ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු කරවමින්, අති නවීන තත්ත්වයේ නව බලශක්ති වාහන සඳහා වන විසඳුම් සහ යටිතල පහසුකම් සපයන සිය නවතම ව්‍යාපාර අංශය වන ‘හේලීස් මොබිලිටි’ (Hayleys Mobility) හි සමාරම්භය සටහන් කළ බව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) නිවේදනය කරන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර තිරසාර, සුහුරු සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළ ප්‍රවාහන විකල්ප සඳහා, දිනෙන් දින ඉහළ යන ඉල්ලුමට කාලෝචිත විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සිදු කර ඇත.

මෙලෙසින් ලෝකප්‍රකට මෝටර් රථ සන්නාමයන් සමඟ ඇති කරගත් සුවිශේෂී වූ හවුල්කාරීත්වයන් හරහා හේලීස් මොබිලිටි විසින්, දෙමුහුන් (hybrid) සහ විද්‍යුත් වාහන මාදිලි ඇතුළුව නව බලශක්ති වාහන මාදිලි පෙළක් හඳුන්වා දෙනු ලබයි. එමෙන්ම, තිරසාර අනාගතයක් උදෙසා වන ප්‍රවාහන පද්ධතිය ගොඩනැංවීම සඳහා විද්‍යුත් ආරෝපණ විසඳුම් ද ඒ සමඟම හඳුන්වා දෙනු ලැබීම සුවිශේෂී වේ.
OMODA, JAECOO සහ SRM වාහන මාදිලි සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස හේලීස් මොබිලිටි වෙතින් පාරිභෝගිකයින් හට නිෂ්පාදකයාගේ පූර්ණ වගකීම් සහතිකය සමඟ සහතික කළ අලෙවියෙන් පසු සේවාව සහ නියම අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව හිමිවේ.
තවද, විද්‍යුත් ආරෝපණ විසඳුම් සහ යටිතල පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන StarCharge සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය යටතේද, හේලීස් මොබිලිටි දිවයින පුරා පාරිභෝගික ප්‍රජාව වෙත විශ්වාසනීය සහ පහසු භාවිතයක් සහිත ආරෝපණ විසඳුම් සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාවද තවදුරටත් පුළුල් කරනු ඇත.
වසර 147ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන හේලීස් සමූහ ව්‍යාපාරයේ විශ්වාසය හා නවෝත්පාදනයන්ගෙන් බලගැන්වී ඇති හේලීස් මොබිලිටි, තිරසාර තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමට සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට හේලීස් සමූහ ව්‍යාපාරය දක්වන නොසැලෙන කැපවීමද මනාවට පිළිබිඹු කරයි.
හේලීස් මොබිලිටි හි නව වෙළඳ සන්නාම ලාංඡනය, හේලීස් සන්නාම අනන්‍යතාවයේ ශක්තියෙන් ආභාෂය ලබා ඇත. එලෙසින්ම හේලීස් ෆෙන්ටන්ස් වෙතින් ලබාගත් තැඹිලි පැහැය මඟින් ක්‍රියාශීලීත්වය සහ ජවය සංකේතවත් කරන අතර, ඉදිරියට ඇදෙන රේඛා තුන මඟින් චලනය, නවෝත්පාදනය සහ ප්‍රගතිශීලී, අනාගත පුරෝගාමීත්වයේ දැක්ම නිරූපණය කෙරේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක, හසිත් ප්‍රේමතිලක මහතා මේ පිළිබඳ සිය අදහස් පළ කරමින් කියා සිටියේ: “හේලීස් මොබිලිටි යනු අපගේ ව්‍යාපාර අංශයන්හි තවත් එක් නව පරිච්ඡේදයක ආරම්භයක් වන බවයි. එසේම ලොව ප්‍රමුඛ පෙළේ මෙන්ම සීග්‍රයෙන් වර්ධනය වන ගෝලීය මෝටර් රථ සන්නාම කිහිපයක් සඳහාම සුවිශේෂී ප්‍රවේශයක් හිමි කර ගනිමින්, තිරසාරත්වය සහ නවෝත්පාදනය මත ගොඩනැගුණු, විශ්වාසනීය අනාගතයක් ගොඩනැඟීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මානයක් කරා ගෙන යාම අපගේ අරමුණයි.” යනුවෙනි.
හේලීස් මොබිලිටි ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂිකා, රොෂානි ධර්මරත්න මහත්මිය, මෙම නව දියත් කිරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය: “මොබිලිටි ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස අපගේ මෙම නව ආරම්භය තුළින්, විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් සහ යටිතල පහසුකම් වලින් සවිබල ගැන්වූ ලෝක මට්ටමේ රථ වාහන මාදිලි පෙළක්ම අපගේ පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකියි. හේලීස් මොබිලිටි, අපගේ ව්‍යාපාර පෙළෙහි ශක්තිය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිවර්තනයට නායකත්වය ලබා දීමේ අප සතු දැක්මද මේ තුළින් මනාව නිරූපණය කරයි.”
මේ පිළිබඳ හේලීස් මොබිලිටි ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී, රජීව් එම්. ප්‍රනාන්දු මහතාගේ අදහස වූයේ, “අපගේ වාහන නිර්මාණය කර ඇත්තේ උසස් ආරක්ෂණ ක්‍රමවේදයන් සහ පහසු විශේෂාංග සමඟින් නවීන තාක්ෂණයන් භාවිතා කරමින්, රිය පැදවීමේදී අසමසම අත්දැකීම රියදුරන් වෙත ලබා දීමටයි. උසස් රියදුරු සහායක පද්ධති (ADAS) වල සිට වේගවත් ආරෝපණ හැකියාවන් (fast charging) දක්වා සෑම මාදිලියක්ම නිර්මාණය කර ඇත්තේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි අන්දමටයි,” යනුවෙනි.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ඉන්ධන ආනයනය සඳහා රුපියල් බිලියන ගණනක් වැය කරන අතර, රටේ සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 33%ක්ම ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වැය වේ. ඊට පිළියමක් ලෙස නව බලශක්ති වාහන (NEVs) භාවිතයට යොමු වීම තුළින්, පාරිසරික බලපෑම අවම කිරීමට පමණක් නොව, විදේශ විනිමය ඉතිරි කර ගැනීමටද සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කරන අතර, එමඟින් වඩාත් තිරසාර සහ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් අනාගතයකට දායකත්වය සැපයීමට හැකියාව ලැබේ.
හේලීස් මොබිලිටි, මෙම නවතම ප්‍රවේශය සඳහා ප්‍රමුඛත්වය ලබා ගනිමින් පාරිභෝගිකයින්ට හුදෙක් සිය වාහන සිහිනය සැබෑවක් කරගැනීමට පමණක් නොව, ප්‍රවාහනයේ මීළඟ යුගය ගවේෂණය කිරීමට, අත්විඳීමට සහ වැළඳ ගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙලෙස හඳුන්වාදෙන, එහි සෑම වාහන මාදිලියක්ම වගකීමෙන්, විනිවිදභාවයෙන් සහ රජයේ රෙගුලාසි වලට පූර්ණ අනුකූල බවින් යුතුව පාරිභෝගිකයින් වෙත ලබා දෙන අතර, එමඟින් අඛණ්ඩතාව සුරකිමින් නව්‍යකරණය සඳහා වන නොසැලෙන කැපවීමද පිළිබිඹු වේ.
වැඩිදුර තොරතුරු සඳහා හේලීස් මොබිලිටි ක්ෂණික ඇමතුම් අංකය වන 0112 222 222 අමතන්න.