Site icon Eyeview Sri Lanka

DFCC බැංකුව, 68 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අතිසාර්ථක ලෙස පසුගියදා පවත්වනු ලබයි.

Share with your friend

DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට අගනා වේදිකාවක් විය. 2023/24 මූල්‍ය වර්ෂය DFCC බැංකුව වාර්තාගත ජයග්‍රහණ රැසක් වාර්තා කළ මූල්‍ය වර්ෂයක් වූ අතර, එහිදී මූල්‍ය ක්‍රියාකාරීත්වය අතින් තිරසාරත්ව ඉලක්ක ළඟාකරගැනීම සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කිරීමට බැංකුවට හැකියාව ලැබිණි. මේ ආකාරයට මූල්‍ය ශක්තිය වැඩිදියුණු කරගැනීමට සමගාමීව තිරසාරත්වයටද මුල්තැන දෙමින්, අභියෝග ජයගනිමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ. 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ. 

Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. 

Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Exit mobile version