Eyeview Sri Lanka

Eva විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පොලීසිය සමග එක්ව  “Eva දැනමුතු දරු-දැනගෙනම ලොකු වෙමු” වැඩසටහන හරහා ආර්ථව සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මෙහෙවරට නායකත්වය ලබාදෙයි

Share with your friend

2024 ඔක්තෝබර් 01 කොළඹ – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන Eva අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය හා ටීම් හීරෝ පදනම සමග එක්ව “මග හැරුණු පාඩම” ජාතික දැනුවත්කිරීමේ වැඩසටහන යටතේ   Eva දැනමුතු දරු-දැනගෙනම ලොකු වෙමු” උද්දෘතය ප්‍රමුඛ කොටගත් යහපත් චර්යා ප්‍රවර්ධන අධ්‍යාපනික මූලිකත්ව වැඩසටහන අරඹයි.   Eva දැනමුතු දරු-දැනගෙනම ලොකු වෙමු” මූලිකත්ව වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති බාලිකා පාසල් 3000කගේ පමණ සිටින ගැහැණු දරුවන් තුළ කාන්තා සෞඛ්‍ය, වැඩිවියට පැමිණීම, ප්‍රජනන සෞඛ්‍ය සහ ඔසප්වීම පිළිබඳව අවබෝධය හා දැනුවත්භාවය වර්ධනය කිරීමයි.

 “මග හැරුණු පාඩම” ජාතික දැනුවත්කිරීමේ වැඩසටහනේ සමාරම්භය ලෝක ළමා දිනය වූ ඔක්තෝම්බර් 1වැනි දින අභිනව අගමැතිනී, ගරු ආචර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ආරාධිත අමුත්න්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සමාජය තුළ විවෘතව කතාබහ නොකරන සහ සාවද්‍ය තොරතුරුවලින් ගහන කාන්තා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවා ඇති හිස්තැන් අවම කිරීම උදෙසා මෙම ක්‍රියාදාමය නිර්මාණය කර තිබිණි.

Eva ආයතනය මෙම වැඩසටහනට දායකත්වය ලබාදීම, ඔසප් කාලයට වඩාත් ධනාත්මකව මුහුණදීමට ශක්තිය මෙන්ම කාන්තාවන් සහ දරුවන්ව අධ්‍යාපනය හරහා බලගැන්වීම වෙනුවෙන් කැපවන Eva නොනවතින ආයතනික අරමුණ මොනවට පැහැදිළි කරන උදාහරණයකි. තමන්ගේ නිෂ්පාදන තුළින් ජනතාවට ලැබෙන සුවපහසුවට එහා ගොස් යහපත් අවබෝධාත්මක සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් සන්නාමයේ කැපවීම මේ හරහා පිළිබඹු වෙන අතරම සමාජ චාරිත්‍රමය තහංචි බිඳ දමමින් සමාජය දැනුවත් කිරීමේ පුරෝගාමියෙකු ලෙස ඉදිරියට පැමිණීම ද දර්ශනය වෙයි. මෙම මූලිකත්ව වැඩසටහනේ ප්‍රධානම අංගයක් වූයේ ශ්‍රී ලංකා පොලීසිය, කාන්තා සහ ළමා කාර්යාංශය එක්ව කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන වලක්වා ගැනීම උදෙසා හඳුන්වාදුන් 109 උපකාරක දුරකථන අංකය ඇසුරුමේ සටහන් කර ඇති විශේෂ Eva සනීපාරක්ෂක තුවා නිෂ්පාදන එළිදැක්වීමයි. මෙම වැඩසටහනේ දී Eva ආයතනය සමාජ සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා හා කාන්තා කාර්යාශයේ නිලධාරීන්ට සංකේතාත්මකව අදාළ විශේෂ Eva නිෂ්පාදන බෙදාදීම ද සිදුවිය.

  මෙම මූලිකත්ව වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ ICL බ්‍රෑන්ඩ්ස් හී ප්‍රධාන විධායක නිලධාරී රොනී චාකෝ මහතා, “අනාගත පරම්පරාව බලගන්වන්නට අධ්‍යාපනය විශේෂ කාර්යභාරයක් ඉටුකරන බව අපි විශ්වාස කරනවා. තමන්ගේ ශරීරය පිළිබඳව නිවැරදි දැනුම සහ එහි වෙනස්වීම් පිළිබඳව මනා අවබෝධය ලබාදීම තුළින් තාරුණ්‍ය දැනුවත්කිරීම හරහා වැඩිවියට පැමිණීම, ආර්තවය සහ කාන්තා සෞඛ්‍ය පිළිබඳව සමාජයේ පවතින් දුර්මත ඉවත්කර නිවැරදි මාවත පෙන්වාදිය හැකිබවත් අප විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුළ දැනුවත් සමාජයක් සහ සහයෝගීත්වයෙන් ශක්තිමත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් නොකඩවා ඉදිරියට යන අපේ ක්‍රියාවලියේ එක්තරා සංධිස්ථානීය මොහොතක් ලෙස මෙම සුවිශේෂී මූලිකත්ව වැඩසටහන හඳුන්වන්න පුලුවන්.”

සිසු දැරිවියන්ට තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව අත්‍යවශ්‍ය දැනුම ලබාදීම පමණක් නොව එය මතක සිටින වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් වඩාත් සහසම්බන්ධිත සහ ක්‍රියාකාරී ආකෘතියකින් මෙම වැඩසටහන සමන්විත වෙයි. අධ්‍යාපනික රසාස්වාදී වීඩියෝ පෙළක් හරහා වැඩිවියට පැමිණීම වැනි සංකීර්ණ සෞඛ්‍ය විෂයක් වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකි සහ සමීප විෂයක් බවට පත් කරයි. එමෙන්ම ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ සංකල්ප ලේසියෙන් වටහා ගැනීමට හැකිවන ලෙස සරල සහ අවබෝධාත්මක භාෂාවකින් ලියා ඇති පොත් පිංචක් ද සකස් කර තිබේ. මීට අමතරව දීප ව්‍යාප්ත කථික තරගාවලියක් හරහා කාන්තා ගැටළු සහ ආර්තවය පිළිබඳ සමාජ දුර්මත පිළිබඳව සුචාරවත් සංවාදයක් සිසුන් අතර ඇති කිරීම මෙම වැඩසටහනේ තවත් එක් අපේක්ෂාවකි. මෙවැනි මාතෘකා පිළිබඳව තරුණ කොටස් අතර විවෘත සංවාදයක් ඇති කිරීම සහ අවබෝධය වර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම වැඩසටහනට සහභාගී වන සියලු සිසුන්ට සංකේතාත්මක සමරුවක්ද පිළිගැන් වෙයි.

“Eva දැනමුතු දරු-දැනගෙනම ලොකු වෙමු” හරහා Eva ආයතනයෙ හී අරමුණ වෙන්නේ ආර්තවය සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව තිබෙන සමාජ දුර්මත සහ මිත්‍යාවන් කඩාබිඳ දමා වඩා නිවැරදි දැනුම සහ අවබෝධය ලබාදීමයි. එසේම ලිංගික අඩත්තේට්ටම් වලට එරෙහිව දරුවන්ට තමන්ගේ හඬ අවදි කිරීමට අවශ්‍ය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන අතර, ගර්භණීභාවය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම මගින් වඩාත් වැදගත් කරුණු කෙරෙහි සවිස්තරාත්මක දැනුම් ගොඩනැංවිමක් සිදු කරයි.

International Cosmetics (Pvt) Ltd. (ICL) හී ප්‍රමුඛතම සන්නාමයක් වන Eva වසර 36ක් පුරා නොකඩවා ශ්‍රී ලාංකික වෙළඳපොලේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්වූ අතරම වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ සුවපහසුව සුරකින සනීපාරක්ෂක තුවා නිර්මාණය කිරීම වෙනුවෙන් නව්‍ය නිෂ්පාදන හඳුන්වාදීම් තම සන්නාමය වෙනුවෙන් සිදුකරයි. දිවයින පුරා කාන්තා ආකර්ෂණයක් ලබාගෙන ඇති Eva ආර්තව අධ්‍යාපනය දිරිගැන්වීමට සහ දැරියන්ගේ සහ කාන්තාවන්ගේ මනා යහපැවැත්ම මෙම වැඩසටහන හරහා තවත් ශක්තිමක් කිරීමට ඇපකැපවී කටයුතු කරයි.

ආර්තව අධ්‍යාපනය ලබාදීම සහ වඩාත් විශ්වාසනීය සහ ධනාත්මක අර්තව සමයක් ශ්‍රි ලංකාවේ දැරියන් සහ කාන්තාවන්ට අත්පත් කරගැනීමට ඔවුන්ව බලගැන්වීම වෙනුවෙන් Eva හී නායකත්වය මෙම මූලිකත්ව වැඩසටහන් හරහා මොනවට පැහැදිළි වෙයි. ආර්තවය පිළිබඳව සමාජ දුර්මතයන් බිඳදමමින් Eva විසින් විවෘත සංවාදයක් සහ අධ්‍යාපනයක් ලබාගැනීමට අවකාශය ගොඩනංවන අතර ඒ හරහා සමාජ අගතීන් වලින් තොරව කාන්තාවන්ට සහ දැරියන්ට තමන්ගේ සම්පූර්ණ හැකියාවන්ගෙන් ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවෙයි.


Share with your friend
Exit mobile version