Eyeview Sri Lanka

DFCC බැංකුව 2024 AICPA & CIMA Top 20 Employers ලැයිස්තුවේ 4 වැනි ස්ථානය හිමිකරගනී 

Share with your friend

වසරේ විශිෂ්ටතම සේවායෝජකයන් ශ්‍රේණිගත කරන ‘AICPA & CIMA Top 20 Employers’ ලැයිස්තුවේ 2024 ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට DFCC බැංකුව සමත් වී සිටී. සේවායෝජනය සම්බන්ධයෙන් DFCC බැංකුව අනුගමනය කරන විශිෂ්ට ක්‍රමවේදයන් හේතුවෙන් මෙම ඇගයීම හිමි වී ඇත. AICPA සහ CIMA යන ආයතනවල සාමාජිකත්වය හිමි වෘත්තිකයන් සේවය කරන ස්ථාන මෙම ලැයිස්තුව මගින් ශ්‍රේණිගත කෙරේ. මේ සඳහා හිමි වූ ඇගයුම් සහතිකය DFCC බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල මහතා විසින් පිළිගන්නා ලදි. CIMA President’s Reception උත්සවයට සමගාමීව පැවති මෙම සම්මාන උළෙලට CIMA සභාපතිනි සේරා ඝෝෂ් මහත්මියද සහභාගී වූවා ය. DFCC බැංකුව යනු විවිධ තරාතිරම්වලට අයත් වෘත්තිකයන්ට විශිෂ්ට සේවා තත්ත්වයන් යටතේ රාජකාරි කිරීමට අවස්ථාව සලසා දී ඇති සේවා ස්ථානයක් වන අතර, එම වෘත්තිකයන් අතරින් විශාල පිරිසක් CIMA සුදුසුකම් සපුරා තිබේ. 
DFCC Bank Ranked 4th NW

ඡායාරූපය (වමේ සිට)

වෙන්කට් රමණන් [FCMA (UK), CGMA ප්‍රාදේශීය උප සභාපති (Asia Pacific AICPA & CIMA)], සේරා ඝෝෂ් [FCMA (UK), CGMA, කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සභාපතිනි], අසංග උඩුවෙල (DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී) සහ සහරා අන්සාරි [FCMA (UK), CGMA දේශීය කළමනාකාරිනී (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) AICPA & CIMA] යන මහත්ම මහත්මීන් 


Share with your friend
Exit mobile version