Eyeview Sri Lanka

DFCC බැංකුව තම ATM ජාලය තවත් පුළුල් කරමින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව ATM යන්ත්‍රයක් විවෘත කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, තම දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව MySpace ATM යන්ත්‍රයක් විවෘත කළේ ය. දිවයිනේ වැඩි පිරිසකට වඩාත් පහසුවෙන් තම මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. 

Unichela ආයතනයේ සාමාජිකාවක විසින් නව ATM යන්ත්‍රය භාවිතයෙන් ප්‍රථම වරට ගනුදෙනුවක් සිදුකළ අයුරු

මෙම නව MySpace ATM යන්ත්‍රය මගින් MAS Intimates Unichela කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයට මෙන්ම ඒ අවට කර්මාන්තශාලා වල කාර්ය මණ්ඩල වලට, සතියේ සෑම දිනකම පැය විසි හතර පුරා තම මූල්‍ය සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය LankaPay ජාලයට සම්බන්ධ ATM යන්ත්‍රයක් වන නිසා DFCC බැංකුවේ මෙන්ම එම ජාලයට සම්බන්ධ අනෙකුත් ඕනෑම බැංකුවක ඩෙබිට් කාඩ්පතක් භාවිතයෙන් මුදල් ආපසු ගැනීමට සහ ශේෂය විමසීම මෙන්ම විදුලි හා ජල බිල්පත් ගෙවීම, SLT ස්ථාවර දුරකථන බිල්පත් ගෙවීම සහ ඩයලොග් හා මොබිටෙල් ජංගම දුරකථන රීලෝඩ් කිරීමද DFCC ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකළ හැක. මීට අමතරව DFCC Virtual Wallet භාවිතයෙන් කාඩ්පත රහිතව ශේෂය විමසීම සහ මුදල් ආපසු ගැනීම, DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් කිරීම සහ DFCC ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් තුන්වන පාර්ශ්වයන් සතු DFCC ගිණුම් වෙත මුදල් මාරු කිරීම වැනි සේවාවන් රාශියක්ද මෙම MySpace ATM යන්ත්‍රය භාවිතයෙන් ලබාගත හැකි වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසී ය. “අපගේ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ MAS Intimates Unichela පරිශ්‍රයේ නව ATM යන්ත්‍රයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් හා විශිෂ්ට අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට අප සෑම විටම දැඩි අවධානයක් යොමුකරනවා. කාටත් ගැළපෙන බැංකුව ලෙස කවදත් අපගේ ඉලක්කය වූයේ අපගේ බැංකු හා මූල්‍ය සේවාවන් වැඩි පිරිසක් වෙත සමීප කරවීමයි. මේ නව MySpace ATM යන්ත්‍රය, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ සේවය කරන කාටත් ඉමහත් පහසුවක් වේවි. එමගින් ඔවුන්ට DFCC බැංකුවේ ජාත්‍යන්තර තලයේ සේවාවන් තුළින් හිමිවන සියලුම ප්‍රතිලාභ වඩාත් පහසුවෙන් අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.” 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Exit mobile version