HUTCH සමාගම පසුගියදා පැවැති Dragons of Sri Lanka සම්මාන උළෙලේදී සිය නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ සන්නාමයේ ශක්තිය යළි තහවුරු කරමින් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.

අතිශය තරඟකාරී ‘Small Budget, Big Impact’ යන කාණ්ඩය යටතේ, ‘Motherhood Unboxed’ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් HUTCH සමාගම රන් සම්මානය හිමි කර ගන්නා ලදී. Ngage Strategic Alliance සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපාරය තුළින් ඉලක්කගත අරමුණක් වෙනුවෙන් තියුණු නිර්මාණශීලීත්වය ඔස්සේ අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය. මෙම ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රේක්ෂකයින් අතර ගැඹුරු කතාබහට ලක් වූ අතර, Ngage ආයතනයේ නිර්මාණාත්මක විශිෂ්ටත්වය මෙන්ම පාරිභෝගිකයින් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට සහ ක්ෂේත්‍රය තුළ කැපී පෙනීමට HUTCH සතු හැකියාව ද මෙයින් විදහා දැක්විණි.
මීට අමතරව, HUTCH සමාගම ‘Tallest Christmas Tower’ නිර්මාණය සදහා ‘Innovative Idea or Concept’ යන කාණ්ඩය යටතේ Black Dragons සම්මානයක් ද හිමි කර ගත්තේය. Thomspson Associates (TBWA) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන, නවෝත්පාදනය සඳහා HUTCH සන්නාමයේ විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කළේය. මෙම වැඩසටහන, වෙනස් ලෙස සිතීමට සහ සීමාවන් බිඳ දමමින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට HUTCH සතු හැකියාව ඉස්මතු කළේය.
මෙම ඇගයීම් HUTCH සමාගමෙහි විශ්වාසනීයත්වය සහ නිර්මාණශීලීත්වය තහවුරු කරන අතර, ඒ හේතුවෙන් එය ශ්‍රී ලංකාවේ පමණක් නොව, කලාපීය වශයෙන්ද බලපෑමක් ඇති කිරීමට සමත්වී තිබේ. මේ සමඟම, HUTCH සමාගම සිය පාරිභෝගිකයන්ට ලබා දෙන වටිනාකම මෙන්ම සහයෝගිතා ශක්තිය තුළින් ජනතාව අතර ජනප්‍රිය විදුලි සංදේශ සන්නාමයක් බවට පත්ව ඇති බව තහවුරු කරයි.