Site icon Eyeview Sri Lanka

DFCC බැංකුව තවත් සුවිශේෂී ලීසිං පෙරළියකට මුලපුරමින් වඩාත්ම සහනදායී ලීසිං මාසික වාරික ක්‍රමයක් හඳුන්වා දෙයි

Share with your friend

DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම මාසික වාරිකයක් සමගින් ලීසිං පහසුකම් ලබාගැනීමට දැන් ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වී තිබේ. මෙලෙස සිය පාරිභෝගික ජනතාව වෙත අඛණ්ඩව සහන සලසන DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි

DFCC බැංකුව හඳුන්වාදුන් මෙම සහනදායී මාසික ලීසිං වාරික ලබාදීම පිළිබඳව අවධානය යොමුකලහොත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණ මුල්කරගනිමින් නව විසඳුම් හා සේවාවන් නිරන්තරයෙන් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයන් සම්බන්ධයෙන්, එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ අදහස් පළකළේ ය. “අප උත්සාහ කරන්නේ ගනුදෙනුකරුවන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමටයි. සෑම කෙනෙකුටම තම ජීවන තත්ත්වය සම්බන්ධ සීමාවන්ට යටත් නොවී, වාහනයක හිමිකාරීත්වයේ සතුට අත්විඳීමට අවස්ථාව තිබිය යුතු බව අප විශ්වාස කරනවා. කාටත් ගැළපෙන බැංකුව වශයෙන් අප හිමිකරගෙන ඇති කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගනිමින් මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සහනදායී මාසික ලීසිං අනුපාතයන් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.” 

DFCC බැංකුවේ ලීසිං අංශය වන DFCC Leasing මෙරට බැංකු සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකේ. 2023 තුන්වැනි කාර්තුවේදී ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් තවත් සුවිශේෂී ලීසිං විසඳුම් සේවාවක් හඳුන්වා දීමට DFCC Leasing කටයුතු කළේ ය. මෙරට රථවාහන වෙළඳපොළ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තුළ පවතින අවිනිශ්චිතතාවන්ට විසඳුමක් වශයෙන් මෙය හඳුන්වා දෙන ලදි. මෙමගින් ගනුදෙනුකරුවන්ට පොලී අනුපාත අඩුවෙන තුරු, රථවාහන මිලගණන් පහළ යනතුරු හෝ අලුත් වාහන ගෙන්වීමට අවසර ලැබෙන තුරු බලා නොසිට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව මෙම කෙටිකාල සීමාවකට පමණක් සඳහා ලබාදුන් සේවාවෙන් ගණුදෙනුකරුවන් සඳහා උදාවිය. ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ විසඳුමෙහි විශේෂත්වය වන්නේ, වෙනත් ලීසිං සේවාවකින් නොලැබෙන නම්‍යශීලීභාවයයි. එමගින් වාහන හිමියන්ට වසරකින් අනතුරුව අමතර ගාස්තු ගෙවීමකින් තොරව අඩු ලීසිං අනුපාතයක් වෙත මාරු වීමට හෝ වඩාත් ඉහළ වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. වෙළඳපොළේ වෙනත් ලීසිං සේවාවකින් නොලැබෙන මෙම පහසුකම, නුදුරු අනාගතයේදී වෙළඳපොළේ සිදුවන යහපත් වෙනස්කම්වලින් ප්‍රයෝජන ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙන ලදි. තවදුරටත් DFCC බැංකුව පිළිබඳ සඳහන් කිරිමේදී හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ. Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

DFCC ලීසිං සේවාවන්ගේ සුවිශේෂී බව පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඔබට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පියනගන්න. නැතිනම් https://www.dfcc.lk/products/leasing-personal/  වෙත පිවිසෙන්න. පැය 24 පුරා ක්‍රියාත්මක 011 2 350 000 දුරකථන අංකය ඔස්සේ අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීම මගින්ද වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ. 


Share with your friend
Exit mobile version