Eyeview Sri Lanka

Hemsons International සන්නාමය නව මුහුණුවරකින් අලුත් කරයි

Share with your friend

උසස්ම තත්ත්වයේ රසායනාගාර හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ප්‍රමුඛතම නාමයක් වන Hemsons International, සිය සන්නාම හැඩරුව නව මුහුණුවරකින් අලුත් කර තිබෙන බව පාරිභෝගිකයන් වෙත සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙයි. සිය සන්නාමය කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය රැක ගනිමින් සාර්ථක ලෙසින් පරිණාමය වීම හා විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම, මෙලෙස සන්නාම අනන්‍යතාව අලුත් කිරීමෙන් පිළිබිඹු කෙරේ. එමෙන්ම, වෙනස් වන ක්ෂේත්‍රයට අනුව හැඩගැසීමෙන් හා එම ක්ෂේත්‍රයේ වේගවත් ගමනක් සනිටුහන් කිරීමෙන් පමණක් නොනැවතී සාර්ථක අනාගත වර්ධනයක් අත්පත් කරගැනීම පිණිස සමාගම සාර්ථකව ස්ථානගත කිරීමද, මෙලෙස යාවත්කාලීන වන සන්නාමය තුළින් Hemsons International අවධාරණය කරයි.

ක්ෂේත්‍රයේ, 75 වසරක ඉතිහාසයක් සටහන් තබා ඇති Hemsons International, හැම විටම උසස්ම තත්ත්වයේ රසායනාගාර හා වෛද්‍ය උපකරණ වෙළෙඳපළට සැපයීම අතින් පෙරමුණ ගන්නා  සමාගමකි. ගෙවුණු දශක ගණනාව පුරාම, එහි සාර්ථකත්වයේ අඩිතාලම ලෙසින් පවත්වාගෙන ආ මූලික හරයන් එලෙසින්ම පෙරට ගෙනයන අතරම, නිෂ්පාදන අතින් වෙළෙඳපළ ප්‍රමුඛයා බවට පත්වීමට කරන ලද කැපවීම් අවධාරණය කරමින්, සන්නාමය මෙලෙස අලුත් මුහුණුවරකින් පාරිභෝගිකයින් හමුවට එයි. 

“අපේ අලුත් සන්නාමය, අනාගතය පිළිබඳව අප තුළ පවතින සුබවාදී ආකල්ප පිළිබිඹු කරන  සන්නාමයක්” යනුවෙන් අදහස් දක්වමින්, එහි කළමනාකාර අධ්‍යක්ෂ අමීර් යුසුෆලි සඳහන් කළේය. “මෙම වෙනස්කමත් සමගින් අපගේ සන්නාම හැඩරුව වෙනසකට ලක් වුණත්, අපගේ නිෂ්පාදන ඉහළම ගුණාත්මකභාවයෙන් හා විශ්වාසනීයත්වයෙන් යුතුව පිරිනමමින් පාරිභෝගිකයින් වෙත සුවිශේෂී සේවාවක් සැලසීමට ඇති කැපවීම තවදුරටත් ස්ථිරසාරව පවතිනවා. මෙම නවතම පරිණාමයත් සමගින්, සමාගමේ සාර්ථකත්වයට එක් වෙමින්, අන් කවරදාටත් වඩා පාරිභෝගික අවශ්‍යතා කාර්යක්ෂම ලෙසින් ඉටු කිරීමට හැකියාව සැලසෙනවා.” 

 “අපගේ සන්නාමය අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කරමින් සිදුකරන මෙම පරිවර්තනය, අප මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් බවට සහතික කිරීමට මුළු මහත් කණ්ඩායමම එකාවන්ව ලබා දෙන විස්මිත දායකත්වය පිළිබඳ සාක්ෂියක්.” යනුවෙන් Hemsons International හි මුල්‍ය කළමනාකරු ජේ. මුතුරාජා සඳහන් කරයි. “මෙයට සමගාමීව, අපගේ නිෂ්පාදන සම්බන්ධ නව ප්‍රමිතීන් ඇති කරමින්, ක්ෂේත්‍රයේ තිරසාර හා කැපී පෙනෙන බලපෑමක් ඇති කරන විසඳුම් පාරිභෝගිකයින්ට ලබාදීමට තවදුරටත් අපගේ අවධානය අඛණ්ඩව යොමු කරනවා.” 

මෙලෙස සන්නාමය නව මුහුණුවරකින් හඳුන්වාදීම, හුදෙක් සන්නාම හැඩරුව වෙනස් කිරීමකින් එහා ගිය පියවරක් ලෙසින්ද සැලකිය හැකිය. එය, ස්වකීය පාරිභෝගිකයන්ට විශිෂ්ටතම අත්දැකීමක් පිරිනැමීම පිණිස, අඛණ්ඩ නවෝත්පාදන සිදුකරමින්, ඉහළම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන අතරම, පාරිසරික වගකීම් පෙරදැරි සමාගමක් ලෙසින් පෙරට ඒමේ කැපවීම හුවා දක්වන්නක්ද වෙයි. අලුත් සන්නාම අනන්‍යතාවය සමගින් Hemsons International, පාරිභෝගිකයන් වෙත කාර්යක්ෂම මෙන්ම ඵලදායි විසඳුම් සපයමින්, ගෝලීය වශයෙන් මතුවන ප්‍රවණතා හා අභියෝග සඳහා සූදානම් වෙයි. 


Share with your friend
Exit mobile version