මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka සමාගම සතු කැප වීම යළි තහවුරු වේ.




සෑම විටම නව්‍යකරණය සහ ගුණාත්මකභාවය ප්රමුඛ කොට සළකන එම සමාගම පසු ගිය කාලය තුළ ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇත. කළමනාකරණ අධ්යක්ෂ මහින්ද රණසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී කුෂාන් අමරසිංහ මහතා, අධ්යක්ෂ (අලෙවි සහ විකුණුම්) බුද්ධි රත්නායක මහතා, අංශ ප්‍රධානීන් සහ සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කළමනාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් තරගාවලිය දියත් කිරීමේ උත්සවය පැවැත්විණි. රැස් වී සිටි පිරිස අමතමින් කළමනාකාරිත්වය සඳහන් කළේ සමාගමේ අනාගත වර්ධනය සඳහා එක් වී කටයුතු කිරීම, කාර්යසාධනය සහ නව්‍යකරණය අතිශයින්ම වැදගත් බවයි. ගුණාත්මක නිෂ්පාදන සහ සේවා සමග සමාගමේ දැක්ම ඉදිරියට ගෙන යමින් අනාගත වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන අලෙවි කණ්ඩායම් සහ බෙදා හරින්නන් ඇගැයීම සඳහා වඩාත් සුදුසු වේදිකාව මෙම තරගාවලිය බවද ඔවුහු සඳහන් කළහ. බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින Finagle Lanka සමාගම සිය ශ්‍රම බලකාය බල ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් හඳුන්වා දී තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” තරගාවලිය සමග වඩාත් ශක්තිමත්ව එම අරමුණු ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




