Esports නරඹන අතරතුර ස්ප්‍ර‍යිට් සිසිලසින් ප්‍ර‍බෝධමත් වන්න

Share with your friend

කොකා-කෝලා සමාගමේ දෙවැනි විශාලම සිසිල්බීම සන්නාමය  වන ස්ප්‍ර‍යිට්,  ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන Esports (පරිගණක ක්‍රීඩා) ප්‍ර‍ජාව සමග සම්බන්ද වෙමින් Esports Premier League (EPL) 2021හි “Refreshing Partner” ලෙස සිය අනුග්‍ර‍හය ලබාදීම සඳහා  නිල වශයෙන් පියවර තබන ලදී.  

ගෝලීය වසංගතයෙන් ආරක්ෂා වීමට නිවෙස්වලම රැඳී සිටින ජනතාව ගේ  ප්‍රබෝධය සහ විනෝදාස්වාදය ඉහල නැංවීමේ  ඉලක්කය අනුව යමින් ස්ප්‍ර‍යිට් මෙම සහයෝගිතාවයට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛතම Esports සමාගම වන Gamer.LK විසින් සංවිධානය කරන ලද EPL 2021 මෙරට දැවැන්තම Esports ලීගය බවට පත්වනු ඇති අතර, සියලුම පරිගණක ක්‍රීඩා ලෝලීන් මහත් ලෙස බලපොරොත්තු දල්වා බලා සිටි මෙම නව්‍ය වූ තරගාවලිය 2021 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් නියෝජනය කරන අවසන් වටයට තරගකරුවන් 60 දෙනෙකු තෝරාගැනීම සදහා epl.lk වෙබ් අඩවිය ඔස්සේ දැන් සුදුස්සන් ලියාපදිංචි කෙරේ. 

සියලුම තරගකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත මගපෙන්වීම් අනුගමනය කරමින් EPL 2021 තරගාවලිය දුරස්ථව පැවැත්වෙන අතර, සියලුම තරගකරුවන් සිය නිවෙස්වල සිට තරගාවලියට සහභාගි වේ. නිවසේ සිට මෙම තරගාවලියට සහභාගි වීම යනු ඔවුන්ට රිසි පරිදි ලෙමන් සහ දෙහි රසින් අනූන ස්ප්‍ර‍යිට් බෝතලයක් රස විඳීමේ හැකියාව ලැබෙන්නකි.. මොහොතින් මොහොත උණුසුම් වන තීව්‍ර‍ තරගවාර අතරමැද ලැබෙන විවේක කාලය ස්ප්‍ර‍යිට් සමගින් ප්‍ර‍බෝධමත් වීමට තරගකරුවන්ට අවස්ථාව ලැබේ. මෙයින්, ජයග්‍ර‍හණය කරා පහසුවෙන් යාමට අවශ්‍ය නැවුම් හා ප්‍ර‍බෝධමත් ශක්තිය ලැබෙන බැවින් ප්‍ර‍බල තරගයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත.. ස්ප්‍ර‍යිට් රස බලන අතරතුර තරගයට සහභාගි වන තරගකරුවන්ට නැවුම් ඇසකින් අභියෝගය දෙස බැලීමට හැකි වන අතර, වෙහෙසකර දවස අවසානයේ මනස නිරවුල් කරගැනීමටත් ස්ප්‍ර‍යිට් බෝතලයක සිසිලස හා ප්‍රබෝධය උපකාරී වේ. 

බලයලත් නියෝජිතයින් මත පදනම්ව පැවැත්වෙන PUBG Mobile league තරගාවලිය ශ්‍රී ලංකාවේ පලාත් නවය නියෝජනය කරන කණ්ඩායම් 12කින් සහ සෙසු කණ්ඩායම් 3කින් සමන්විත වේ. එක් කණ්ඩායමකට තරගකරුවන් 5 දෙනෙකු ඇතුළත් කණ්ඩායම් 12ට ඇතුළත් වීම සදහා දිවයින පුරා තරගකරුවන් 1,500කට වැඩි පිරිසක් තරගවදින මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් නරඹන Esports තරගය බවට පත් කිරීම EPL 2021හි අරමුණ වේ. ප්‍ර‍බෝධමත් වෙනසක් සමගින් මෙම තරගකරුවන්ට ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීම සදහා සනත් ජයසූරිය, ලසිත් මාලිංග, චමින්ද වාස්, රසල් ආර්නොල්ඩ්, ටී එම් දිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රීඩාලොව නම් රැන්දූ ක්‍රීඩකයින් මෙහි කණ්ඩායම් උපදේශකයින් වශයෙන් කටයුතු කරන අතර, තරගකරුවන්ට ඔවුන්ගෙන් උපදෙස් ලබාගැනීමේ වරප්‍ර‍සාදය ද මෙහිදී හිමි වේ. 

EPL 2021 තරගාවලිය කොටස් 4ක් යටතේ පැවැත්වෙන අතර Super Weekend සහ Grand Finals තරග සදහා තම ස්ථාන හිමි කරගැනීමට තරගකරුවන්ට Open Qualifiers, Team Auction සහ Play-Off අවස්ථා හරහා යා යුතු වේ. තරගාවලියේ ජය කිරුළු හිමි කරගැනීම සදහා අවසානයේ තෝරාගන්නා කණ්ඩායම් 9 තරගවදිනු ඇත. අවසාන මහා තරගයට සුදුසුකම් ලබන තරගකරුවන් ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා විශිෂ්ටතමයින් බවට පත්වීම සදහා ප්‍ර‍බෝධමත්ව ජයග්‍ර‍හණය කරා යාමට ජවය ලබාගැනීමටත් ස්ප්‍ර‍යිට් වැදගත් වනු ඇත. 

Esports මේ වන විට ලොව පුරා විශාල පිරිසක් ආකර්ෂණය කරගත් ක්‍රීඩා ක්‍ර‍මයක් වන අතර, පසුගිය දශකයක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ද මෙම පරිගණක ක්‍රීඩා ක්‍ෂේත්‍ර‍ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. 2019 වසරේදී මෙය ජාතික ක්‍රීඩාවක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ද පිළිගෙන ඇති අතර, අද වන විට මෙරට පරිගණක ක්‍රීඩකයින් ආසන්න වශයෙන් මිලියන 4ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර තිබේ. පරිගණක ක්‍රීඩාවල නියැලෙන අතරවාරයේ ස්ප්‍ර‍යිට් බෝතලයක සිසිලස විඳගනිමින් ප්‍ර‍බෝධමත් වීමෙන් ක්‍රීඩකයින්ට සිය සහෘද තරගකරුවන්ටට අභියෝගයක් වෙමින් ජයග්‍ර‍හණය කරා යාමට පහසුවක් වනු ඇත.  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply