Eyeview Sri Lanka

Evolution Auto පුද්ගලික සමාගමෙන් කොළඹට නවතම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ප්‍රදර්ශනාගාරයක්

Share with your friend

ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, මෙරට ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් යතුරුපැදි මාදිලි 2 ක් වන RV400 සහ RV400 BRZ හඳුන්වාදෙමින් කොළඹ, මරදාන පාරේ සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කරනු ලැබීය.

From L – R
Opening of the new showroom by Mrs. Anjali Rattan – Chairperson of RattanIndia Enterprises Limited, Mr. Bob Kundanmal – Chairman of Sino Lanka Private Limited, Mr. Dhiren Kundanmal – Director of Sino Lanka Private Limited

පරිසර හිතකාමී ගමනාගමන හා ප්‍රවාහන ප්‍රතිපත්තියක් කරා ශ්‍රී ලංකාව පියවර තබන ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ Evolution Auto(පුද්) සමාගමේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට

lighting of the oil lamp by Mrs. Anjali Rattan – Chairperson of RattanIndia Enterprises Limited

Rattan India Enterprises Limited සභාපතිනිය අංජලී රත්තන්, Sino Lanka Private Limited සභාපති බොබ් කුන්දන්මල්, Sino Lanka Private Limited අධ්‍යක්ෂ ධිරේන් කුන්දන්මල්, Atman Group අධ්‍යක්ෂ නාදන් සිවඥානදන් සහ Atman Group අධ්‍යක්ෂ රංජිත් ලියෝන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

නව පරපුරේ ජීවන විලාසිතාවන්ට ගැලපෙන ආකාරයෙන් කාර්යක්ෂමතාව හා සුවපහසුව ප්‍රිය කරන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලමින්, අති නවීනතම තාක්ෂණය එක්කර උසස්ම තත්ත්වයෙන්

RV400 සහ RV400 BRZ ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිර්මාණය කර ඇත. 3 kW මධ්‍ය ධාවක මෝටරයකින්

(Mid-drive motor) බලගැන්වෙන, එක් ආරෝපණයකින් කිලෝමීටර 150 ක් දක්වා ධාවනය කළ හැකි මෙම යතුරුපැදි නාගරික ගමනාගමනයට මෙන්ම දීර්ඝ ගමනාන්ත සඳහාද එකලෙස ගැලපෙයි. වේගය, කාර්යක්ෂමතාව සහ බැටරි ආරෝපිත කාල සීමාව කළමනාකරණය කරගනිමින්  Eco, City සහ Sport යන සුවිශේෂී ධාවන තත්ත්ව 3 අතරින් තමාගේ අවශ්‍යතාව අනුව තෝරාගනිමින් යතුරුපැදිය පාලනය කිරීමේ හැකියාව RV400 සහ  RV400 BRZ ලබාදේ.

කල්පවත්නා ශක්තිමත් නිමාවකින් යුතු RV400 ඉලෙක්ට්‍රික් යතුරුපැදිය අප රටේ ඕනෑම ආකාරයක මාර්ග තත්ත්වයකට මනාව ගැලපේ. එක් ආරෝපණයකින් කිලෝමීටර 150 ක දුරක් ගමන් කළ හැකි RV400 යතුරුපැදියේ සම්පූර්ණ බැටරි ආරෝපණ කාලය පැය 4.5 ක් වන අතර පැය 3 කදී 75% ක් ආරෝපණය වීම විශේෂත්වයකි. ආරක්ෂාව සහ පහසුව කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදෙමින් ද්විත්ව ඩිස්ක් බ්‍රේක්

(Dual disc brakes), ඒකාබද්ධ තිරිංග පද්ධතියක් (Combined Braking System – CBS) සහ සීරුමාරු කළ හැකි සස්පෙන්ෂන් (Adjustable suspension) RV400 ඉලෙක්ට්‍රික් යතුරුපැදියේ වටිනාකම ඉහළ නංවා ඇත.

සුවපහසුව හා කාර්යක්ෂමතාවය ඉලක්ක කරමින් නවීන තාක්ෂණය හා මුසු වූ Geo-fencing, Keyless ignition, Mobile app integration, Reverse mode සහ Real-time alerts යනාදී අධි තාක්ෂණික ස්මාර්ට් විශේෂාංග රැසකින් සමන්විත මෙම ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ විශ්වසනීය ක්‍රියාකාරිත්වයක් සහතික කරන ජලප්‍රතිරෝධී බැටරිය (Waterproof battery) සැහැල්ලු රාමුව, LED ලයිට් සහ තමාට රිසිපරිදි සකස් කළ හැකි Exhaust sounds සමග සුපිරි ධාවන අත්දැකීමක් පිරිනමයි.

හඳුන්වාදීමේ ප්‍රවර්ධන දීමනාවක් ලෙස, 2024 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා Evolution Auto (පුද්) සමාගම වෙතින් මිලදී ගන්නා ඉලෙක්ට්‍රික් යතුරුපැදි වල ඇති 72V 3.24 KWh ලිතියම් අයන් බැටරිය සඳහා 10 වසරක සුවිශේෂී වගකීම් සහතිකයක් හිමිකරගත හැකිය.

වෙළෙඳපොළේ පවතින සාම්ප්‍රදායික පෙට්‍රල් යතුරුපැදි හා සැසඳීමේදී RV400 BRZ යතුරුපැදිය නඩත්තු වියදම 70% දක්වා ඉතිරිකර දීමෙහිලා සමත්වීම, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණ පරපුරේ යතුරුපැදි සිහිනය සැබෑකරන දැරිය හැකි හා තිරසාර විකල්පයක් වේ. පසුම්බියට සරිලන පිරිවැය කාර්යක්ෂමතාවයට අමතරව, RV400 සහ RV400 BRZ යතුරුපැදි මාදිලි දෙකම කාබන් විමෝචනය අවම කිරීම හරහා දේශගුණික විපර්යාස වැළැක්වීමේ ගෝලීය ප්‍රයත්නයන්ට දායක වීමේ යුතුකම ඉටුකරයි.

RV400 සහ RV400 BRZ ඉලෙක්ට්‍රික් යතුරුපැදි හඳුන්වාදීම, Evolution Auto (පුද්) සමාගමේ කොටස් හිමි Atman Group සහ Sino Lanka Private Limited සමාගම් දෙකේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. දැරිය හැකි මිලකට අනර්ඝ තත්ත්වයේ විශ්වාසනීය ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ශ්‍රී ලාංකිකයන් වෙත තිළිණ Evolution Auto (පුද්) සමාගමේ කොටස් හිමියන් ලෙස, ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් දැවැන්තයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙපළ ද ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව්‍යකරණ වෙනසට දායකව සිටියි.


Share with your friend
Exit mobile version