමක්. මෙවර 11.11 හි සෑම තොරතුරක්ම සැලසුම් කර ඇත්තේ එම අපේක්ෂාවන් මනසේ තබාගෙනයි. අපගේ ඉලක්කය වන්නේ, යමෙකු දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත්තත්, එසේත් නැතිනම් අවසානයේ තමන්ගේ සිහින මිලදී ගැනීමක් සිදු කළත්, මෙම ප්‍රවර්ධනය ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය වූවක් බව ඔවුන්ට හැඟීමයි. ඔබ app එක විවෘත කරන සෑම විටම, ඔබ ආදරය කරන අලුත් දෙයක් විශේෂ මිලකට සොයා ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඔබ කොතැනක සිටියත් ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළු ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ඇති බවත් ඔබ දැන සිටීම අපගේ අරමුණයි.”
Daraz ශ්‍රී ලංකා හි ‘වසරේ දැවැන්තම 11.11 අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ‘නොවැම්බර් 10 දින රාත්‍රී 8:00 සිට නොවැම්බර් 21 දක්වා ක්‍රියාත්මක වේ. Daraz app හි නවතම අනුවාදයට යාවත්කාලීන වන ලෙසත්, සියලුම දීමනා සහ පිරිනැමීම් සඳහා නිල 11.11 ප්‍රවර්ධන පිටුව පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත්, තමන් මිලදී ගැනීමට අපේක්ෂිත භාණ්ඩ කල්තියා ‘cart’ වෙත එක් කර ගන්නා ලෙසත් පාරිභෝගිකයින් දිරිමත් කර සිටිමු.