Eyeview Sri Lanka

Future Minds 2025 අනුග්‍රාහකයින් එළිදැක්වීමේ උත්සවය හා 20 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Share with your friend

දශක දෙකක කාලයක් පුරා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවේ අංක එකේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය වන Future Minds, සිය විසි වසරක සන්ධිස්ථානය පසුගියදා සුවිශේෂී ලෙසින් සනිටුහන් තැබීය. ඒ, Future Minds 2025 අනුග්‍රාහකයින් එළිදැක්වීමේ උත්සවය සහ 20 වැනි සැමරුම් උත්සවය මැයි 29 වැනිදා කොළඹ Hilton Residencies හිදී උත්කර්ෂවත් අයුරින් පවත්වමිනි. Future Minds උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය සමගින් අත්වැල් බැඳගනිමින් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ වාණිජ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අනුග්‍රාහක සමාගම් මෙම සැමරුම් උළෙල සමගින් එක්විණි. 

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන මෙම සමැරුම් උළෙල එදින සන්ධ්‍යාවේ ඇරඹුණේ, ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය සබඳතා ගොඩනගා ගැනීම සංකේතවත් කරමින්, Future Minds සහ එහි නිල අනුග්‍රාහකයින් අතර සහයෝගිතා ගිවිසුමකට විධිමත් ලෙස අත්සන් තැබීමෙනි. අනතුරුව, 2025 සඳහා වූ වැඩසටහන් මාලාව හා එමගින් අත්කරගත හැකි ප්‍රගතිය ගෙනහැර දැක්වූ මාධ්‍ය හමුවක්ද පැවැත්විණි. 

මෙම සුවිශේෂී සංවත්සරය වෙනුවෙන්, වැඩසටහන් මාලාවක් දියත් කෙරෙන සැමරුම් වසරට මූලික අඩිතාලම දමනු ලැබුවේ, ජනවාරි මස මුලදී ගාල්ලේ  පැවති ප්‍රදර්ශනයයි. ජූ නි 6, 7 සහ 8 යන දිනවල BMICH හිදී පැවැත්වෙන Future Minds කොළඹ ප්‍රදර්ශනය සහ ජූනි 14 සහ 15 යන දිනවල මහනුවර සිටි සෙන්ටර් (KCC) හිදී පැවැත්වෙන මහනුවර ප්‍රදර්ශනය සඳහා දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම අපේක්ෂාවන් තබා තිබේ. 

මෙම වසරේ, Future Minds ප්‍රදර්ශනය සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම කීර්තිය දිනාගත්  අධ්‍යාපන ආයතන 23 ක සහභාගීත්වය තහවුරු කර ගෙන ඇත: එම ආයතන මෙසේයි. 

මෙම අධ්‍යාපනික ආයතනවලට අමතරව, තරුණ සංවර්ධනය සඳහා කැපවී‌ කටයුතු කරන ප්‍රමුඛ පෙළේ සමාගම් ද මෙම ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය සඳහා එක්ව සිටිති:

Maggi ආයතනය, Nescafé සමාගම, Munchee ආයතනය, Sanasa Life Insurance සමාගම, SLT-Mobitel, සම්පත් බැංකුව, කැපිටල් මහරාජා සමූහය, සහ විජය පුවත්පත් සමාගම එ‌ලෙස අනුග්‍රාහකත්වය පිරිනමන සමාගම් වේ. 

“කිසිවෙකු අත් නොහරිමු” (“No One Left Behind”) යන මූලික තේමාව යට‌තේ, Future Minds ප්‍රදර්ශනයෙහි සංවිධායක කණ්ඩායම් විසින් සැලසුම් කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළව, මුද්‍රිත මාධ්‍ය‌යෙන් මෙන්ම ඩිජිටල් හා ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයෙන්ද තොරතුරු ප්‍රචාරය කරන ලදී. එම තේමාවෙන්  විදහා දක්වන්නේ, සෑම අනාගත සිසුවකුටම උසස් අධ්‍යාපනයට පිවිසීමේ ඉඩකඩ, දැනුවත් කිරීම මෙන්ම අධ්‍යාපනික අවස්ථාවන් උදාකර දීම ප්‍රදර්ශනය මගින් සිදුකෙරෙන බවයි.   

මෙහිදී, Future Minds 2025 ප්‍රදර්ශනයට අදාළ වෘත්තීය මාර්ගෝපදේශද මෙහිදී විස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී. එමෙන්ම, සියලුම සිසුන් සඳහා මානසික උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන සේවා නොමිලේ ලබාදෙන බවද අවධාරණය කෙරුණු අතර, සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් නොනැවතී, ඔවුන්ගේ හැකියාවන් සහ අරමුණුවලට ගැළපෙනම අධ්‍යාපන මාවත නිවැරදිව තෝරා ගැනීමට සිසු සිසුවියන්ට උපකාර කිරිමටද මෙහි අරමුණයි. 

එහිදී කතාකළ Future Minds 2025 ප්‍රදර්ශනයේ සභාපති ඕවින් බිම්සර මහතා, 20 වසරක Future Minds උරුමය සහ එම ප්‍රදර්ශනය තුළින් ඇතිකළ බලපෑම පිළිබඳව අදහස් දැක්වීය: “දශක දෙකක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රදර්ශනයක් වන Future Minds, සාමාන්‍ය ප්‍රදර්ශනයකින් ඔබ්බට ගිය  වැඩහටහනක්. එය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ දැනුම හුවමාරු වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව පුරාම සිසුන් දහස් ගණනක‌ගේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සිසුන්, අධ්‍යාපනඥයින්, මූල්‍ය ආයතන සහ වෘත්තීය උපදේශකයින් එයින් සම්බන්ධ කර තිබෙනවා.”

සංවත්සර සැමරුම් උළෙල පැවැත්වුණු සන්ධ්‍යාවේදී, Future Minds අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණ සන්ධිස්ථාන පිළිබිඹු කෙරෙන විඩි‌යෝවක්ද ප්‍රදර්ශනය කෙරුණි. 2005 වසරේ මෙම ප්‍රදර්ශනයේ ආරම්භයේ සිට ඉකුත් වසර ගණනාවක් පුරාම එය අඛණ්ඩව මෙහෙයවන ලද දැක්ම හා නායකත්වය සංකේතවත් කරමින් හිටපු සහාපතිවරුන් විසින් කේක් කපා එම සුවිශේෂී අවස්ථාව සැමරීමද එහිදී සිදුකෙරිණි.  

Future Minds ප්‍රදර්ශනය හරහා අනුග්‍රාහක ආයතනවලටත් සියලු පාර්ශ්වකරුවන්ටත් පොදු මෙහෙවරක් වෙනුවෙන් ඒකරාශී වීමේ අවස්ථාව උදාකරමින්, සැමරුම් උළෙලෙහි කටයුතු විධිමත්ව අවසන් වූයේ, අනුග්‍රාහක චෙක්පත් භාරදීමෙන් හා ස්තූති කතාවකින්ද අනතුරුවය. එම සුවිශේෂී සන්ධ්‍යාව අවසානයේ ක්ෂේත්‍රයේ සබඳතා වැඩි දියුණු කිරීමට ඉවහල් වන කොක්ටේල් සාදයක්ද පැවැත්විණි. 

ඔබේ හෝ ඔබේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඊළඟ පියවර සඳහා, ” Future Minds 2025″ ප්‍රදර්ශනයට මගනොහැර එක්වන්න:


Share with your friend
Exit mobile version