Eyeview Sri Lanka

Gamer.LK විසින් මෙරට තරුණ ප්‍රජාව එක් කරවමින් කොකා-කෝලා විසින් බලගන්වන Play Expo සහ Colombo Comic Expo එළැඹෙන සතිඅන්තයේදී

Share with your friend

කොකා-කෝලා බලගැන්වීමෙන්, Gamer.LK විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ, gaming සහ පොප් සංස්කෘතික උළෙල වන Play Expo සහ Colombo Comic Expo 2024 මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතයි.

‘Play Expo යනු gaming සහ පොප් සංස්කෘතිය පමණක් නොවේ – එය ශ්‍රී ලංකාවේ  දක්ෂතා සහ නිර්මාණශීලීත්වය සැමරීමකි,’ Gamer.LK හි ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා පවසයි

මෙවර Play Expo සහ Colombo Comic Expo 2024,  දෙසැම්බර් 7 සහ 8 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී පැවැත්වීමට නියමිතය. දිවයිනේ ප්‍රමුඛතම නිර්මාණශීලී සහ නවෝත්පාදන වේදිකාව ලෙස සැලකෙන මෙම උළෙල, Esports ක්‍රීඩකයින්, පොප් සංස්කෘතික රසිකයින්, නිර්මාණකරුවන් සහ ඒ පිළිබඳ උද්‍යෝගිමත් තරුණ ප්‍රජාව එක් රැස්කරමින් දක්ෂතා සහ සංස්කෘතිය සැමරීමට අවස්ථාව සලසයි.

Colombo Comic Expo 2024  හිදී ශ්‍රී ලංකාව පුරා සිටින Cosplayersලා  එක්වෙමින් විශිෂ්ට නිර්මාණශීලීත්වය සහ ඔවුන්ගේ අභිලාෂයන් වේදිකාවේ ප්‍රදර්ශනය කරයි

Play Expo 2024 පුරාවට සිත් ඇදගන්නාසුළු, ජනප්‍රිය Esports ක්‍රීඩා තරඟාවලි 20 කට අධික සංඛ්‍යාවක් දැකගත හැකි අතර ක්‍රීඩකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් සහභාගීවන මෙහිදී, තරඟකාරී ක්‍රීඩා සහ සිම් රේසිං අත්දැකීම්වල රසවත් අත්දැකීම විඳගැනීමටද හැකිවනු ඇත. 2008 දී Sri Lanka Cyber Games (SLCG) ලෙස ආරම්භ වූ Play Expo මේ වන විට ශ්‍රී ලංකාවේ Esports වර්ධනයට බෙහෙවින් දායක වී තිබේ.

උපාය මාර්ගයේ  සිට ක්‍රියාත්මක කිරීම දක්වා – Esports කණ්ඩායම් ක්‍රීඩාවේදී ඔවුන්ගේ කුසලතා සහ ඒකාබද්ධතාවය පෙන්නුම් කරයි

Play Expo හි වඩා වැඩි අවධානයක් සහිත කොටසක් වන Colombo Comic Expo සඳහා cosplay නිර්මාණකරුවන් 200කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ ප්‍රියතම චරිත ලෙස නිරුපණ ඉදිරිපත් කිරීමට සුදානම් වී ඇත. දිවයිනේ විශාලතම cosplay උළෙල වන මෙහි Cosplay Ramp Walk සමඟින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය විදහාපෑම සඳහා නොයෙකුත් විශේෂාංග පැවැත් වේ.

සහභාගිවන්නන්ට ඩිජිටල් කලාව, හාස්‍යය සහ රසික ආභාෂය පිරි වාණිජමය භාණ්ඩ ඇතුළු ස්වාධීන ශ්‍රී ලාංකික නිර්මාණශිල්පින් සහ ඔවුන්ගේ කෘති ප්‍රදර්ශනයද ඇතුළුව කලාකරුවන්ගේ නිර්මාණ පිරි Artist Alley ගවේෂණය කිරීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. මෙම අවකාශය දේශීය දක්ෂතා ඉස්මතු කරන අතර, නිර්මාණකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අද්විතීය කලා කෘති රැගෙන යාමට නරඹන්නන්ට අවස්ථාව හිමිකරදෙයි.

රසිකයන්ට මෙහිදී ඔවුන්ගේ ප්‍රියතම සමාජ මාධ්‍යතුළ ප්‍රසිද්ද නිර්මාණාකරුවන් (influencers), vloggers  මෙන්ම ප්‍රධාන ධාරාවේ දැනුම බෙදාහරින්නන් ද මෙහිදී හමුවීමේ අවස්ථාව හිමි වන අතර ඔවුන් සමග අදහස් හුවමාරු කිරීමට මෙහිදී හැකියාව ලැබේ.

“Play Expo යනු ශ්‍රී ලංකාවේ තරුණ සංස්කෘතිය, නිර්මාණශීලීත්වය සහ ඩිජිටල් විනෝදාස්වාදයේ සාක්ෂියකි,” Gamer.LK හි ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය. “විවිධ ප්‍රජාවන් එක් කරන, අද්විතීය සහ සම්බන්ධකාරී ආකාරවලින් නවෝත්පාදනයන් සහ ස්වයං ප්‍රකාශනය පෝෂණය කරන වේදිකාවක් ලෙස මෙම උළෙල වර්ධනය වන ආකාරය දකින්නට ලැබීම පිළිබඳව අපි අතිශයින් සතුටු වන්නෙමු.” වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

සහභාගීවන්නන්ට නවතම gaming rigs, VR අත්දැකීම් සහ තාක්ෂණය සහ පරිකල්පනය මිශ්‍ර කරන නව්‍ය උපකරණ ඇතුළත් අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන අත්විඳීමටද මෙහිදී අවස්ථාව හිමිවේ. ඉහළම තාක්ෂණික සහ ජීවන රටා සන්නාම උත්සවය පුරාම සුවිශේෂී දීමනා සහ ප්‍රායෝගික නිරූපණ ඉදිරිපත් කිරීම මෙම ප්‍රදර්ශනයේ සුවිශේෂීත්වය වෙයි.

මේ සඳහා කොකා-කෝලා නිල සන්නාම අනුග්‍රාහකත්වය දක්වන අතර, Uber ආයතනය නිල Mobility සහකරු ලෙසත්, Scope Cinemas ආයතනය නිල සිනෙමා සහකරු ලෙසත්,  Titanite  ආයතවනය Cosplay සහකරු ලෙසත් අනුග්‍රාහක දායකතවය දක්වයි.

Play Expo 2024 පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමය සහ ටිකට්පත් මිලදී ගැනීම සඳහා  www.playexpo.lk වෙත පිවිසීමෙන් හැකියාව ලැබේ. යාවත්කාලීනවන තොරතුරු සහ ඉදිරියට වැඩසටහන් පිළිබද දැනගැනීම සඳහා Facebook, Instagram සහ TikTok හි @gamerlk  සමඟ එක්වීමෙන් අවස්ථාව හිමිවේ.


Share with your friend
Exit mobile version