Eyeview Sri Lanka

HUTCH 2024 SLIM Digis සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලබයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH, සිය ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා පැවති SLIM Digis 2024 හිදී රන් සම්මානයක්, රිදී සම්මාන 4 ක් සහ ලෝකඩ සම්මානයක් වශයෙන් සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. HUTCH මෙවර SLIM Digis හිදී සම්මාන දිනූ එකම දුරකථන සමාගම වූ අතර, එය ඩිජිටල් ක්ෂේත්‍රයේ HUTCH සතු ඉදිරිගාමී දැක්ම මෙන්ම ප්‍රවේගකාරී වෙළඳපොළක් තුළ නවෝත්පාදනය උදෙ44444444444සා දක්වන කැපවීම මැනැවින් සංකේතවත් කළ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක. මෙම වසරේදී ‘Best Performance Marketing Campaign’ කාණ්ඩය යටතේ ප්‍රථම වරට HUTCH වෙත SLIM Digis රන් සම්මානයක් හිමි වූ අතර, එයද විශිෂ්ට කාර්යසාධනයක් වෙනුවෙන් සමාගම දක්වන නොසැලෙන කැපවීම මනාව පිළිබිඹු කරයි.

එමෙන්ම ඉක්මනින් අනුගත වීමට සහ ක්ෂණිකව පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට හැකි වීම වෙනුවෙන් ‘Best Use of Agile/Moment Marketing’ කාණ්ඩයේ රිදී සම්මානයක්ද, තම ප්‍රවර්ධන වැඩසටහන් තුළදී සාර්ථක ලෙස ඩිජිටල් හා සමාජ මාධ්‍ය භාවිතා කිරීම වෙනුවෙන් ‘Best Digital/Social Platform Integration’ කාණ්ඩයේ රිදී සම්මානයක්ද, ‘9 Apps’ සහ ‘Bill Shock’ යන වැඩසටහන් වෙනුවෙන් ‘Best Digital Marketing Campaigns in Telecom’ කාණ්ඩයේ රිදී සම්මාන දෙකක්ද වශයෙන් රිදී සම්මාන 4 ක්ද HUTCH වෙත හිමි විය. මීට අමතරව විවිධාකාර වූ පාරිභෝගික කාණ්ඩ හා සමීපව සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය තුළ කැපීපෙනෙන්නන්ගේ මැදිහත්වීම් නිර්මාණශීලී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් ‘Best Use of Creator/Influencer Content’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක්ද HUTCH විසින් දිනාගන්නා ලදි.

“ඩිජිටල් විශිෂ්ටත්වය උදෙසා මෙන්ම සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යාම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වනවා. එමෙන්ම ඒවා ඩිජිටල් අලෙවිකරණය සහ පාරිභෝගික සබඳතා සම්බන්ධයෙන් අප අනුගමනය කරන ප්‍රවේශය නිවැරදි බවට මනා සාක්ෂියක්. SLIM Digis 2024 හිදී මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක් වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සමාගමක් ලෙස අප ලබාදෙන පාරිභෝගික අත්දැකීම මෙන්ම අපගේ සන්නිවේදන කටයුතුවල කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීම අපගේ ඉලක්කයයි.”  HUTCH ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා පැවසී ය.

ගෝලීය ඩිජිටල් කර්මාන්තය  කෙරෙහි මෙම කලාපයේ බලපෑම මේ වනවිට ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින අතර, SLIM Digis සම්මාන උළෙල, එම බලපෑමට පන්නරය දෙන නවෝත්පාදන හා කුසලතා ප්‍රදර්ශනය කිරීමට මනා වේදිකාවක් සපයමින්, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන් ඇගයීමට ලක්කරයි. ව්‍යාපාර, අලෙවිකරණ සහ ඩිජිටල් යන ක්ෂේත්‍රවල සුප්‍රකට වෘත්තිකයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් එහි සම්මානලාභීන් තෝරාගනු ලබන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සම්මාන උළෙල පැවැත්වේ.

HUTCH Sri Lanka පිළිබඳව

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය. 

1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත. 

රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. 


Share with your friend
Exit mobile version