ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩාය සමඟ ගොඩනගා ගත් නොබිඳුණු ශක්තිමත් සහයෝගීතාවයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස නැවත වරක් ඉදිරිපත් විය. දශක ගණනාවක් පුරා පවත්වාගත් සහයෝගීතාවයේ මනා පිළිබිඹුවක් ලෙස ලබාදෙන මෙම සාදර අනුග්‍රහය තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා Signature ආයතනය අතර විශ්වාසය මනාව පිළිබිඹු වෙයි.
1996 ලෝක කුසලානය සහ 2014 T20 ලෝක කුසලානය යන ජයග්‍රාහී තරගාවලි තුලදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස දිගින් දිගටම කටයුතු කරීමට Signature ආයතනයට හැකි විය. එසේම පිරිමි විලාසිතා නිර්මාණය කිරීමෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා ක්ෂේත්රයට සාධනීය බලපෑමක් ඇතිකිරීමේ පුරෝගාමි සන්නාමයක් ලෙස සුවිශේෂී වටිනාකම් තම ක්ෂේත්රයට එකතු කිරීමේ පෙරමුණ ගැනීමට ඔවුන් කටයුතු කළේය. සැමදා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමට ඉදිරිපත් වන Signature ඒ හරහා ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාලෝලීන්ව ද ප්රමෝදයට පත් කිරීම ඉලක්ක කරමින් විශිෂ්ටත්වයේ නව මානයන් සොයා යයි.
තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත යන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට විශ්වාසයෙන් යුතුව මනාව හැඳ පැළඳගෙන ජයග්රාහි පෞරුෂයකින් ඉදිරියට යන්නට අවශ්‍ය ඇඳුම් නිර්මාණය කරන්නට Signature ආයතනය පුරෝගාමී වී තිබේ. 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය ජූනි පළමුවැනිදා ආරම්භ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ජුනි 3වැනිදා දකුණු අප්‍රිකානු කාණ්ඩායම සමග පැවැත්වෙයි. අපේ කණ්ඩායම තරගාවලියේ ඉහළ සාර්ථකත්වයක් ලබාගැනීමට විශ්වාසයෙන් ඉදිරියට යමින් තරගාවලියේ සැබෑ ජයග්‍රහණ අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කරයි.
Signature ආයතනයේ අධ්යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා මෙම සුවිශේෂී සහයෝගීතාවය පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වීය,“ 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරු ලෙස නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතුවීමට ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය හරහා අපේ දිගු කාලීන බැඳීම සහ වටිනාකම් බෙදාගැනීමේ පුරුද්ද තවත් ඉස්මතු වෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත්ව ඉදිරියට එන විට ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන සහයෝගය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ තත්ත්වයන් ඉහළට ඔසවන්නට අපි දිගින් දිගටම කැපවෙනවා. තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නායකත්වය දරන අපේ ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් අපි සුබ පතන අතරම ඔවුන්ට කුසලානය අපේ රටට ගෙන එන්නට හැකියාව තියනවා කියලා අපි විශ්වාස කරනවා.”
1990 වසරේ දී හඳුන්වාදුන් Signature සන්නාමය සාමාන්‍ය ඇඳුම් (casual wear) සහ කාර්යාල ඇඳුම් (formal wear) කාණ්ඩ තුළ අගය එකතු කිරීමෙන් සහ විලාසිතා හඳුන්වාදීමෙන්, පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස් තාරුණ්‍යයේ සන්නාමය ලෙස ඉදිරියට පැමිණ විලාසිතාවලට කැමති ශ්‍රී ලාංකික පිරිමි පාර්ශවය අතර ඉහළ පිළිගැනීමක් අත්පත් කරගෙන තිබේ. මෙම සන්නාමය තුළින් formal, ceremonial, smart casual, casual, linen, party wear, suits, shirts, blazers, trousers, denim සහ accessories එකතුවක් පාරිභෝගිකයන්ට හඳුන්වාදී ඇත. එසේම පිරිමි පාර්ශවයේ විලාසිතාවන්ගේ වටිනාකම තවත් ඉහළ නැංවීමට විශාල පරාසයක පැතුරුම් සම් පාවහන් නිෂ්පාදන සහ පිරිමි පැළඳුම් ආයිතම ගණනාවක් හඳුන්වාදීමට Signature මූලිකත්වය ගෙන ඇති අතර සෑම ඇඳුමක්ම පැළඳුමක්ම නිවැරදි විලාසිතා ආකෘතියකින් මනා පරිපූර්ණත්වයට පත් කිරීමට ඉවහල් වී ඇත.
සෑම මිනුමක්ම ඉහළ නිරවද්යතාවයක පවත්වා ගනිමින් වඩාත් උසස් විලාසිතාවේ නිපැයුම් හරහා සියලු දෙනාගේ අභිමානය ඉහළ නැංවීමට Signature දිර්ඝ කාලයක් කැපවීමෙන් කටයුතු කළ අතර ලංකාවේ පිරිමි පාර්ශවය අතර ඉහළම නමක් දිනාගත් සන්නාමය බවට පත්වීමට නොනවතින කැපවීම ඉවහල් විය. රටපුරා විසිරි ඇති සුවිශේෂී ශාඛා ජාලය සහ රටේ ඕනෑම තැනකට ගෙනැවිත් භාරදීමේ පහසුකම් සහිත https://signature.lk ඔන්ලයින් අලෙවි ඩිජිටල් අවකාශය හරහා නියම පිරිමි විලාසිතාවන් සොයන, අභිමානයෙන් ඉදිරියට යන ශ්‍රි ලාංකික පිරිමින් අපේක්ෂා කරන සන්නාමය බවට පත්වීමට Signature සමත්වී තිබේ.