Eyeview Sri Lanka

ESOFT Metro Campus, වෙතින් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

Share with your friend

ශ්‍රී ලාංකීය සිසුන් නගාසිටුවීම සඳහා භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ඉලක්කකර ගනිමින් ESOFT Metro Campus විසින් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. එම උත්සව අවස්ථාවට ESOFT සහ Cambridge University Press & Assessment යන ආයතන දෙක නියෝජනය කරමින් ගෞරවනීය අමුත්තන් සහභාගී විය.

ESOFT Metro Campus හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ – වෛද්‍ය දයාන් රාජපක්ෂ,ප්‍රධාන විධායක නිලධාරී  – නිශාන් සෙම්බකුට්ටිආරච්චි,   ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – සමූහ ව්‍යාපාර සංවර්ධන – අමිල බණ්ඩාර මෙම ගෞරවනීය මණ්ඩලයට ඇතුළත් විය.Cambridge University Press & Assessment නියෝජනය කරමින්ද, කුණු ආසියාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, අරුන් රාජමනි සහ ශ්‍රී ලංකා කළමනාකරු (English) – ශෆ්ඛාන් ෆාරිස් මණ්ඩලයේ විය. 

ESOFT සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ – වෛද්‍ය දයාන් රාජපක්ෂ, (වමේ ) සහ Cambridge University Press & Assessment හි දකුණු ආසියාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, අරුන් රාජමනි

වෛද්‍ය දයාන් රාජපක්ෂ උත්සව සභාව අමතමින්, Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානය ආරම්භ කිරීම ESOFT සඳහා “ඓතිහාසික සන්ධිස්ථානයක්” බව සඳහන් කරමින්, වර්තමාන ගෝලීයකරණය වූ ලෝකය තුළ ශක්තිමත් සන්නිවේදනයේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කළේය.

තවදුරත් සිය අදහස් ඵලකරමින්, ඔහු කියා සිටියේ, “අද පටන්, ESOFT Metro Campus, සහතිකලත් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ලෙස අභිමානවත් ලෙස ඉදිරියට ගමන්කරන අතර, සිසුන්ට, පාසල් අධ්‍යාපනය අවසන් කළ පිරිස් වෙත සහ රට පුරා ඉංග්‍රීසි විෂයක් ලෙස හදාරන පිරිස් හට භාෂා ප්‍රවීණතාවයේ නව තලයකට ළඟා වීමට අත්වැලක් සැපයීම සඳහා කැපවී සිටී. ගෝලීයකරණය වූ සමාජයක සාර්ථකත්වය සඳහා භාෂා ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය වේ, මන්ද වෘත්තිකයෙකුගේ වෘත්තිය ජීවිතය ඉහළ නැංවීමට සහ ලොව පුරා පවතින විවිධ අවස්ථා ළඟාකරගැනීමට ශක්තිමත් සන්නිවේදන කුසලතා අවශ්‍ය බැවිනි”

එයටම අදහස් එක් කරමින් අරුන් රාජමනී මෙසේ අවධාරණය කළේය, “ප්‍රවීණතාවයට රැකියා අවස්ථා දෙගුණ කිරීමටත් ගෝලීය අවස්ථා සඳහා මංපෙත් විවර කිරීමටත් හැකි බැවින් ඉංග්‍රීසි භාෂා කුසලතා, රැකියා නියුක්තිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මෙම නව මධ්‍යස්ථානය පිහිටුවීම, සහයෝගී ප්‍රයත්නයකි. ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ දේශීය අධ්‍යාපන පිරිනැමීම් සමාන කිරීමට ESOFT හි ඇති කැපවීම මෙම සහයෝගී ප්‍රයත්නයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරා “

ESOFT Metro Campus හි පවතින මෙම Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානය හුදු විභාග මධ්‍යස්ථානයක් පමණක්ම නොවේ,එය ශාස්ත්‍රීය හා වෘත්තීය වර්ධනයට අත්වැලකි. ඉංග්‍රීසි ප්‍රවීණතාවය සෑම ක්ෂේත්‍රයකම සාර්ථකත්වය සඳහා මූලික කුසලතාවයක් වී ඇති අතර, ගෝලීය වශයෙන් පිළිගත් පොදු යුරෝපීය නිර්දේශ රාමුව (CEFR) මත පදනම් වූ කේම්බ්‍රිජ් හි පුළුල් රාමුව සිසුන්ට සම්පුර්ණ හා මනාව ගළපන ලද, භාෂාමය හැකියාවක් වර්ධනය කිරීම සහතික කරයි.

Cambridge සුදුසුකම් ලබා දීමෙන්, ESOFT Metro Campus ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සහතිකපත් ප්‍රදානය කරමින්, අධ්‍යාපනයට සහ වෘත්තීය දියුණුවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මංපෙත් විවර කරමින් සිසුන් සවිබල ගන්වයි,

මෙම හවුල්කාරීත්වය මඟින් ESOFT විසින් KET, PET, FCE, C1, සහ TKT ඇතුළු Cambridge ඉංග්‍රීසි වැඩසටහන් මාලාවක් සඳහා ඉගෙනුම් සහ විභාග පහසුකම් ශ්‍රී ලංකාවේ ESOFT ශාඛා 40 පුරා සිටින සිසුන්ට ලබා දෙනු ඇත.රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්වල සිසුන්ට හටද ඔවුන්ගේ භාෂා ප්‍රවීණතාවය වැඩිදියුණුකර ගැනීමට අවස්ථාව උදාකර දෙමින්,1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් (YLE) සඳහා, Starters, Movers සහ Flyers වැඩසටහන් සඳහා සහභාගී විය හැකියි.

මේ වන විට, KET සහ PET වැඩසටහන් ESOFT සිසුන් සඳහා විශේෂයෙන් සැලසුම්කර ඇති අතර TKT සකස්කර තිබෙන්නේ ගුරුවරුන් සඳහා ය. මීට අමතරව, ශ්‍රී ලංකාව පුරා ඇති පාසල් සහ භාෂා මධ්‍යස්ථානවලට ESOFT සමඟ හවුල්කාරිත්වයකට එළඹීමෙන් ඕනෑම ආයතනයකට Cambridge English සූදානම් කරවීමේ මධ්‍යස්ථානයක් ලෙස සුදුසුකම් ලැබිය හැකිය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහාවන ESOFT හි අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. මෙම නව මධ්‍යස්ථානය සමඟින්,සිසුන්ට ගෝලීය වශයෙන් විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය කුසලතා සහ විශ්වාසය ගොඩනැංවීමට කටයුතු කරමින් ESOFT, ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ අනාගතය කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කිරීමට අරමුණු කරයි.


Share with your friend
Exit mobile version