Eyeview Sri Lanka

HUTCH Sri Lanka සහ Rainforest Protectors Sri Lanka මෙරට වැසි වනාන්තර සංරක්ෂණය වෙනුවෙන් අත්වැල් බැඳගනී

Share with your friend

HUTCH Sri Lanka සහ Rainforest Protectors Sri Lanka එක් වී බලංගොඩ රජවක රක්ෂිත වනාන්තරය තුළ වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කරන අතරම දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ආයතනික මට්ටමින් මැදිහත් වීමේ වැදගත්කම පෙන්වා දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර 2025 ජනවාරි 31 දින ක්‍රියාවට නංවන ලද අතර, ඊට HUTCH සමාගමේ කාර්ය මණ්ඩලය සහ Rainforest Protectors Sri Lanka සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඊට එක් වූහ. එහිදී ඔවුන් විසින් අදාළ ප්‍රදේශයේ තුරුලතා සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා ලද අතර පැළ සිටුවීමක්ද සිදුකරන ලදි. මෙම වැඩසටහන මගින් වඩාත් දීර්ඝකාලීන යහපත් බලපෑම් ඇති වන ආකාරයට එය වසර පුරා අදියර තුනකින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.

HUTCH Sri Lanka සමාගම Rainforest Protectors Sri Lanka සංවිධානය අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, රටේ වනාන්තර ප්‍රතිසංස්කරණය කිරීම සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ගන්නා ලද වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙබඳු වැඩසටහන් සහ හවුල්කාරීත්වයන් ඔස්සේ ජාත්‍යන්තර තිරසාරත්ව ඉලක්කවලට සමගාමීව රටේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා HUTCH Sri Lanka සමාගම නිරන්තරයෙන් පියවර ගනිමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HUTCH Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර මහතා පැවසුවේ, අප සමාගමේ වගකීම හුදෙක් ව්‍යාපාර කටයුතුවලට සීමා නොවන බවත්  ආයතනික සමාජ වගකීම් යටතේ පරිසරයටත් ප්‍රජාවන්ටත් දීර්ඝකාලීන යහපත් බලපෑම් ඇතිකිරීමට පියවර ගත යුතු බවත්ය. මෙම වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වටිනාම පරිසර පද්ධති රැකගැනීම සඳහා ගත් වැදගත් පියවරක් බවත්, මේ ආකාරයට Rainforest Protectors Sri Lanka සමඟ එක් වී රටේ අනාගත පරම්පරාවන්ට වඩාත් පරිසර හිතකාමී හෙට දිනයක් තිළිණ කිරීමට හැකි වීම පිළිබඳව HUTCH Sri Lanka වන අප ආඩම්බර වන බවත් මංගල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර Rainforest Protectors Sri Lanka සංවිධානයේ කැඳවුම්කරු සහ ප්‍රධාන සංවිධායක ජයන්ත විජේසිංහ මහතා පෙන්වා දුන්නේ, රජවක රක්ෂිත වනාන්තරය අතිශය වැදගත් ජෛව විවිධත්ව කලාපයක් වන අතර එය ප්‍රතිසංස්කරණය කිරීම එම ප්‍රදේශයේ පාරිසරික සමබරතාව ආරක්ෂා කිරීම සඳහා අතිශයින් වැදගත් වන බවයි. HUTCH Sri Lanka වැනි සමාගමක් සමඟ අත්වැල් බැඳගැනීම මගින් මෙබඳු ව්‍යාපෘති වඩාත් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට තමන්ට හැකි වන බවත්, අනාගත පරපුර වෙනුවෙන් රටේ වැසි වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රය වෙතින් ලැබිය යුතු දායකත්වය සඳහා මෙම හවුල්කාරීත්වය මනා ආදර්ශයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාවේ පරිසරය රැකගැනීමේ උත්සාහයන් සඳහා ඉදිරියේදී තවත් පාර්ශ්වයන් සම්බන්ධ කරගැනීමට HUTCH Sri Lanka සමාගම බලාපොරොත්තු වන අතර, ඒ වෙනුවෙන් තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් මෙරට සමාගම්, ආයතන, සංවිධාන සහ මහජනතාව ඇතුළු සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

HUTCH Sri Lanka පිළිබඳව

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය. 

1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත. 

රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. 


Share with your friend
Exit mobile version