Eyeview Sri Lanka

HBO MAX  ආසියා පැසිෆික් කලාපයේ නව වෙළෙඳපොල 14ක් දියත් කරමින් සිය ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් ඉදිරියට ගෙන යයි

Share with your friend

Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන  එළඹෙන ඔක්තෝබර් 15 වන දින බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. එම සේවාව දියත් කරනු ලබන සම්පූර්ණ වෙළෙඳපොල ලැයිස්තුව මෙතනින් දැනගත හැකිය. 

HBO Max යනු q HBO, Harry Potter, the DC Universe, Cartoon Network, Max Originals සහ විශිෂ්ට බොලිවුඩ් චිතපටයන්හි මෙන්ම Discovery, TLC, AFN, Food Network, ID* සහ HGTV යන ලොව ප්‍රමුඛතම විනෝදාස්වාද සන්නාමයන් රැසක නිවහන වේ.  

HBO Max දියත් කිරීමෙන් පසු HBO හි නවතම කතා මාලාව වන IT: Welcome to Derry දියත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. Stephen King ගේ “IT” නවකතාව පදනම් කර ගනිමින් IT: Welcome to Derry නිර්මාණය කර ඇති අතර IT හි දෙවන කොටස චිත්‍රපට නිෂ්පාදක Andy Muschietti විසින් නිර්මාණය කර ඇත. මෙම කතා මාලාව සඳහා Taylour Paige, Jovan Adepo, Chris Chalk, James Remar, Stephen Rider, Madeleine Stowe, Rudy Mancuso සහ Bill Skarsgård රංගනයෙන් දායක වේ.

තවද HBO Max විසින් සිය රසිකයින් වෙත Superman, Sinners සහ Final Destination Bloodlines වැනි ජනප්‍රිය හොලිවුඩ් කතාංගයන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර  සංස්කෘතික කතාංගයන් වන  House of the Dragon, The Last of Us, The Penguin සහ The Pitt වැනි නිර්මාණ රැසක් HBO සහ Max Originals වෙතින් ඉදිරිපත් කරනු ඇත. එසේම The Paper සහ MobLand^ මෙන්ම Gold Rush, Deadliest Catch සහ 90 Day Fiancé. Family favorites වැනි විශිෂ්ට කතා මාලාවන් ද මේ යටතේ රස විඳීමේ අවස්ථාව උදා වේ. එසේම මේ තුලින් Adventure Time, We Bare Bears, Tom and Jerry සිට The Wonderfully Weird World of Gumball දක්වා පවුලේ සැමට රස විඳිය හැකි නිර්මාණ රැසක්ද ඉදිරිපත් කෙරේ.

එළඹෙන ඔක්තෝබර් 15 වන දින සිට රසිකයින් හට පහසුවෙන් තමන් කැමති නිර්මාණයන් රස විඳමේ අවස්ථාව HBO Max උදා කර දී ඇත්තේ අසීමිත සෙවීම් ඇතුලු පහසුකම් රැසක් ඔවුන් වෙත ලබා දෙමිනි. විශේෂයෙන් විශිෂ්ට චරිත 5ක් දක්වා නිර්මාණය කිරීමේ ඉඩසලසා දී ඇති එහිදී සෑම චරිතයක්ම ප්‍රියතම චරිතයන් ලෙස යොදා ගැනීමට හැකි වන අතර තමන්ගේ නැරඹීමේ පුරුදු මත අන්තර්ගතයන් අවබෝධ කර ගැනීමේ හැකියාවද පවතී. එමෙන්ම තමන් කැමති අන්තර්ගතයන් ගබඩා කර ගනිමින්, නතර කළ තැන සිට නැවත නැරඹීමේ හෝ ඩවුන්ලෝඩ් කර ගැනීම සමඟින් නැවත ආරම්භ කිරීමටද මෙහිදී හැකියාව උදා වේ. එහිදී පවුල් සාමාජිකයින්ගේ ඒ ඒ වයසට ගැලපෙන අන්තර්ගතයන් මෙන්ම දෙමාපිය පාලනය යටතේ ළමයින් සඳහා පැතිකඩ සකසා ගැනීමේ අවස්ථාවද මෙහි තවත් විශේෂත්වයක් වේ.

Warner Bros. DiscoveryGlobal Streaming & Games හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී JB Perrette මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “මෙම වසර ආරම්භයේදී ඕසටේ්‍රලියාවේ සහ යුරෝපයේ සාර්ථක දියත් කිරීම්වලින් අනතුරුව HBO Max තුලින් ලොව පුරා සිටින රසිකයින් වෙත අසමසම විනෝදාස්වාදයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මේ වන විට වෙළෙඳපොල 100කට වැඩි ප්‍රමාණයක් තුලින් HBO Max ලබා ගත හැකියි. 2026 වසරේදී ජර්මනිය, ඉතාලිය සහ එක්සත් රාජධානිය තුළ HBO Max හි සුවිශේෂී දියත් කිරීම් ඇතුලු තවත් බොහෝ දේ සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි. 

ආසියා පැසිෆික් කලාපයේ දියත් කිරීමෙන් පසු www.hbomax.com හරහා මෙන්ම තෝරාගත් හවුල්කරුවන් මඟින් අවශ්‍ය දායකත්වය ලබා ගත හැකි අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී නිවේදනය කරනු ඇත.ගෝලීය වශයෙන් HBO Max වෙතින් ලබා ගත හැකි සම්පූර්ණ ලැයිස්තුව දැන ගැනීමට HBO Max Help Center වෙත පිවිසෙන්න.


Share with your friend
Exit mobile version