DSI U softo‘අත්වැලවෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්

Home » DSI U softo‘අත්වැල’වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්
Share with your friend

DSI නිවසේ කීර්තිමත් පාවහන් සන්නාමයක් වන DSI U Softo වෙතින් ආර්ථික දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමින් “DSI U Softo අත්වැල” ලෙස නව සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කොට ඇත. 

“DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි වජිර ශ්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත් සෙවණ විශේෂ පාසැල හා දූදරු රැකවරණ මධ්‍යස්ථානය වෙතටත් රු. 700,000 කට අධික වටිනාකමකින් යුතු වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී. 

“DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භක පරිත්‍යාගය පිළිබඳ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා “අපේ රටේ අපේම ¥ දරුවන් පිරිසකට උපකාර අවශ්‍යම අසීරු මොහොතකදී මෙවැනි පරිත්‍යාගයක් සිදුකොට ඔවුන්ට යම් සහනයක් ගෙන එන්නට හැකිවීම පිළිබඳ අප අවංකව සතුටු වෙනවා. ළමයි අපේ රටේ අනාගතයයි, රටේ අනාගතය භාර ගන්න ඉන්නා ¥ දරුවන් වෙනුවෙන් මූලිකත්වය ලබාදෙමින් දුෂ්කරතා ඇති විවිධ සමාජ ස්ථරයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අත්වැලක් වෙන්නට DSI U Softo අත්වැල සමාජ සත්කාරක වැඩසටහන ඉදිරියේදිත් සූදානම්. ” යැයි පැවසීය.

“DSI U Softo අත්වැල” සමාරම්භක අවස්ථාවට ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි අලෙවි කළමනාකාර නිරෝධ ගුණසේකර මහතාත්, සහකාර සන්නාම කළමනාකරුවන් වන චින්තන යාපා, සජානි පෙරේරා සහ ජයනිකා රණසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම කණිෂ්ඨ සන්නාම විධායක සඳුනිකා මල්ෂානි මෙනෙවියත් පුහුණුවන අලෙවි නිලධාරී දමිත් ශමින්ද මහතා සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් රැසක් දිනපතා විවිධ දුෂ්කරතා රැසකට මුහුණපාමින් සිටින මොහොතකදී අත්වැලක් අවශ්‍යම වූ පීඩිත මිනිසුන් සොයා යමින් දියත්ව ඇති  “DSI U Softo අත්වැල” සමාජ සත්කාරක ව්‍යාපෘතිය කාලීන සමාජ අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි “DSI U Softo අත්වැල” සැමවිටම ශ්‍රී ලාංකිකයන් දිරිමත් කළ ශ්‍රී ලාංකික සමාගම් සමූහයක් වන DSI ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමේ මෙහෙවරේ තවත් ඉදිරි පියවරකි.


Share with your friend

Leave a Reply

%d bloggers like this: